IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති

(රංජන් කස්තුරි)

උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින්  ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් අද පෙරවරු 9 සිට පස්වරුව  දක්වා සේවයෙන් ඉවත්ව සිටි අතර ඔවුහු මහ බැංකුවේ ශ්‍රවණාගාරය අසල පිහිටි ශාලාවකට රැස්වී එම වෘත්තීය සමති ක්‍රියාමාර්ගයේ  නරත වූහ.

එම පිරිස වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුර දහවල් මහ බැංකුව ඉදිරිපිට මාර්ගයට පැමිණ එම මාර්ගය දෙපස කලු කොඩි හා කලු පටි ඔසවූ අතර එහිදි එම ස්ථානයට ආ පොලිස් නිලධාරීහු ඒවා ඉවත් කළහ. 

එම සිද්ධියත් සමග බැංකු සේවකයන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් හට ගත්තේය

ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද දහවල් කෑම පැයේ විරෝධතාකරුවන් අතර පැමිණ  විරෝධයට සහාය දක්වන බව ප්‍රකාශ කළහ. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (13)

උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති

සඳුන් Wednesday, 25 January 2023 04:42 PM

බැංකුව බිංද මහ හොරා නිදැල්ලේ ........ පාඩුව පියවන්න සේවකයන්ට නැට්ටටම බදු ගහනවා.

:       0       0

sampath Wednesday, 25 January 2023 04:44 PM

මහ බැංකුවට පහසුවෙන් යන්න පුළුවන්ද? ඒකෙ සේවකයින්ට විශ්‍රාම වැටුප සහ අර්ථසාධක යන දෙකම හිමියි නේද? අනික් අතට මේ විනාශයට මුල මහ බැංකුවම නේද? දේශපාලකයින් කියන අයගේ වැටුප් නතර කිරීමයි කළ යුතු...

:       3       45

අරවින්ද මොණරවිලWednesday, 25 January 2023 08:53 PM

මහ බැංකුවට විතරක් නොවෙයි, හැමරාජ්‍ය ආයාතනයකටම එහෙම ලේසියෙන් යන්න බැහැ... දේශපාලන දැන ඇඳුනුම් හා පක්ෂපාති බව අනුවයි රැකියා ලැබෙන්නේ... මේ විනාශය වග කියන්න ඕනෑ මහබැංකුව නොවෙයි, ඒකේ මුල්පුටුවට වරින්වර පත් වුණු දේශපාලන හොරුයි...

:       1       5

ජගත් ලියනගේ Wednesday, 25 January 2023 05:50 PM

පොලිසියේ නිලධාරිමහත්වරුනි. මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ ඇඟ අමාරුවට නොවේ. ළමයින්ට ටියුෂන් යවන්න, පොතක්පතක් අරන් දෙන්න, ලෙඩකදී බෙහෙත් අරගෙන දෙන්න බැරිවුණාම වගේ දේවල් කරන්න බැරිවුණාම තියන වේදනාවකට... ඔබලාට හිත උණුවෙන්නේම නැත්ද දෙයියනේ?

:       13       42

සිල්වා Wednesday, 25 January 2023 08:29 PM

චන්දයක් කිට්ටු වෙනකොට උද්ඝෝෂණ වැඩවර්ජන ඇති වීම ශ්‍රී ලංකාවේ සුපුරුදු දෙයක්. සමහර පක්ෂ චන්ද ටික ඩැහැගත්තට පස්සේ ඔක්කොම ඉවරයි.

:       4       0

Rohana Wednesday, 25 January 2023 06:04 PM

වැටුපට බදු අයකරනවා කියලා මෙහෙම සේවකයින්ගේ රීරි මාංශයම උරාබොන බද්දක් වෙන කිසිම ආණ්ඩුවකින් පනවලා නෑ. වැටුපෙන් සම්පූර්ණ ණය ගත් සේවකයෙකුගේ මේ මරන්කන බද්ද අයකළාම ඉතුරුවෙන්න දෙයක් නෑ. එතකොට අත්‍යාවශ්‍ය දේවල්වලට වියදම් කරන්න මුදලක් ඉතුරු වෙන්නේ නෑ. එහෙම වුණාම පවුලක් ජීවත් කරවන්නේ කොහොමද? මෙය පාලකයින් විසින් අනුකම්පා විරහිත ලෙස පනවන ලද බද්දකි.

:       10       32

Muthu Wednesday, 25 January 2023 06:20 PM

මේ යන විදියට මිනිස්සු කියන්න පටන් ගනන්වා, අනේ කොහොම හරි කබ්රාල්ව ආයිම මහා බැංකුවට ගෙන්න කියලා. ඩොලර් එක හිර කරලා පිළිකා රෝගීන්ටත් බෙහෙත් ගෙන්න ඩොලර් නැති රටක, අපි කියනවා දැන් අපි ස්ථාවරයි කියලා. මෙච්චර කැමැත්තෙන්ම රැවටෙන වෙන මිනිස්සු ඉන්න වෙන රටක් තියේද. වෙළඳ පොළ ආර්ථිකේ ඩොලර් ඇතුලේ හිර කරලා. රස්සා නැති වෙනවා. බිස්නස් වැහෙනවා. අම්මල තාත්තලා ගඟේ මුහුදේ පැනල මැරෙනවා දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව. බිස්නස් පාඩුවෙලා, බිස්නස් කාරයෝ දිවිනසා ගන්නවා. ආර්ථික ඔරලෝසුව බලෙන් අනික් පැත්තට කරකවලා, මේකයි හරි වෙලාව කියලා, වෙලාව පෙන්නලා වැඩ තියේද.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 January 2023 07:49 PM

ජනතාව කබලෙන් ලිපට ඇද දමන බදු දමා ඔවුන්ගේ රීරි මාංශ කන දේශපාලුවන්ට දූෂිතයන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කිරීම කළ නොහැකි වන්නේ ඇයි. ?

:       0       0

ganegoda Wednesday, 25 January 2023 09:19 PM

බද්ද විතරක් නෙමෙයි .මුළු වැටුපම කපලා දාන්න ඕනේ .මේ වගේ ආණ්ඩුවක් පත් කරගත්තාට

:       0       4

Lalla Wednesday, 25 January 2023 09:38 PM

උන්ට ගෙවන්න බැරි බද්ද මහජනතාව ගෙවන්න? මෙතෙක් කල් එහෙම තමා සිදුවුනේ.

:       0       4

Demuni Uduwara Thursday, 26 January 2023 04:48 AM

බදු නැති කළ සහ විදේශ විනිමය අහිමි කළ අය අත්අඩංගුවට ගන්න!

:       0       2

gamlath Friday, 27 January 2023 07:57 AM

බදු මුදලින් හැමෝටම නිදහස් ලෙස ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන්... එහෙම බැරි කාලකණ්ණි අනුන්ගේ බදුවලින් පිනට කන්න බලන් ඉන්නවා.. ඉස්සෙල්ලා 225 අඩුම 50 කට අඩුකරන්න. කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා අදායම් ලබන තැනක් කරන්න. පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න...

:       0       0

ajith Saturday, 28 January 2023 05:23 PM

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි දීමනා නොමිලේ ලැබෙන්නේ නැහැ. රටේ මිනිසුන් ඒ පහසුකම් සඳහා බදු ගෙවන්ට පුරුදුවිය යුතුයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site