(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු. 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය කරගන්නට අපි සමත් වුණා.ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.
රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.
රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.
රු 350,000ක් වැටුපක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්
වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික න
නොබෝදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවර
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මහවැලි ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙළෙඳ වාණිජ, ආහාර, ස
කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම
තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
උපයන විට බදු සීමාව ඉහලට
පිටරටවැසියා Wednesday, 18 December 2024 01:42 PM
පළපුරුදු කට්ටියට දැන් තනි ඇහැට ඇඬේයි...
Hamu Wednesday, 18 December 2024 02:05 PM
මෙකට අනුමැතිය දුන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා මෙයා අනුන්ගේ වැඩ තමන්ගේ කරගන්නවා
randil dunuwilleWednesday, 18 December 2024 02:28 PM
හාමුට කොහොමත් රිදෙනවා.
රනේWednesday, 18 December 2024 02:47 PM
ඔයා කොහොමටත් දුක දරාගන්න බැරුව ඔහොම කියන බවත් හැමෝම දන්නවා. පව් අනේ!
RasiWednesday, 18 December 2024 03:31 PM
ඔබ නම් හාමු නෙමෙයි, හාමුගේ කුස්සියේ වැඩ කරන එකෙක්.
sene Wednesday, 18 December 2024 03:19 PM
මට ඕකෙන් ඇති පලක් නැහැ. මට ලක්ෂයක්වත් අදායමක් නැහැ. මට එන කුඩා පොලියෙමුත් 5% කපනවා, අත්‍යවශ්‍ය බඩුමිල නැවත ඉහළට, බෙහෙත් ඉහළට මේදෑට හා වඩන ඈයෝ අපිට කොරන්නේ සරදමක්. මේක පාන් නැත්නම් කේක් කාපන් කී වැනිය. අද ලංකාවේ ලක්ෂ 11/2 වඩා පඩී ගන්න ඈයෝ ?
ranjith Wednesday, 18 December 2024 04:14 PM
හොඳ වැඩක්. රට අමාරු තත්වයක සිටිය දී දෙන මෙවැනි සහන අගය කරමු.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 18 December 2024 04:26 PM
ගෝඨාභයගේ කාලේ 250,000 දක්වා බදු නැහැ. රනිල් ඒක 100,000 දක්වා අඩු කරා. පස්සෙ අයි.එම්.එෆ් එකත් එක්ක එකඟ වුණා. 150,000 කරන්න(ජනාධිපතිවරණයට කලින්) අනුර දිසානායක ජනාධිපතිවරණයේ දී පොරොන්දු වුණා 200,000 කරන්න. ඒ අනුව රනිල්ගේ එකඟතාවය හැර වෙන එකඟතා නැහැ කියන එක තමයි අමූලික ඇත්ත.