(ඉන්දිකා රාමනායක)
උපරිමාධිකරණය සංකීර්ණයේ බිම්මහලේ ගබඩාවක ඊයේ (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ප්‍රකාශ ලබාගත් පිරිස අතර එහි ආරක්ෂක නිලධාරීන් ඇතුළු සේවකයින් සිටින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අතිරේක රස පරීක්ෂක එල් ඩබ්ලිව් ජයමාන්න, ජ්‍යෙෂඨ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව ඒ ආර් ප්‍රනාන්දු මහත්වරුන් ඊයේ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළබවද විදුලි ඉංජිනේරු වරයෙක් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් මෙම සියලු වාර්තා ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .
මෙම ගින්නෙන් එහි ලේඛනාගාරයට හෝ කිසිදු නඩු ගොනුවකට හෝ එහි දේපළකට හානියක් සිදුව නොමැති බව ද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
උපරිමාධිකරණයේ වායු සමීකරණ පද්ධතිය සඳහා භාවිතා කර ඉන් ඉවත්කර තිබු උපකරණ තිබු බවත් මෙම ගබඩාවේ මෙම ගින්න හටගෙන තිබූ බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපරිමාධිකරණ ගබඩාවේ ගින්න ගැන 31 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි
WCA Wednesday, 16 December 2020 05:40 PM
අර හිරකාරයෝ මැරුණේ ගහගෙන කියල පස්සේ 4 දෙනෙක් මැරුණේ වෙඩි වැදිලා කියල වගේ... පස්සේ කියන්නේ නැතිව දැම්ම කියන්න සෑර් අපි මුකුත් කියන්නේ නෑ.