IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


උපවාසයේ සිටින ආබාධිත රණවිරුවන් බලන්න සජිත් යයි

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවේ නිරත වී  සිටින ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මුණ ගැසීමට ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (30) පැමිණියේය.

එහිදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සමඟ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක  නිරත විය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (27)

උපවාසයේ සිටින ආබාධිත රණවිරුවන් බලන්න සජිත් යයි

Nimal Monday, 30 September 2019 07:00 AM

ඡන්ද ගුණ්ඩු...

:       1266       1416

NimalMonday, 30 September 2019 07:21 AM

අන්තවාදී නොවන්න. ඔබ යම් කෙනෙකුට පැහැදිලිවම කඩේ යන බව පෙනේ...

:       1030       1071

sisiraMonday, 30 September 2019 08:05 AM

ඔබ කඩේ නෙමේද යන්නේ... සුපර් මාකට්ද?

:       319       378

KamalMonday, 30 September 2019 08:18 AM

ඡන්ද කාලෙ කරන උද්ඝෝෂණත් ඡන්ද ගුණ්ඩුම තමයි.

:       12       214

anomaMonday, 30 September 2019 08:34 AM

ජනාධිපති මොනවා වුණත් දෙන්න කියලා කැබිනට් පේපර් එකක් දැම්මා. දෙන්න බැරිය කියලා නොදී හිටියේ මංගල, ඒ කියන්නේ මගේ ගෝලයා... දැන් එක පාරටම සල්ලි ගහක් වැව්වා වත්ද?

:       12       180

sanukaMonday, 30 September 2019 08:37 AM

සල්ලි ගහේ දළු දාලද?

:       15       75

janahitha Monday, 30 September 2019 03:44 PM

සබීතා නෝනට මිලියන විසි එකක් ගෙවන්නේ කොහෙන්ද අප්පා?

:       2       68

NissankaMonday, 30 September 2019 09:15 AM

ඡන්දයක් කිට්ටු කරලා දේශපාලන වාසි බලාගෙන තමයි පොහොට්ටුවේ වුවමනාවට මේ උද්ඝෝෂණය පටන් ගත්තේ... මේක පොහොට්ටුවේ ඡන්ද ගුණ්ඩුවක්... එයාලගේ කාලෙ දෙන්න තිබුණනේ මේ අසරණ මිනිස්සු නින්දිත විදිහට පාවිච්චි කරන්නේ නැතිව ..

:       1564       721

KANDEPOLA Monday, 30 September 2019 07:02 AM

ඡන්ද ගුණ්ඩුවක් පමණයි.

:       320       827

dumindaMonday, 30 September 2019 07:33 AM

අනිත් කෙනා ගියොත් ඒ ආදරේටද? ගුණ්ඩුවට හරි දුන්නොත් අපහු ගන්න බෑනේ.. ඒක නිසා ටිකක් බලන් ඉන්න වැට පනින්නේ නැතුව..

:       133       172

saleeth Monday, 30 September 2019 07:49 AM

අනේ මන්දා අපේ මිනිසුන්ගේ හිතේ මොනවද තියෙන්නේ මොනවද කියලා...?

:       1       3

sirimal Monday, 30 September 2019 07:50 AM

මොකද මේ පොලිස් නිලධාරින් දැම්මම සැලියුට් ගහන්නේ ? අපි නොදන්නා දෙයක් ඒගොල්ලෝ දන්නවාද ? අපටනම් දැනගන්නට ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ‌ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වීමත් සමඟම ජනපති සටන වෙනත් මුහුණුවරක් ගෙන ඇති බවයි. ඒවගේම දැන් සමහරු අහන ප්‍රශ්නය වෙලා තියෙන්නේ "සජිත්ද ගෝඨාභයද වැඩිය හොඳ කියන එකට වඩා ර‌ටේ ආරක්ෂාව බාර දිය යුත්තේ වසර 27 කට ‌පෙර හමුදාවෙන් පලා ගිය පපුවේ අමාරුවකින් පෙලෙන කර්නල් ‌කෙනෙකුටද නැත්නම් පසුගිය මාසයේ හමුදාපති ලෙස විශ්‍රාමගිය ‌ජෙනරාල් ‌කෙනෙකුටද?" කියන එක බවයි පෙනෙන්නේ. ජනාධිපති පොහොට්ටුව එක්කනම් සන්ධාන ගත වෙන්නට බැරි බව කීවාට පසු දැන් නිමල් සිරිපාල ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු "පක්ෂය මොන තීරණයක් ගත්තත් අපිනම් පොහොට්ටුවට" කියා කියනවාලු. ජනාධිපති "'අද මහින්ද විපක්ෂ නායක ධූරයේත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේත් ඉන්නේ අපේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන්'" යැයි කීවිට පසුගිය කාලයේ දූෂිතයින්ට දඬුවම් දෙන්න බැරිවුනේ මොකද කියා පැහැදිලි වුණු බවත් සමහරු කියනවා.

:       126       431

NimalMonday, 30 September 2019 09:15 AM

''හලෝ සිරිමල්'' නිකන් නොදන්නා දේවල් ගැන කතානොකර ඉන්න හලෝ....

:       215       39

lal Monday, 30 September 2019 07:53 AM

දුන්නද? හරිද?

:       1       3

charith Monday, 30 September 2019 08:22 AM

අපේක්ෂක පට්ටම හම්බෙන්නම ඕනෑ වුණා. ඔතැනට ඇවිල්ලා ඒ මිනිස්සු එක්ක කතා කරන්නවත්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු..

:       61       476

සුධර්මිකා Monday, 30 September 2019 08:28 AM

ඇයි මැරෙනකම් පෙන්ෂන් දෙනවා කියලා රනිල් මැතිඳු පොරොන්දු උනානේ දැන් සති 2ට ඉස්සෙල්ලා. කොටුව ස්ටේශම ඉදිරිපිට උපවාස කරන මේ අය හවසට ජෝගි දානවා කියලා ඒ පැත්තේ අය කියනවා නේද?

:       216       105

lalithm Monday, 30 September 2019 08:46 AM

ඉල්ලන හැමදෙයම දෙන්න ඕනෙමයි කියලා නීතියක් මේ රටේ තියෙනවද? ඔය ඉල්ලන දේවල් දෙන්නේ කාගෙවත් සාක්කුවෙන් නොවෙයි. මහජන බදු මුදලින්. ඔය රණවිරුවොත් එම සීමාව දැනගන්න ඕනේ. රණවිරුවන්ගෙන් යැපෙන්නන්ට මොකුත් ජීවනෝපායක් ඉල්ලුවා නම් මීට වඩා නම්බුකාරයි නේද?

:       222       110

කමල් Monday, 30 September 2019 08:53 AM

අන්ත අසාධාරණ ඉල්ලීම්. මෙහෙම ගියොත් රාජ්‍ය සේවකයන් සියලු දෙනාම දිවි ඇති තෙක් ගෙදර ඉන්න අයටත් පඩි ගෙවන්න කියලා ඉල්ලීම් කරනු ඇත. කඩු පොලු කණ්ඩායමක් අවශ්‍ය කර තිබේ.

:       204       22

Nimal Monday, 30 September 2019 09:13 AM

සිසිර නිකන් අන්තවාදී කතා කියන්න එපා.මේ වනතෙක් ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන්න ඔය රජයේ කියන අය එක්කෙනෙක් ආවද? ඔයත් එහෙම හැගීම් වලට අයත් කෙනෙක් බව පෙනී යනවා.

:       10       36

sinidu Monday, 30 September 2019 09:28 AM

කමල් දන්නේ නැතුව ඇති මේ රණවිරුවෝ නිසා තමන් ජීවත් වෙනවා කියලා. ඔවුන්ට දිවි ඇති තෙක් නෙමෙයි. උන්ගේ ළමයි දිවි ඇති තෙක් වුණත් වැටුප් දුන්නාට පව් නැහැ. පින් පඩි ගන්න රජයේ ඔවුන්ට වඩා මේ මිනිස්සු මොනතරම් සාධාරණද? 4.00 වෙනකම් බලන් ඉන්නවා ගෙදර යන්න 3.30 ඉඳන්. මේ ටික දවස් 10-12 එකම ඇඳුම ඇඳගෙන හිටියේ පිස්සු නිසා නෙමෙයි. මේක අපේ රට නිසාය... රට ගැන හිතලා. ගෙවල්වල උන් ගැනවත් නොහිතා කමල් වගේ හැත්තක් ඉන්නා නිසා තමයි. අවුරුදු 71ක් තිස්සේ අපි දුක් විඳින්නේ. රට ගැන ආදරයක්, කැක්කුමක් නැහැ. දාලා ඉන්න පාට කණ්නාඩි ගලවලා පියවි සිහියෙන් රට දිහා බලපල්ලා අපිට අපේ රටයි ඕනේ... හොරු නෙමෙයි. ලංකාව, සිංගප්පූරුවක් කරන්න අපිට පුළුවන්. මේ කාලකන්නි දූෂිතයින්ව එළවලා දාලා නීතිගරුක සමාජයක් හැදුවාම...

:       30       503

lalithmTuesday, 01 October 2019 03:19 AM

ඔය කතා ඇත්ත වුනත් රණවිරුවන්ගේ යැපෙන්නන්ට පින් පඩි දෙන්න ඕනේ නැහැ. යැපීමට සුදුසුකම් වලට ගැලපෙන රැකියා දිය යුතුයි. සිදුවිය යුත්තේ එයයි. නිකම් සල්ලි දීමේ විපාකය කුඩු කාරයෝ , හොරු බෝ කිරීමක් විය හැකියි.

:       0       0

kamal Monday, 30 September 2019 09:42 AM

මීළඟ නැවතුම භීෂණ සමයේ අතුරුදන් වූ අයගේ පවුල් මුණ ගැසීමටයි.

:       2       45

බද්රානි Monday, 30 September 2019 01:01 PM

අවුරුදු 55න් පසුව ඔවුන්ටත් අනෙකුත් රජයේ සේවකයින්ට මෙන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. එ්ත් මොවුන් මේ ඉල්ලන්නේ දැන් ලැබෙන සම්පූර්ණ වැටුපම ලබාදෙන්න කියන එක නේද? එහෙම ක්‍රමවේදයක් ලෝකේ තියනවාද? මොවුන් මේ කරන ඉල්ලීම සාධාරණද..?

:       224       123

siriTuesday, 01 October 2019 03:56 AM

හරිම අසාධාරන ඉල්ලීමක්. දුන්නොත් ලංකාවේ ඉන්න හැම සෙබලෙකුටම එකම විදියට දෙන්න වෙනවා.

:       0       0

සමන් ඔස්ට්‍රේලියා Monday, 30 September 2019 11:48 PM

මම නම් හිතන්නේ ආබාදිත රණ විරුවන්ට ජීවිත කාලයටම වැටුප දිය යුතුයි. හා ඔවුන්ගෙන් යැපෙන අයට රැකියාවක් හෝ විශ්‍රාම වැටුප දිය යුතුයි, වයස 18 ට අඩු ළමයින්ටත්

:       0       0

Chanak los angeles Tuesday, 01 October 2019 05:04 AM

යුද්ධය අවසන් වීමත් සමග 2009 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ ‌ලේකම් ලංකාවට ආ ‌වේලාවේ ද්විපාර්ශවික ගිවිසුමක් අත්සන් කරමින් රටේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ සලසමින් රණවිරුවන් ජාත්‍යන්තරයට පවා දුන් මහින්ද රාජපක්ෂ ඊළඟට සිදු ක‌ළේ ⁣විමල් වීරවංශ ලවා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඩෙඟා නැටීමය. DIG පතිරණ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට පහර දෙමින් නීතිය නැමීම නොව කෝවේ දමා මකවන විට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ "අයිසේ තමුසෙට කවුද ඔතෙන්ට යන්න කිව්වේ, වහාම ඔතනින් යනවා" යැයි කියා DIG පතිරණට ඇමතූ හැටි අපට අමතක නැත. ඒ ගෝඨා නීතිය කෝවේ දමා මැකවූ හැටිය. කූඩාරමක් අටවා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට වැටී ලෙමන් පෆ් කමින් මාරාන්තික උපවාසයක් ඇරඹූ විමලේට තැඹිලි වතුර පොවා පණ දුන්නේ මහින්දය. රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්නට පාර කැපූ මහින්ද ඒ ගිවිසුම සමාජ කථිකාවක් වීම වළක්වා ගත්තේ මෙකී නාටකය රඟ දැක්වීමෙනි. එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කිසිදු විපක්ෂ බලවේගයකට මෙහි සත්‍ය තත්වය සමාජගත කරන්නට නොහැකි විය. ඒ එදාය. තව තවත් අවර කෙළි ඕනෑ තරම්ය.

:       151       1

Bandara Tuesday, 01 October 2019 08:22 AM

තාත්තා වගේමයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 288 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 178 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 502 3

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 226 1

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 277 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 218 1

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site