(සුජිත් හේවාජුලිගේ)
රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.
මේ අනුව සාත්තු සේවකයන්ගේ නිල ඇඳුමට CAREGIVER යන ලොව පිළිගන්නා නිල ලාංඡනයද ඉදිරියේදී එක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයිද මෙල් මහතා පවසන්නේ මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාවේ සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවයි.
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උපස්ථායක,සාත්තු සේවක වෙයි
Ahmed (Gulf) Sunday, 19 January 2025 11:53 PM
ලංකාවේ තියෙන දූෂිතම සේවය, මෙයාලා කිසි වැඩක් කරන්නේ නැහැ, රෝගීන්ගෙන් සල්ලි ගන්නවා, හොරකම් කරනවා.
B Amarasinghe Monday, 20 January 2025 04:39 AM
ජාත්‍යන්තරව පිළිගත්තත් මෙහෙ නම් කීයක් හරි නොදී වැඩක් ගන්න හරි අමාරුයි
Perera Monday, 20 January 2025 05:35 AM
ඔය අයගේ සාත්තු සේවය බොහෝ වෙලාවන්වලදී හරිම සවුත්තු සේවයක් විදියට ලැබෙන්නේ
Sriyal Monday, 20 January 2025 06:39 AM
ගැලපෙන සේවා වයවස්ථාවක් අලුතෙන්ම හැදුවෙ නැත්නම් පරණ විදියම තමයි
sakra Monday, 20 January 2025 06:51 AM
ජාත්‍යන්තරව පිළිගන්න තත්වෙට එන්න නම් මොවුන්ගේ විනය , අවංක බව වගේ දේවලුත් ඒ තත්වෙට එන්න ඕන. නැතිව නිල ඇඳුම හා ලේබලය ඇලෙව්වට ඇතුලේ ඉන්නේ පරණ සතාම නම් වැඩක් වෙන්නේ නැහැ.
Chunthana Monday, 20 January 2025 07:25 AM
තනතුරු නාමය පමණක් වෙනස්කර වැඩක් නැහැ ආකල්ප හා ක්‍රියාවන්ද වෙනස්විය යුතුය
Mahesh Monday, 20 January 2025 09:02 AM
නීල ලාංඡනය සහ නාමය හැඳුන්වා දුන්නු පමණින් ජාත්‍යන්තරයට පිළිගන්නේ නැහැ. එයට අදාළ ප්‍රායෝගික පුහුනු දැනුම ලබාගැනීමට ක්‍රියාත්මක විය යුතුයි. රෝහලකට ගිය ගමන් බුලත් විටක් අරගෙන,බීඩියක් බීගෙන ඉන්න කෙනෙක් Caregiver badge එකක් ගහගෙන ඉන්නවා දැක්කම, සුද්දෙක් එහෙම අදෝ මුකයෙන් හිනාවෙනවා. Caregiver badge එක ඉල්ලගෙන රට යනවා එහෙම නෙවෙයි. ඔන්න, මේ දවස්වල හුඟක් අය Caregiver jobs වලට රට යන්නේ. ඒ හින්දා, මෙයාලටත් දැන් තමා badge එක ඔනෑ වෙලා තියෙන්නේ.
දිමුත් Monday, 20 January 2025 10:03 AM
නම වෙනස් වුණාට විතරක් වැඩක් නැහැ. අඩුම තරමේ මිනිස්සුන්ට කාරුණිකව කතා කරන්නවත් ඉගෙනගන්න.
Lalith Monday, 20 January 2025 11:48 AM
දැනට සේවයේ සිටින අය ඔය බැජ් එක ඉස්සරහා ගහගෙන හිටියම හරියටම කිව්වොත් බුදු සරණයි කියල ඉස්සරහ ගහගෙන හොර හරක් පටවපු ලොරිය වගේම තමයි
palitha Monday, 20 January 2025 11:11 AM
සාත්තු නොවෙයි, සවුත්තු සේවක කියලයි... නම වෙනස් කරන්න තිබ්බේ. මොවුන්ට ඕක දෙන්න ඉස්සෙල්ලා කතාකරන්න කියලා දෙන්න.
අරවින්ද මොනරවිල Monday, 20 January 2025 11:26 AM
කොමෙන්ට් දාන මහත්වරුත් තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න. හැමෝටම බනිනවාට වැඩිය සුහදව හා මිත්‍රශීලිව හැසිරීමෙන් තමන්ගේ කාර්යය පහසුවෙන් කර ගන්න උත්සාහ කරන්න. මොකද රජයේ ආයතනවල සේවය කරන්නේත් ශ්‍රී ලාංකිකයන්ම තමයි. වෙනත් වචනවලින් කියනවා නම් අපේ නෑදෑයින් හො සහෝදර සහෝදරියන්ම තමයි...
Sameera Monday, 20 January 2025 12:17 PM
Nts වලට දාලා මාස 03කවත් පුහුනුවක් දෙන්න වෙයි.
Banda Monday, 20 January 2025 01:31 PM
තනතුරු නාම මොකටද බං. මුං හරියට වැඩ කරනවා නම් හැම රෝහලක්ම ඉදිරිපිට සාත්තු සේවා ආයතන පටන් ගනීවිද? දවසට 2500/- විතර ගෙවල උන්ගෙ කොන්දේසි ඔක්කොටම යටත් වෙලා තමයි ඒවයින් සාත්තු සේවකයන් ගන්න වෙන්නෙ. තනතුරු නම ගන්න කලින් තමන්ගෙ රස්සාව හරියට කරපල්ලා
ඔස්ටින් Monday, 20 January 2025 03:40 PM
බණ්ඩා හරියටම හරි... රෝහලේ සිටිද්දී කරන්නේ පුහුණුව ලැබීම පමණයි විශ්‍රාම ගියාම දවසට රුපියල් 3000/= ක් සමග කෑම බීමත් දෙන්න වෙනවා එහෙම රෝගීන් පහක් දහයක් බලාගන්නවා ඒක තමයි වෙන්නේ (මම ලස්සන කතාවක් කියන්නම් එක් රෝගියෙකුගේ නෑදෑ හෙදියක් සාත්තුවට කෙනෙක් සොයා දීලා තියෙනවා එයා කියනවා මම අහවල් පළාතේ ගෑනි මාව අතහැර ගිහිල්ලා දරුවෝ දෙන්නයි අම්මා, තාත්තා, නංගී හා මල්ලි යැපෙන්නේ මම යවන මුදලින් දිනපතා සල්ලි යවන්නම ඕනෑ.. ඒ නිසා දැන් ඕනෑ කියනවා... දවසට රෝගීන් පහයි මාසෙට දවස් 25 යි නම් ආදායම් බදුත් නැහැනේ... ඔන්න ඔහොමයි වැඩ මම කිව්වේ ජාතිකයේ දුටු දෙයක්) තනතුරු දරණ අය වෙලාවට ආහාර බෙදීම නම් කරනවා පේනවා...