(සනත් ගමගේ)
හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී කාර්යාලයේ දේපල කිහිපකට අලාභ හානී සිදුකර ඇතැයි පොලිසිය කියයි.
හම්බන්තොට ගොන්නොරුව 5 කණුව ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි මෙම පුද්ගලයා ඉකුත් 4 දා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිට ඇත.
එයට අදාළ ලේකන පුරවා භාරදිමෙන් පසුව එය ලබාදීමට ප්‍රමාද වුණැයි මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනකුගෙන් විමසීම් කර ඇති අතර නිසි ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාදය තවදුරටත් සිදුවන හෙයින් කාර්යාලය තුළට ගොස් පුටුවක් ගෙන මේසයට හා වීදුරු ජනෙල්වලට පහරදී ඇත. කාර්යාලයේ උපකරණවලට අලාභ හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් හම්බන්තොට පොලිසියට කළ දැනුම් දිමක් මත අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
දරුකමට හදාගත් වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු කෲර වධහිංසාවන්ට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අඹු - සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජී
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
උප්පැන්නයක් ගන්න ඇවිත් යකා නටලා
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Thursday, 06 March 2025 05:49 PM
මෙහෙම නොවනවා නම් තමයි පුදුමේ. මට දැන් අවුරුදු 13 වැටුප් නැහැ. ගරු අභියාචනාධිකරණ තීන්දුවකුත් දිලියි තියෙන්නේ. වසර 3 කට කලින් නඩුවේ වග අත්තර කරුවො තමයි දකුණු පළාතේ ආණ්ඩුකාරයා, අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිෂමේ ලේකම්, ප්‍රධාන ලේකම්. මේ අය දැන් අවුරුදු 3 ක් තිස්සේ එකිනෙකා අතර නීති විරෝධීව ලිපි හුවමාරු කර ගන්නවා. නමුත් නඩු තීන්දුව ගානකටවත් ගණන් ගන්නේ නැහැ. ලිපියක් යැව්වාට උත්තරයක් වත් නැහැ. මම ඉතා වගකීමෙන් කියන්නේ. මේවා විසඳලා දෙන්න වර්තමාන දේශපාලන අධිකාරියටවත් තේරුමක් නැහැ. ඒක නිසා මටත් වෙලාවකට හිතිලයි තියෙන්නේ. මෙහෙම දෙයක්වත් කරන්න. එතකොට වත් ඇස් ඇරේවි කියලා. අහිංසක මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. මම නම් නීත්‍යානුකූලව කල දේවල් ටිකක් කරලයි තියෙන්නේ... නඩු තීන්දුව ගැන විමසලා නීතිපති එකකට ලිපියක් යොමු කලේ මගේ කීමට අවුරුදු 3 ක් ගතවෙලා. එහෙමයි වැඩ. අපිට යුක්තිය ඉටු වෙන්නේ අපි මැරැණට පස්සෙ. අලුත් ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් ලිපි එවල තියෙනව. ආණ් ඩුකාරයා ඒව හංගගෙන ඉන්නව. වගකීමෙන් කියන්නේ.
රජිත Thursday, 06 March 2025 07:31 PM
ජයවීර මහත්තයාගේ සිද්ධිය මුලු දකුණු පළාතම දන්නවා. ලියන්න විගණනයට. තව ලියන්න අල්ලස් කොමිසමට. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 111 වගන්තියෙන් මේ ඕක්කෝටම වැඩේ දෙන්න පුළුවන්... ආණ්ඩුකාරයා ගැන කියන්න දෙයක් නැහැ. මිනිහා හොඳ ඩබල්ගේම් කාරයෙක්. අනික දකුණේ දේශපාලන අධිකාරියට මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. කයිය විතරයි.
අමුඩයා Thursday, 06 March 2025 05:57 PM
මෙහෙම දේවල් වෙන්නේ නිලධාරින්ගේ වැරැදි නිසා. ඒ නිසා අපක්ෂපාතී පරීක්ෂනයක් කරන්න. එතකොට තේරෙවි නිලධාරීන්ගේ හැටි. අද පවා ගව් නැත්නම් වැඩක් කරන ගන්න බැහැ...
de silva Thursday, 06 March 2025 07:28 PM
මාලිමා නොවේ මොන ආණ්ඩුව ආවත් පගාව දුන්නේ නැතිනම් ඇඳුනුම් කමක් නැතිනම්, මොකවත් කරන්නේ නැහැ... එක එක වැල්වටාරම් කියමින් මිනිස්සු රස්තියාදු කරනවා... කොළඹ නම් ටිකක් හොඳයි. නමුත් හම්බන්තොට වැනි දුෂ්කර පළාත්වල නම් කියලා වැඩක් නැහැ.. මිනිස්සු පව්... ,
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Thursday, 06 March 2025 07:51 PM
ජනාධිපතිතුමණි, ආණ්ඩුකාරවරු පත්කරන කොට නීතිය ගැන දන්නා අය පත්කරන්න. දකුණු පළාතේ පරිපාලන නිලධාරින්ට නඩු තීන්දුවක් කියවලා තේරුම් ගන්න බැහැ. මම වගකීමෙන් කියන්නේ. නඩුවෙන් පස්සේ මම නැවත සේවයේ පිහිටුවලා විශ්‍රාම යනකන් පඩිත් ගෙව්වා. එයලාගේ අවශ්‍යතාවයට මම ගෙදර නවත්තපු කාලයට මට හිඟ වැටුප් දෙන එක එයාලාගේ වගකීමක්. දැන් අවුරුදු 3 ක් තිස්සේ වගඋත්තර කරුවෝ ලිපි ලියලියා ඉන්නවා. ප්‍රධාන ලේකම් නීතිපති උපදෙස් පතලා ලියුමක් යවලා අදට දවස් 52 යි. නීතිපතිතුමාගේ වරද නොවෙයි. ඒවා කරන්න තිබුණේ... මෙයට වසර 3කට පෙර. ඔය මිනිස්සු කාර්යාලවලට ඇවිල්ලා බඩු පොඩිකරානේ දරා ගන්න බැරි නිසා... ඔය නිලධාරීන් කියන පිරිස සේවාදායකයින්ට දෙන වදය එසේ මෙසේ නැහැ. කවුරුවත් ඕනෑ නැහැ. මම දැන් නැවත සේවය කළ මාස 5 ක වැටුප යැර මේ වනවිට මාස 159 ක් කිසිම වැටුපක් නැතිවයි ජීවත් වෙන්නේ... මේක දැක්කොත් ජනාධිපතිතුමා හරි මෙවැනි දේවල් ගැන අවශ්‍ය කටයුතු කරන්න. මේ රට විනාශ කලේ එහෙම අය තමයි. නඩුත් දකුණේ දේශපාලන අධිකාරියත් මේවාට වග කියන්න ඕනෑ. මම ඉල්ලීමක් කළා දේශපාලන අධිකාරියෙන් විනාඩි 5 කට මට ආණ්ඩුකාරයා මුණ ගස්සවන්න කියලා. එතකොට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මට කරන අසාරණය...
PGPTHILAK Thursday, 06 March 2025 07:55 PM
රජයේ නිලධාරීන් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න අය මිනිස්සු රස්තියාදු කරවනවා! මේ ගැන මේ ආණ්ඩුව තවම කිසිම මැදිහත්වීමක් කලේ නෑ! වෘත්තීය සමිති මාෆියාවට ආණ්ඩුව යටවෙලා වගේ අපට තේරෙන්නේ...! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගියාට විතරක් මදි! මිනිස්සුන්ට වෙනුවෙන් පෙනීසිටිම අත්‍යාවශ්‍යයි!!
ලාල් Thursday, 06 March 2025 08:36 PM
කියලා වැඩක් නැහැ. බහුතරයක් ගන්නේ පව්කාර පඩි.
රට වැසියා Thursday, 06 March 2025 08:42 PM
අපේ රටේ රාජ්‍ය සේවාව ගැන නම් ඉතාම පිළිකුල්, අතිශයින්ම අප්‍රසන්නයි, විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවා - ආණ්ඩුවෙන් රාජ්‍ය පාලනය ගිලිහෙමින් තිබෙන බව ඉතාම පැහැදිලියි! මේ ගැන ආණ්ඩුවට එතරම් හැඟීමක් වුවමනාවක් තිබෙන බවක් පේන්නත් නැහැ! රට වැසියන් වූ අප මේ ගැන කාට නම් කියන්නද?
රවී Thursday, 06 March 2025 08:51 PM
ඔය රජයේ කාර්‍යාලවල ඉන්නේ පුටු රත්කරලා අයිස් ගහලා ගෙදර දුවන්න බලන් ඉන්න පිස්සෝ.
නිම්මි- වක්වැල්ල Thursday, 06 March 2025 09:05 PM
මේ ර ට විනාශ කලේ සී ඒ එස් කාරයෝ. මේක වෙනස් කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් කරන්න ඕනා. අඩෙුම ගානේ තමන්ට වෙන අසාධාරණයක් කෙලින්ම ජනාධිපතිතුමාට ලියන්න විදියක් හදලා දෙන්න. සී එ එස් කාරයො කරන වැරදි ඒ අයටම ලියනවා කියන්නේ හොරාගේ අම්මගෙන් නොවෙයි හොරාගෙන්ම පේන් අහනම වගේ වැඩක් . මේ සම්බන්ධයෙන් කෙලින්ම ජනාධිපති අත ගහතන්නෙ නැත්නම් මොන කොමිෂන් සභා අණ පනත් තිබුණත් නැඩක් නැහැ. මේක ආණ්ඩුවට කරන බොහොම හිතවත් පණිවුඩයක් . මේ ක්‍රමය වෙනස් නොකලොත් ලබන පාර ආණ්ඩුව පරද්දින්න ලොකුම හේතුව වන්නේ මේ සි එහ් එස් කාරයින්ගේ වැඩ බව හොඳට මතක තියාගන්න.
vernon Thursday, 06 March 2025 09:16 PM
තමන්ගේ සහතිකය ගන්න ප්‍රමාද වුනා කියලා දේපළ පොඩි කරන එක විසඳුමක්ද? ඉස්සර වගේ නෙවෙයි, කච්චේරි ගණනාවකින්ම උප්පැන්නේ පිටපත් විනාඩි ගණනකින් අරගෙන තියෙනවා. ඉස්සර බැංකුවෙන් සල්ලි ගන්න වරු ගාණක් යනවා. දැන් ක්ෂණිකව ගන්න පුළුවන්. තමන්ගේ පුද්ගලික ප්‍රශ්නවලට අනික් මිනිස්සු පළි නෑ.
Mangala Dissanayake Thursday, 06 March 2025 09:39 PM
මෙහෙම නොවුණොත් තමයි පුදුමේ, මේ රජයේ ආයතනවල බහුතරයක් හිතාගෙන ඉන්නේ මේවා උන්ගේ අම්මාගේ අප්පාගේ බුදලේ කියලා. සල්ලිකාර නෝනලා මහත්තුරුන්ට විතරයි වැඩ කරලා දෙන්නේ. දුප්පත් මිනිහෙක් ගියොත් වටේ යවනවා. කතකර්න්න දන්නේ නෑ. අයි මුන්ගේ මෙච්චර මහන්තත්වේ. හැම පුරවැසියන් බදු ගේවනවනම් සේවාව හැමෝටම එක වගේ වෙන්න ඕන. ආණ්ඩු වලට බැනලා වැඩක් නෑ , රජයේ ආයතන වලට සාමාන්‍ය මිනිස්සු ගියාම ගොඩක් අසරණයි. මුන්ට සර්, මැඩම් කිව්වේ නැත්තම් ඒත් වැඩේ වෙන්නේ නෑ....