IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා

(කේ. බුද්ධික කුමාරසිරි)

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි  උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසයි.

මෙම සැකකාරියට පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් ලබා ගත් උපාධි දෙකක් ද හිමි වන බවත් විදෙස් ගත වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස මත් ද්‍රව්‍ය අලෙවියේ නිරතව ඇති බවට අනාවරණය වූ බවද පොලිසය පවසයි.

තරුණියක් විසින් හංවැල්ල නගරයේ  අයිස් මත්දුව්‍ය බෙදා හරිමින් සිටින බවට පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. රාජසිංහ මහතාට ලද තොරතුරක් මත නිළධාරීන් කණ්ඩායමක් ගොස් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුගේ මත්දුව්‍ය ජාලය  මොහයවන හංවැල්ල ප්‍රදේශයේ බාර පුද්ගලයා සමග ඇයගේ ඥාතියකු සමීප සම්බන්ධතාවයක් පවත්වන බැවින් එම සම්බන්ධතාවය මත මෙම සැකකාරිය අයිස් මත් ද්‍රව්‍ය ලබා ගෙන අලෙවියේ නිරතව ඇති බවත් සැකකාරිය ඉගෙනුම ලැබූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ද මෙලෙස මත් ද්‍රව්‍ය විකුණා ඇති ද යන්න වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බවද හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල නගරය ආසන්නයේම පදිංචිකාරියක වන 20 හැවිරිදි  තරුණියකි.



අදහස් (5)

උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා

Lalla Sunday, 05 January 2025 11:58 AM

බහුතරය උපාධිධාරීන්ගේ හීනය. විදේශගත වීම. වැඩිපුරම කාන්තාවෝ. හරිම පිළිකුල් සහගත තීරණයක්. රටේ බදු ගෙවන්නන්ගේ මුදල්වලට කරන ලොකුම අපරාධයයි...

:       13       25

SamSunday, 05 January 2025 02:33 PM

ඉගෙන ගත්තේ එයයි, ගෙදර අයයි ගෙවපු බදු සල්ලි වලින්. ඔබේ බදු සල්ලි ගත්තේ නැහැ.

:       2       14

sugathSunday, 05 January 2025 05:29 PM

ඕක පිළිකුල් කරන්ට දෙයක් නොවේ. ඕක තමා අද රටේ යතාර්ථය. ලංකාවේ වසරකට සිසුන් 450,000 සාමාන්‍ය පෙළ ලියනවා. අවසානයේ එයින් 10% ක් පමණ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස රටේ පාසල් වලින් පිට වෙන සියලු දෙනාට අද රටේ රැකියා 450,000 ක් වසරකට බිහිවෙන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ අද බොහෝ තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු වෙනවා. එහි කිසි වැරැද්දක් නැහැ.

:       0       10

fairoos Sunday, 05 January 2025 03:28 PM

තවම වයස විස්සයි නේද? උපාධි දෙකක් තියනවා ලු

:       3       7

prasanna Monday, 06 January 2025 11:22 AM

ඔයා වගේ අය ගොඩක්ම දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 ජනවාරි මස 07 87 0

ගල්කිස්ස වටරප්පල පාරේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්කකර අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් එක් අයකු මරුමුවට පත්වී අනෙක් අය බරපතල තුවාල ලබා රෝහල් ගත කර


සැප වාහන වෙන්දේසියට නියෝග
2025 ජනවාරි මස 07 1222 0

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම්


ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි
2025 ජනවාරි මස 06 799 0

කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමු


උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි
2025 ජනවාරි මස 06 225 0

උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙ


බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා
2025 ජනවාරි මස 06 1041 0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්ත


උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට
2025 ජනවාරි මස 06 73 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසලදී පිලිපැනීමට ලක්වූ බදුල්ල මහනුවර අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරු


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 455 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 229 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 217 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site