IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

(මනෝප්‍රිය ගුණසේකර)

”ලෙජන්ඩ් ට්‍රෝෆි” ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අත් අඩංගුවට ගැනීමට නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්  නිකුත් කළේය.

මේ වනවිට විදේශගතවී සිටින උපුල් තරංග මහතා මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පතිවරයා, සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් වළක්වන අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය වැඩිදුරටත් නිකුත් කළේය.

අභියාචනාධීකරණ විනිසුරුවරුන් වන ලෆාර් තාහීර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාතලේ මහාධිකරණ විනිසුරුවරයා, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා කරුණු දක්වමින් මුදලට ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කළ පැමිණිල්ලකට අනුව මාතලේ මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් අවස්ථා දෙකකදී තම සේවාදායකයා අදාළ අධිකරණයේ සාක්ෂි දී ඇති බවත් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව ඇති බවත් කීය.

ඇමෙරිකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයා විදෙස් ගත වූ බවත් ඊට පෙර ඒ බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලිඛිතව සහ දුරකථන මගින් දැනුම් දුන් බවත් එසේ තිබියදී පසුගිය දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දීමට පෙත්සම්කරු ඉදිරිපත් වී නොමැති බව පවසමින් ඔහුට වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා උසාවියෙන් ඉල්ලීමක් කර ඇතැයිද කී නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා මුදලට තරඟ පාවාදීමේ පැමිණිල්ල කළ පුද්ගලයා වන තම සේවාදායකයා යළි ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියම කර ඇතැයිද දැනුම් දුන්නේය.

තමන් විදේශගතවන බව අදාළ බලධාරීන්ට දැනුම් දී තිබියදී මෙලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කර වරෙන්තු ලබා ගැනීම අසාධාරණ සහ අයුක්ති සහගත යැයි පෙන්වා දුන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයිද අදාළ වරෙන්තුවට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පතිවරයා, සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් වළක්වන අතුරු නියෝගයක් නනිකුත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්පිටිය පුංචි ඡන්දෙට පාට කරන ඇඟිලි මාරුවෙයි
2024 ඔක්තෝබර් මස 17 46 0

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම


ගමේ පාර හදන ප්‍රතිලාභ ගමට යා යුතුයි
2024 ඔක්තෝබර් මස 17 160 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උතුරට විටින් විට වැසි
2024 ඔක්තෝබර් මස 17 25 0

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කිය


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 5 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 17 599 0

”ලෙජන්ඩ් ට්‍රෝෆි” ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් නමැත්තාට එරෙහිව ගොනුක



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 581 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 488 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1519 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site