(අජන්ත කුමාර අගලකඩ)
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී සිදු වූ අනපේක්ෂිත ප්‍රමාදය වෙනුවෙන් ,ඇමරිකානු ඩොලර් කෝටි 18 ක (රුපියල් කෝටි 3600ක පමණ )ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නැයි ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන ෆරාබි සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී පාරසරික අනුමැතිය ,ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු යනාදියේ සිදු වූ ප්‍රමාදය,ඉරාන රජය වෙත ඇමෙරිකානු වෙළෙඳ සම්බාධක පැනවීම හේතුවෙන් වැඩ බිම්වලට යන්ත්‍රෝපකරණ ආනයනයේදී සිදු වූ ප්‍රමාදය ,බණ්ඩාරවල ප්‍රදේශය ආශ්‍රිතව උමං මාර්ගයේ සිදු වූ ජල කාන්දුව යනාදිය හේතුවෙන් ව්‍යාපෘතිය නිම කිරීමේ කටයුතු වසර පහකින් පමණ ප්‍රමාද වූ බව එම සමාගම දැනුම් දී ඇත .
2011 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් කෝටි පනස් තුනක් පමණ වූ අතර, ඉන් ඩොලර් කෝටි 45 ක් ඉරාන රජයේ EBDI බැංකුවෙන් ලබා ගැනීමටත්, ඉතිරි ඩොලර් කෝටි 8ක පමණ මුදල ශ්‍රී ලංකා රජයෙන් දැරීමටත් ගිවිසුම් ප්‍රකාරව එකඟ වී තිබේ .
මෙම ව්‍යාපෘතිය 2015 නොවැම්බර් මස 15 වැනිදාට අවසන් කිරීමට ගිවිසුම්ගතව තිබූ නමුත් ,විවිධ හේතු මත එය ප්‍රමාද වූ අතර, මේ වසර අවසන් වීමට පෙර ඒ සියලු ඉදිකිරීම් අවසන් කිරීමට ව්‍යාපෘති සමාගම එකඟතාව පළ කර තිබේ. ව්‍යාපෘතියේ සියයට 99ක පමණ වැඩ මේ වන විටත් නිම වී ඇත.
මේ අතර, ව්‍යාපෘති සමාගම ඉල්ලා සිටින ඇමරිකානු ඩොලර් කෝටි18ක පමණ වන ප්‍රමාද ගාස්තුව වෙනුවට ඇමරිකානු ඩොලර් කෝටි 4ක පමණ මුදලක් පමණක් ගෙවීම සාධාරණ බව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව රජයට නිර්දේශ කර ඇත .
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වන බැවින්, එහි වාසිය විදුලිබල මණ්ඩලයට ලැබෙන නිසා, එම ප්‍රමාද ගාස්තුව විදුලිබල මන්ඩලයේ අරමුදල් මගින් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජය යෝජනා කර ඇත.
ඒ අනුව ,අදාල ප්‍රමාද ගාස්තු ව වාරික දෙකකින් ගෙවීමට විදුලිබල මණ්ඩලයට නියම කරන්නැයි වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත .
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උමා ඔයේ අනපේක්ෂිත ප්‍රමාදයට ඩොලර් කෝටි 18ක ප්‍රමාද ගාස්තුව ඉල්ලයි
Narada Saturday, 06 November 2021 10:49 AM
ජවිපෙ ප්‍රමුඛ විරෝධතාවලට පින්සිදු වන්නට අවසානයේ අපට වන්දි ගෙවීමට සිදුවේ. මේක තමයි තිත්ත ඇත්ත.
sene Saturday, 06 November 2021 11:55 AM
මෙතන කොතනකවත් විරෝධතා ගැන කියා නැත, මේක පට්ට මෝඩ ව්‍යපෘතියක්, තිතත ඇත්ත ඒකය, නොදැන පොර ටෝක් දාන්න එපා.
Cisco Saturday, 06 November 2021 12:33 PM
මෙය හොද ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට තීන්දු තීරණ විචක්ෂණ ලෙස ක්ෂණිව ගත යුතුයි. නමුත් විරෝධතා සහ එකල නිළධාරීන්ගේ හා දේශපාලන නායකත්වයේ අකාර්්‍යක්ෂමතාවය මෙයට හේතුව ලෙස දැකිය හැක.
Upul USA Saturday, 06 November 2021 12:41 PM
"යහපාලන" රජයට පින්සිදු වන්නට මෙම ව්‍යාපෘතිය වසර 4කට වැඩි කාලයක් හිතාමතාම ප්‍රමාද විය. ව්‍යාපෘතිය හොඳ එකක් නොවුණත්, ඒවා අතරමගදී කරන ලද ව්‍යාපෘතියක් ප්‍රමාද නොකළ යුතුය, එහි ප්‍රතිවිපාක දේශපාලන පක්ෂවලට නොවේ.
swene Saturday, 06 November 2021 02:50 PM
ප්‍රමාණවත් තරම් අධ්‍යයන නොකර, තනි මතයට කඩි මුඩියේ ඉරාන රජය සමග ගිවිසුම් වලට එළඹීමෙන්, ගැටළු මතුවුණා. ගිවිසුම්ගත විමේදීත් ව්‍යාපෘති වියදම් සම්බන්ධව ප්‍රශ්න තිබුණා. ජන විරෝධය ගොඩනැගුනේ ඒ නිසයි. කරගෙන යාමේදී භූ විද්‍යාත්මක ප්‍රශ්න ආවේ ශක්‍යතා අධ්‍යයනයේ දුර්වලවතා නිසයි. විශාල මුදලක් වැය වන මෙවැනි ව්‍යාපෘති මනා අධ්‍යයනයකින් පසුව, රට ගැන සිතා තීරණය කිරීමයි වැදගත්. ජනතාව ප්‍රමාණවත් තරම් දැනුම්වත් කිරීමත් කළයුතුයි.
Don Saturday, 06 November 2021 05:36 PM
රටේ බහුතරයක් දුප්පතුන්... නමුත් ව්‍යාපෘති ඔක්කොම තරු 05 මිලගණන්...
පැරකුම්Saturday, 06 November 2021 10:20 PM
ඔන්න ඕක ගෙවල දාන්න අනේ. අපිට මොකෝ අනාගත පරපුර ඒව බලාගනීවි.
Lalith M Saturday, 06 November 2021 06:38 PM
චමල් ලොක්කා හිතුමතේට පටන්ගත්ත අසාර්ථක ව්‍යාපෘතියක්. ඌව ජල උල්පත් විනාශ වූ අපරාධකාරී යෝජනාවක්. අනික ණය ගත්තට ඉරානෙටම කොන්ත්‍රාත්තුව දෙන්නෙ කොහොමද. ඊට අඩු ලංසු නැතිවටද කුට්ට්යටද.
uddika Sunday, 07 November 2021 01:21 PM
වරාය නගරයටත් ගෙවන්න වෙලා... එදා අගමැති, ජනාධිපති දිව්වා චීනෙට... දේශපාලනය ව්‍යාපෘතිවලට ගාවගන්න එපා...