(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මෙම 10 දා සවස 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාව විසින් ඉකුත් නොවැම්බර් මස 26 වැනි දින ගෝතම තපෝවන සංඝ මූලස්ථානයේදී කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ තෝරාපත් කර ගනු ලැබූහ.
ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (5) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැතිණ.
එහිදී එම නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී නාහිමියෝ පැවසුවේ අමරපුර මහා නිකාය බිහිකිරීම ලාංකික භික්‍ෂු ශාසනයේ හැරවුම් ලක්ෂයක් බවය.
ඉතිහාසය ලියවී ඇති පරිදි වැලිතර මහා කරාවේ ශ්‍රී ඥානවිමල තිස්ස මහා නාමියන් විසින් අමරපුර මහා නිකාය එදා බිහි නොකරන්නට මුළු මහත් දකුණු පළාතම අන්‍යාගමිකරණයට ලක්වීමට ඉඩ තිබූ බවත් බුදු දහම ලංකාවේ සුරක්ෂිත කර ගැනීම සඳහා විශාල ජනතාවකගේ අවශ්‍යතාවය මත අමරපුර මහා නිකාය බිහි වූ බවත් සිරි සීවලී නාහිමියෝ පැවසූහ.
වසර 255 ක ඉතිහාසය තුළ අමරපුර මහා නිකායේ ප්‍රධාන මහා නායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය පිරිනමා ඇත්තේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වන අතර 1825 වසරේදී ලංකාවේ ආණ්ඩුකාර පදවිය හෙබවූ එඩ්වඩ් බ්‍රාන්ස් මහතා ප්‍රථම වතාවට අමරපුර මහා නිකායේ මහා නායක පදවිය සඳහා සන්නස්පත්‍රය පිරිනමා ඇති බවද මහා ලේඛකාධිකාරි හිමියෝ පැවසූහ.
1952 වර්ෂයේදී අමතර මහා නිකායේ පරිපාලනය හා ඒ ඒ ප්‍රදේශවල උපසම්පදා කටයුතු සිදු කිරීමෙන් අමරපුර මහා නිකාය පාර්ශව 22 කට පරිපාලනය වී තිබීමෙන් අනතුරුව පසුකාලීනව එම පාර්ශ්ව මහා නායක හිමිවරුන් විසිදෙනමකගේ ප්‍රධානත්වයෙන් 1952 වසරේදී අමරපුර මහා සංඝ සභාව පිහිට වීය.
ඊට අවුරුදු 10 ට පසුව වර්තමානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවාගෙන එක් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදු කරන බවද සිරි සීවලී නාහිමියෝ පැවසූහ.
අමරපුර මහා නිකායේ දෙවන මහා සංඝනායක තනතුර දවුල්දෙන ඥානීස්සර මහා නායකහිමියෝත්, තෙවන මහා සංඝනායක පදවිය කොටු ගොඩ ධම්මාවාස මහා නායකහිමියෝත්, සිව්වන මහා නායක පදවිය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක හිමියෝත් දැරූහ.
පස් වැනි මහා සංඝනායක පදවිය ලබා සිටින කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ 1948 ඔක්තෝබර් මස 1 දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූහ.
මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකි.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා