(අංජුල මහික වීරරත්න)
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.
මෙරට මානව සම්පත පෙලගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබේ.
විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස්කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් අවධාරණය කළේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උසස් පෙළට නිශ්චිත මාසයක් නම්කරයි
prasanna Thursday, 15 June 2023 11:21 AM
ඔය මොන දින වකවානු දැම්මත්, විභාග පැවැත්වෙන නියම දිනය තීරණය කරන්නේ ස්ටාර්ලින් ජෝෂප් ලොක්කා...
Rata Perata Thursday, 15 June 2023 11:46 AM
මෙයගෙ මෙ සුරංගනා කතා විශ්වාස කරන්න එපා. අපි හැමෝටම මොලයක් තියෙනව. එක පවිච්චි කරන්න. මෙ වගෙ දැක්මක් නැති මිනිහෙක් ට 2048 නෙමෙයි 3048 දි වත් කිසි දෙයක් කරන්න බැැ, රටෙ මෙච්චර වැරදි වෙනව. වැරදි කරන ඇමතිල ඉන්නව. මෙයාට කොන්දක් තියෙනවද එවට ක්‍රියාමාර්ග ගන්න? මෙය ඇති දුර්වල මනුස්සයෙක්. රාජපක්ශල අරක්ශා කරල ඉපදිල මැරිල යයි. එතකොට රට ඉවර වෙල තියෙයි.
Sunil Thursday, 15 June 2023 11:52 AM
කටින් පමනයි. අපෙ රටෙ මොන කටයුතුද නියමිත වෙලාවට සිදුකෙරුනෙ.
Channa Thursday, 15 June 2023 12:56 PM
පලාත් පාලන චන්දය තියන්න නිශ්චිත මාසයක වසර කීයකට වරක්ද කියලා තීරක් ගන්න බැරිද?
wedage Thursday, 15 June 2023 01:15 PM
මනව සම්පත අහාර නැතුව ඉන්නව ඒ ගැන සොයා බලන්න කෙනෙක් නෑ නෙ
Truth Thursday, 15 June 2023 01:22 PM
ව්‍යවස්ථානුකූලව කැඳවූ මැතිවරණය පාර්ලිමේන්තුවෙන් අහනේනෙම නැතිව කල් දාපු මිනිහා මේ පාර නම් විභාගෙටත් කෙලවන්න වගේ හදන්නේ
fairoos Thursday, 15 June 2023 01:26 PM
අනෙ මගෙ කට විතරයි අවුරුදු 50ක් දේශපාලනය කරනව බම්බුව තමයි
චන්දන Thursday, 15 June 2023 03:36 PM
මේක දැන් නම් දොඩවන්නෙ උණ විකාරෙන් ඩෙංගු හැදිලද කොහෙද. නරක ද ඉතිහාසය ටියුෂන් එකක් දැම්ම නම්.