IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


උසස්‍ පෙළින් පසු‍ පෞද්ගලික බස් රථ හිමි‍යෝ වර්ජනයකට සැරෙසෙති

(නිමල කොඩිතුවක්කු)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.


ඒ අනුව ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තියත් සමග බස් කර්මාණ්තය බරපතල අර්බුදයකට මුහුන පා ඇති බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කිසිදු විසදමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත්   බවද ගැමුණු විජේරත්න මහතා කීවේය.

කොරෝනා වයාප්තිය හමුවේ බස් කර්මාණ්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබුන බවත් බස් සංගම් කළ යෝජනා වලට යහපත් ප්‍රතාචාර නොලැබීමෙන් බස් කර්මාණ්තය බරපතල අනතුරකට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධාවනය වූ පෞද්ගලික  බස්රථ 21000 සිට 12000 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (18)

උසස්‍ පෙළින් පසු‍ පෞද්ගලික බස් රථ හිමි‍යෝ වර්ජනයකට සැරෙසෙති

sanath kumara Wednesday, 14 October 2020 06:19 PM

කොරෝනා නිසා සිය රට දෙයින් යැපීම තමා එකම විසඳුම.

:       0       4

දොලේවත්ත Thursday, 15 October 2020 01:17 AM

වැඩ වර්ජනය විතරක් නතර වෙන්න එපා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයෙන්ම අයින් වෙන්න...

:       0       10

RaveendraThursday, 15 October 2020 08:01 AM

ඔබගේ අදහස් නිවැරදිය. අපි මේ ගැමුණු මලයට කියන්නේ...., අනේ ඉතින් පාඩුනම් මොකටද තවතවත් අතින් කාලා හරක් බලමින් ඉන්නේ.. ඔන්න ඔහේ හරක් ටිකට කැලෑ වදින්න ඉඩ දීලා තමුන්ගේ වැඩක් බලා ගන්නකෝ ගැමුණු මලයා?

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 October 2020 01:32 AM

මේ බස් ගැමුණු මහතා මේ බස් සංගමයක් පිහිටුවාගෙන කොයි වෙලාවෙත් රජය එක්ක කොක්කක් දාගන්නමයි හදන්නේ... කොහෙද ඉතින් රජයේ වගකිවයුතු අංශ මේවාට දක්වන්නේ බස්ගැමුණු මහතාට වාසි ලැබෙන ප්‍රතිචාරනේ. ඒ නිසා ඔහු තම සංගමය ඉස්සරහට දමා රජයෙන් වාසි ගන්නම තමයි කොයිවෙලේත් මානබලන්නේ. මේක මහා පුදුම විහිළුවක්නේ. බස් මුදලාලිලා කරන්නේ බිස්නස් එකක්... ජනතාවට ආදරයක් නැහැ. පොල් පටවලා වගේ, වව්ලන් එල්ලන් යනවා වගේ ගෙනියන්නේ. මේ ආකාරයට අයුතු ලාභ ලබනවා. ඒවා ගැන කිසිඳු කතා බහක් නැහැ. මේ මීට වඩා පාඩු ලබපු, ලබන ව්‍යාපාරිකයන් සිටිනවා. ඒ අය ලාබ පාඩු තනිවම දරා ගන්නවා. රජයට චෝදනා දාන්නේ නැහැ. මොකෝ මේ බස් මුදලාලිලාගේ සංගම් පමණක් විශේෂ සහන ඉල්ලන්නේ? මෙහෙම මේ ධනවත් මුදලාලිලාට අහිංසක පීඩිත ජනතා බදුමුදලින් කව්රුන් හෝ සහන දෙනවා නම්, එය මහා වරදක්. එසේ කරන අය කරගන්නේ විශාල පාපයක්... බස් මුදලාලිලාට සහන දීම වෙනුවට රටේ අන්ත අසරණ මිනිසුන්ට සහන දීමට රජය සිතට ගැනීම ඉතා වැදගත්... අසරණයන් තමන්ගේම පවට දුක් විඳිනවා මිසක් සංගම් පිහිටුවා රජයට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඒත්, කව්රුත් සිතිය යුතු වන්නේ ඔවුන් ගැනයි. අසරණයන්ට පිහිටවීම බුදු ගුණයක්...

:       0       6

SK Thursday, 15 October 2020 01:38 AM

මෙයාලාට ඕනේ සල්ලි විතරයි.

:       0       5

Saman Thursday, 15 October 2020 01:48 AM

බස් කරමාන්තය කරගෙන යන්න බැරි තත්වයක් තියෙන්නේ. බස් ගාස්තු දෙගුනකින් ඉහළ දැම්මේ නැත්නම් අපි බස් දුවන්නේ නැහැ.

:       27       2

සිරා Thursday, 15 October 2020 02:20 AM

කොරෝනා වලට වඩා වසංගතයක් තමා ගැමුණුගේ මේ බස් කාරයො ටික.... එක්කෝ මේ අයගේ බස් ටික ඔක්කොම ආණ්ඩුවට අරන් ලංගමෙට දාලා දුවන්න ඕන. පාඩු නම් වැඩක් නෑ නේ.

:       0       7

Bamunuarachchi Thursday, 15 October 2020 02:22 AM

වහාම ලංගමයට බස් ගෙන්වා ලංගමය ශක්තිමත් කරන්න.

:       0       9

silva Thursday, 15 October 2020 02:31 AM

කොරෝනා වසංගතය නිසා බස් කර්මාන්තය විතරක් නෙවෙයි, තව කර්මාන්ත විශාල ප්‍රමාණයක් අමාරුවේ වැටුණා. ඒ වගේම මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයටම බලපාපු ප්‍රශ්නයක්. බස් කර්මාන්තයේ නියැලෙන අයට සාධාරණ ප්‍රශ්නයක් තිබෙනවා වගේම හිතන්න මේ ප්‍රශ්නය ඉවරද නැද්ද කියලා. ලෝකයේ සමහර රටවල මේ වෙලාවේ අලුත් රැල්ලක් පැතිරෙනවා. බ්‍රැන්ඩික්ස් හෝ කාගේ හෝ වැරැද්දෙන් ලංකාවටත් නැවත ප්‍රශ්නය මතුවෙලා. ඒ නිසා මේ වෙලාවේ ස්ට්‍රයික් කරලා ශයිලොක්ලා වගේ මස් රාත්තල හොයන්නේ නැතුව ප්‍රශ්නයට අලුත් විසඳුම් හිතන්න​. අනික මගීන් සිය කැමැත්තෙන් වැඩිය ඇවිදින්නේ නැත්නම් මොන ආණ්ඩුව ආවත් බලෙන් බස්වලට නග්ගන්න බැහැ.

:       0       7

wicky Thursday, 15 October 2020 03:00 AM

එතකොට පොල් පටවලා යන දවසට ගාන අඩු වෙනවද.? අනික දුවන්න බැරිනම් බස් ගෙදර තියාගෙන ඉන්න.

:       0       7

sunimal de silva Thursday, 15 October 2020 03:20 AM

ඔහොම වෙලා මදි.

:       0       6

Ananda Thursday, 15 October 2020 06:00 AM

පුද්ගලික බස් නැතිතරමටම තමයි හොඳ.

:       1       11

Kamal Koyrala Thursday, 15 October 2020 06:52 AM

සර්ට කියන්න, වියතුන්ගෙන් වියත් විසඳුමක් ලැබෙයි.

:       5       4

Prabha Thursday, 15 October 2020 06:59 AM

වර්ජනයට පෙර දෙසැරයක් හිතා බලන්න. මොකද දැන් ජනාධිපති සිරිසේන නොවේ.

:       5       6

mahinda Thursday, 15 October 2020 07:49 AM

රටේ ප්‍රවාහන පද්ධතියට අදාල කිසිඳු නීතියක් නොතකන ටිකට්, ඉතුරු රුපියල, දෙක නොදෙන සත පනහට මිනීමරන රාත්‍රී 7 න් පසු බස්නැති මේ අළුගෝසු ගැමුණු මාෆියාව පැරදවිය යුතුමයි. නොහික්මුණු ලෙසින් වර්ජනය කළොත් සියලුම බස් රථ රජයට පවරාගෙන ධාවනය කළ යුතුයි.

:       0       105

RaveendraThursday, 15 October 2020 10:11 AM

සහතික ඇත්ත මේ තුට්ටු දෙකේ "දියබරියන්ගේ උම්බෑ..... සද්දේ " මේ අය මෙච්චරකල් ජීවත් වෙනවනේ...

:       0       3

sapumal Thursday, 15 October 2020 12:16 PM

කොරෝනා මුලු ලෝකයටම බලපාන දෙයක්.. ඒ නිසා හැම බිස්නස් එකක්ම පාඩු ලබනවා. බස් කර්මාන්තය විතරක් වෙනමම සහන දෙන්නේ ඇයි? පුළුවන් නම් දවස් 5ක් ස්ට්‍රයික් කරලා පෙන්නන්න.

:       0       2

wickyThursday, 15 October 2020 05:00 PM

මොන දවස් 5ක්ද? දවස් 2ක් ස්ට්‍රයික් කරලා... ලීස් එකේ සල්ලි ගෙවන්න තියෙනවා කියලා මතක් වෙනකොට.. ආපහු දුවන්න පටන් ගන්නවා. රජය දැනගන්න ඕනෑ හාල්වලට කළා වගේ නැතිව මේකටවත් හරියට කොන්ද පණ නැතිව මුහුණ දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 472 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 127 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 436 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 37 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3894 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2799 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site