( ජේ.ඉඳුරුවගේ )
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් දෙවන වතාවටත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට පෙර ඔක්තෝම්බර් 25 දාතමින් මේ සම්බන්ධයෙන් පලමු ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර මාස තුනකට වලංගුවන ලෙස ඉකුත් (4 )දාතමින් අද නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
කලින් ගැසට්ටුවේ ඇතුලත් ඌරන් ඌරු මස් නිෂ්පාදන හා ,රෝග කාරක ද්‍රව්‍ය විකිණීම තහනම් යන වගන්තිය වෙනස් කරමින් එය නම් කරන ලද බලයලත් නිලධාරියෙකුගේ අවසර පතක් නොලබා ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම ගබඩා කිරීම බෙදාහැරීම හා ඌරු මස්වලින් නිෂ්පාදන සැකසීම තහනම් බවට නව ගැසට්ටුවෙන් නියම කර තිබේ.
ඊට අමතරව අවදානම් ඌරන් ,ඌරු මස් හෝ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අසාධිත ප්‍රදේශය තුළ හෝ පිටතට ගෙන යාම තහනම් කළ නියමය බලය ලත් නිලධාරියෙකුගේ අවසරයක් නොමැතිව එසේ කළ නොහැකි ලෙසද නියම කර තිබේ.
එමෙන්ම නම්කරන ලද බලය ලත් නිලධාරියෙක් විසින් අනුමත කරන ලද ඝාතකාගාරයකදි හැර වෙනත් තැනක ඌරන් ඝාතනය කිරීමද නව ගැසට්ටුව මගින් තහනම් කර තිබේ.
එමෙන්ම කලින් ගැසට්ටුවේ සඳහන් සඳහන් තහනම් ක්‍රියාවන් වන සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය , අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම ,සජීවි සත්ව වෙළඳාම ,තරග පැවැත්වීම, මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය වන පරිදි දැමීම නව ගැසට්ටුවෙන්ද තහනම් කර තිබේ.
මෙම කටයුතු සඳහා නම් කරන බලයලත් නිලධාරීන් ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ,පළාත් අධ්‍යක්ෂ ,විෂයානුබද්ධ විශේෂඥ ,දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරීන් ,සියලු රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ,වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ හා සියලු පශු වෛද්‍ය නිලධාරින් නම්කර තිබේ.
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්