IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු

 (ප්‍රසාද් රුක්මල් ) 

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා සෙසු පාසල්  සියල්ල   සදහා 13 වන  බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා පවසයි .

පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද පෙට්ටි නිකුත් කිරීම මෙන්ම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බදුල්ල ධර්මදූත විදුහල සදහා ඊයේ (7) සිට නිවාඩු ලබා දුන් බවත් , ජන්ද  පෙට්ටි නිකුත් කරන , ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහලට, සහ    තැපැල් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන  ඇති බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලට අද (8) සිට නිවාඩු ලබා දුන් බවද හෙතෙම කීය .

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රියදුරන් ට නවාතැන් පහසුකම් සලසා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලට සහ බදුල්ල සරස්වති මහ විදුහලට 12 වන අගහරුවාදා  සිට ද, මැතිවරණ රාජකාරි සදහා පැමිනෙන කාන්තා පොලිස් නිළධාරින් ට නවාතැන් පහසුකම් සලසා දීමට තෝරා ගත් බදුල්ල දෙමල බාළිකා විදුහලට 13 වන බදාදා සිට නිවාඩු ලබා දෙන බවද ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය .

පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් පලාතේ  පාසල් සදහා ලබන 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව පවසන ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා  ලබන 18 වන සදුදා දින සියලුම පාසල් යලි සාමාන්‍ය පරදි    ආරම්භ වන බවද පැවසීය .

 

             

 



අදහස් (0)

ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු

ඔබේ අදහස් එවන්න

දියත

කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 13 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 100 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 152 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 822 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 1124 2

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 356 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 78 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 453 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site