IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


එක්දරු මවට හදි කළාට අවු: 23 ක් හිරේ

(ටෝනි කරුණානායක) 

ගම්පහ හෙන්ඩිමහර ප්‍රදේශයේ​ දී නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවස තුළ සිටි එක් දරු මවක දූෂණයට ලක් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවෙකුට බරපතළ වැඩ ඇතිව වසර 23ක සිර දඩුවමක් ගම්පහ  අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ  මහතා අද (29 ) නියම කළේය.

එම සිර දඬුවමට අමතරව චෝදනා දෙකට රුපියල් 55000 ක දඩයක් ද නියම විය . වින්දිත  කාන්තාවට  රුපියල් ලක්ෂ 02 ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කෙරුණි . දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත්  වසර 02 ක සිර දඬුවමක් නියම විය .

නිවසකට අයුතු ඇතුළු වීමේ චෝදනාවට නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 08 ක සිර දඬුවම සහ  ස්ත්‍රී දූෂණය යන චෝදනාවට නියම වු බරපතළ වැඩ ඇතිව වසර 15ක සිර දඬුවම වෙන් වෙන් වසයෙන් ගෙවී යා යුතු බවට නියම කළ මහාධිකරණය දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනා දෙකට  නියම වූ මාස  06 බැගින් වූ සිර දඩුවමද වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම වූ එක් වසරක සිරදඬුවමද වෙන් වෙන් වශයෙන් ගෙවි  යායුතු   බවට නියම කෙරුණි .

ගම්පහ හෙන්ඩිමහර ප්රුදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ් . එස් .එම් සෙනරත් බණ්ඩාර රාජ වර්ධන නැමැති 56 හැවිරිදි තිදරු පියකු ට මෙසේ සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය .

 



අදහස් (5)

එක්දරු මවට හදි කළාට අවු: 23 ක් හිරේ

ලලිත් අම්බලන්ගොඩ Monday, 29 November 2021 05:10 PM

ඔන්න ඔහොම තමයි ස්ත්‍රී දූෂකයින්ට දඬුවම් දෙන්න ඕනෑ. මාධ්‍ය මගින් මේවාට ලොකු ප්‍රචාරණයක් දෙන්න. එතකොටවත් සමාජය තරමක් හෝ යහමගට යාවි...

:       0       38

SurangaTuesday, 30 November 2021 06:35 AM

එහෙම වුණත් ඉතා වැදගත් දවසක හෝ නිදහස් දිනයේ හෝ සිර ගෙදර හොඳට හිටියා කියලා ටික දවසකින් නිදහස ලබාවි.. මිනීමැරුමක් කරලා මරණ දඬුවමක් ලැබූ අයත් නිදහස් කළ එකේ ඕක මොකක්ද?

:       0       0

අසංග Tuesday, 30 November 2021 08:36 AM

අධිකරණයට ජය වේවා !

:       0       0

Bunny Preena Tuesday, 30 November 2021 09:58 AM

අවාසනාවකට සමහර දුෂණ සහ හදි කිරීම් සම්බන්දව නඩු වල සිද්ධිය වෙනකොට පැමිණිලිකාරියගේ වයස අවුරුදු 10යි. නඩුව අහලා තීන්දුව දෙනකොට එයාට අවුරුදු 25යි. සමහර වෙලාවට කසාද බැදලා ළමයිනුත් ඉන්නවා. ලෙහෙසියෙන් ඔප්පු කල හැකි නඩු වල තීන්දුව දෙන්න අවුරුදු ගණනාවක් ගතවෙනවා කියන එක හරි විහිළුවක්.

:       0       0

sharm warn Tuesday, 30 November 2021 10:27 AM

අභියාචනාධිකරණයෙන් නිදහස් නොකළොත් ඇති. මෙතැනින් ඇතුළට යන අය, එතැනින් එළියට එන්නේ අත් දෙකම වනවන...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 284 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 821 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 486 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2157 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1738 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 119 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site