(යොහාන් භාසුර )
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නක් බවත් මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරලා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නීය.
"අපි සැවොම සොබාදහමේ නිර්මාණයන් වන්නෙමු. සොබාදහමට පිටුපා අපට යාහැකි ගමනක් නැත. එහෙයින් සොබාදහමින් අප ලැබූ ආශිර්වාදය වෙනුවෙන් නැවත කෘතගුණ සැලකීම ඉතා උතුම් මනුෂ්‍ය ගුණාංගයකි. රටක් වශයෙන්ම අප සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ සිටිමු.
ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක්ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබේ.
ආණ්ඩුව සහ රාජ්‍ය ලෙස අප ඒ බැරෑරුම් සහ වගකීම් සහගත ක්‍රියාවලියට පිවිස පරිවර්ථනීය වෙනසක් කරා ගමන් කිරීම අරඹා ඇත්තෙමු. සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම සහ අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක්ද වෙයි" යැයි ඇය පවසන්නීය
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
Kalhaara Monday, 13 January 2025 03:13 PM
මාරයි. නියමයි. හරිම හරවත්. බුද්ධිමත් කතාවක්. අපිට තනි ඇහැට ඇඩෙන්න එනවා. හැබයි එලම සටන ඉවර උනේ 2011 නොව 2009 බව මතක තියාගන්න."
upul Attanayake Monday, 13 January 2025 06:21 PM
එකිනෙකාට ගෞරවයෙන් හොරා කියමු. ඒක හොඳයි. රජ වෙන්න උනත් පුළුවන්... ජෙපි සංදේශයෙන් උපුටා ගැනීමක් බව සලකන්න."
AnuraSunday, 19 January 2025 08:51 AM
පොහොට්ටු කකුලෙන් අදින බව මතක තබා ගන්න... අගමැති තුමනි..
Nishan Wednesday, 15 January 2025 02:40 AM
ඔබලාට චන්දේ දීපු ජනතාවට නම් හොඳටම සලකන බව පේනවා.
janahithaSunday, 19 January 2025 08:52 AM
නිකන් ඉඳන් සලකන්න කියනවද හත්වලාමේ...
janahithaSunday, 19 January 2025 08:58 AM
ජනබල සිලින්ඩර, පොහොට්ටු නැතිව අපිට සලකන්න කෙනෙක් නැහැ නොවැ හත්වලාමේ...!
Anura Sunday, 19 January 2025 08:53 AM
ණයට ගෙනැල්ලා නිෂ්පාදන වියදමට අඩුවෙන් තෙල් බෙහෙත් ඉල්ලන කුම්මැහි ජනතාවක් මෙම රටේ ඉන්නවා. පහුගිය කාලේ හොඳට සැලකුවා. ජාතික ධනය කොල්ලකාලා හත්වලාමේ...
Jamal Wednesday, 22 January 2025 08:27 AM
අනුර කියලා අදහස් දාලා තියෙන අම්බරුවෝ, අවුරුදු පනහක් විතර කකුලෙන් ඇදලා බලයට ඇවිල්ලා දැන් කියනවා කකුලෙන් අදින්න එපා කියලා. නිකන් තප්පුලන්ඩ එපා.