IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


‘එකමුතුකම රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්න‘

(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂ සහෝදරයන්ගේ එකමුතුකම දෙස බලා හෝ විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා පැවසූයේ එකතු වෙන්න බැරිනම් රාජපක්ෂ සහෝදරවරුන් පරද්දන්නට නොහැකි බවයි.

"දැන් බලන්න ඒගොල්ලන්ගෙ තියන එකමුතුකම. අන්තිමට මොකද වුණේ."බැසිල්  ගන්නේ නෑ, බැසිල්ට දෙන්නෙ ආර්ථික සංවර්ධනය විතරයි,බැසිල්ට මුදල් දෙන්නේ නෑ" ඔය වගේ කතා ගොඩක් ගියා නේ. අන්තිමට තුන්දෙනා එකතු වෙලා හිනාවෙවී ඇමතිකම් ටික බෙදා ගත්තනේ.

රාජපක්ෂලා ඔවුන්ට තිබෙන බල කෑදරකම වෙනුවෙන් ඕනම දෙයක් කරයි .අපිට මේක තේරුම් ගන්න බැරි වෙනකම් රටට දෙයියන්ගේම පිහිටයි. යනුවෙන්ද නවීන් දිසානායක මහතා පැවසීය .

 



අදහස් (13)

‘එකමුතුකම රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්න‘

salinda Sunday, 11 July 2021 01:04 PM

නවීන් මහත්තයෝ, රාජපක්‍ෂලා කියන්නේ සහෝදරයෝ. රනිල් සහ සජිත් කියන්නේ සහෝදරයෝ නොවෙයි. රනිල් එක්ක සජිත් එකතු වුණොත් අපි සමඟි ජනබලවේගයටත් ඡන්දෙ දෙන්නේ නෑ. ඔයාට ඔන නම් සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්න මහත්තයෝ.

:       5       199

චන්දන Sunday, 11 July 2021 02:14 PM

මේ කියන කතාවේ ගැඹුරක් තිබෙනවා. ලංකාවේ මොන සහෝදරයින්ද මෙතරම්ම එකමුතුව ඉන්නේ...? එකමුතුවේ ප්‍රතිඵලය තමයි ඒ...

:       31       37

nmSunday, 11 July 2021 07:08 PM

රාජපක්ෂ සහෝදර එකමුතුව එක පවුලක්... රට පාලනය කරන නිසාවෙන් බලය වෙනුවෙන් සහ තනතුරු වෙනුවෙන් එකතුවීමකි. එක්සත් ජාතික පක්ෂයේ කොටසක් පක්ෂයෙන් ඉවත්ව ගොස් වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීම ඔබට තිබෙන ගැටලුව වේ. එය සහෝදර සමාගමේ එකතුවට කෙසේවත් සමකල නොහැක. සහෝදරයන්ගේ එක්සත් බව නිසාම ඔවුන් යටතේ සියලු බලතල තබාගෙන තිබේ. ඔවුන් වටා සිටින අනෙක් දේශපාලකයින් වෙනත් කළහැකි දෙයක් නොමැති නිසා අකමැත්තෙන් වුවද ඔවුන් සමඟ එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ වර්තමානයේ මෙවන් තත්වයට පත්වීමට සජිත් මෙන්ම නවින් ඔබත් වගකිව යුතුවේ. ඔබ පක්ෂය ආරක්ෂා නොකරමින් එක්සත් බව ආරක්ෂා නොකරමින් කණ්ඩායම් හැඟීමෙන් තොරව කටයුතු කළේය. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 30ක් පමණ පක්ෂය හැර නොගොස් පසුගිය මැතිවරණයේදී ඡන්දය වර්ජනය කළේය. එම ලක්ෂ 30 උතුරු, නැගෙනහිර සහ වතුකරය ඡන්ද නොවේ. ඔබට තිබෙන එකම ප්‍රශ්නය වර්තමාන දේශපාලනයේ ඔබට සෙට් වීමට තැනක් ඔබ සොයමින් සිටි. මේ වනවිට එවන් ප්‍රබල ධාරාවක් පෙනෙන්නට නැත. ඉදිරියේදී රට වෙනුවෙන් නව දේශපාලන ධාරාවක් මතුවනු ඇත. එය කිසිවකුට වැළැක්විය නොහැක. එය ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව වේ. එම ධාරාව තුල ඔබ සිටින තැන ජනතාව තීරණය කරනු ඇත...

:       24       8

Asanka Sunday, 11 July 2021 02:59 PM

සහතික ඇත්ත

:       6       2

ගිජුලිහිණි සංදේශය Sunday, 11 July 2021 03:17 PM

නමේ සිටම වැරදිය නුඹලගෙ තර්ක හමේ පාට බල බල දෙනවද ඵලක ගමේ කමටවත් හොඳ නැත අතිරේක විනේ තරම පව්ලක ඉමහත් කුහක .

:       16       44

විපරමා Sunday, 11 July 2021 03:20 PM

සමගිය බලය වේ කියලා තමා අපි නම් දන්නේ. සහෝදර සමාගම එකට එකතු වෙලා ඉන්නේ දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදියන් හින්දා. එක වගේ අය එකට එකතු වෙන එක අමුතුවෙන් කියන්න දෙයක්ද?.

:       191       323

පිටිගල මිලානෝ Sunday, 11 July 2021 04:55 PM

අන්දරේ සීනි කෑවා වගේ කට්ටියම ඒ ඒ අය අතරේ අපේ වත්කම් බෙදා ගන්නවා.

:       25       138

siri Sunday, 11 July 2021 05:07 PM

එකමුතුකම උරගා බලන්න හොඳ අවස්තාවක් ලඟදි උදා වෙනවා ඔන්න. ඇමති මණ්ඩල සංශෝධනයක් එක්ක ලොකු පුතාට අගමැති තනතුර දෙන්න යනවා කියලයි කියන්නේ.

:       14       68

සෙනෙවිරත්න Sunday, 11 July 2021 05:36 PM

හොරු හොරකමේ යන්නේ සමගියෙන් තමයි. වැ⁣⁣ඩේ හොඳට යනකන් සමගිය තිබේවි...!!! එක් අයෙක් මාට්ටු වුණාම සමගිය බලතැහැකියි. ඒත් එහෙම වෙන්නේ නැහැ, වහල්ලු ඉන්නකම්....

:       70       181

Bishan Sunday, 11 July 2021 07:06 PM

සහෝදරයෝ බලවත් වෙලා ඉන්නේ පුන්නක්කු බයියන් නිසා.

:       61       1073

wimal Sunday, 11 July 2021 08:16 PM

මේ අයට යනඑන මං නෑ... දැන් බලනවා කොහොම හරි ඔලුව දාගන්න තැනක්...

:       1       21

Upali Sunday, 11 July 2021 08:38 PM

ඒ දෙන්නා සමගිවෙලා ඉන්න එපෑයැ.

:       5       0

ගමේ එකාලා Sunday, 11 July 2021 09:35 PM

රාජපක්ෂලා එකතු වෙලා ඉන්නේ බෙදා හදාගෙන බදාගෙන ඉහගෙන කන්ඩ මිසක් අහවල් කෙණ්ගෙඩියකටද? අපි නොදන්නවා නෙවෙයි පවුලේ අය එකතු වෙලා කරපු හරිය.. එයාලාගෙන් ඉගෙන ගන්න වෙන්නේ හොරකම, වංචා, දූෂණ, ඝාතන, අතුරුදහන්, කපටි, කෛරාටික හොර වැඩ, බලලෝභය මිසක් වෙන මොනවද?.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 865 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 417 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 310 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1321 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1678 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1735 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site