( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් උරණවී සිය ඥාතියකු කපා කොටා ඝාතනය කර ඔහුගේ පියාට ගල් වලින් පහර දී තුවාල සිදු කිරීමේ වරදට එකම පවුලේ තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඩුවම අභියාචනාධිකරණය අනුමත කළේය.
පොල්ගහවෙල, පොහොර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පී.ඩී. ඩග්ලස් වික්‍රමසිංහ, පී.ඩී. සෙනරත් සමරසිංහ, පී.ඩී. ප්‍රදීප් සංජීව ජයරත්න නමැත්තන් ට නියම වූ මරණ දඩුවම මෙලෙස තහවුරු කරන ලදි.
තමාට මරණ දඩුවම් නියම කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව බල රහිත කරන්නැයි ඉල්ලා එම විත්තිකරුවන් ඉදිරිපත් කල අභියාචන පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.
පොල්ගහවෙල, පොහොර වත්ත ප්‍රදේශයේදී 2005 අප්‍රේල් මස 11වැනිදා නිශ්ශංක විජේවීර නමැත්තාගේ ගෙළ හිසින් වෙන්වන තරමට කපා දමා ශරීරයේ ස්ථාන 17කට කැපුම් තුවාල සිදු කර ඔහුගේ පියා ට බර පතල තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් සිවු දෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩුව විභාග කල පූර්වගාමී විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය 2019 ඔක්තෝබර් 02 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුල් විත්තිකරුවන් තිදෙනා චෝදනා වලට වරදකරුවන් බවට තීන්දු කර සිවුවන විත්තිකරු නිදහස් කර තිබුණි.
එම නඩු තීන්දුව බල රහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එකම පවුලේ තිදෙනෙකුට දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
Sanath Santha Arachchikittuwa. Tuesday, 07 December 2021 10:11 AM
ඇති ගරු අධිඅක්රනයටත් ,ගරු විනිසුරු තුමන්ලාටත් උපහාරයක්ම වේවා.මන්ත්‍රී සමාව ,ජනපති සමාව නොලැබේවා