( පාලිත ආරියවංශ )
හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
බලංගොඩ , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇති අතර ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මෙම බස්රථයේ ගමන්කළ ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 අසාදිත බව තහවුරු වීමෙන් පසු මෙම පරික්ෂාව සිදුකර තිබේ .
මේ අනුව එම සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් . පරීක්ෂණට ලක්කල බවත් ඉන් 18 දෙනෙක් ආසාධිතයන් බව හදුනාගත් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන්කළේය .
ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන තිබේ .
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්
Labour Thursday, 03 June 2021 11:44 AM
කාර්ය සාධන බලකායේ ලොක්කන් කීවේ කර්මාන්ත ශාලාවක් වැඩ කරනවා නම් ජෛව බුබුලක් යටතේ වැඩ කරන්න කියලා. එතකොට මේ බස් එක ගිහින් තියෙන්නේ ඔය කියන බුබුල ඇතුළේද?. අදාළ ආයතනය සේවකයින්ගේ ආරක්ෂාව සැලසුවද? කම්කරුවන් වෙනුවෙන් ගිරිය පුප්පන වාසු, විමල්, ආදී සමාජවාදී නායකයින් මේවා දකින්නේ නැද්ද? කම්කරු ඇමැති නම් සදාකාලික සුව නින්දේ... අඩුම තරමින් ජ.වි.පෙ. ටවත් මේවා ගැන හැඟීමක් නැද්ද...?