(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය මනාලයාගේ පියා සමඟ යතුරුපැදියෙන් රැගෙන එමින් සිටියදී සිදුවූ අනතුරකින් සහෝදරයා මියගොස් මනාලයාගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ 10 වන වසරේ ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළ බිම්සර ප්‍රබෝද් රණසිංහ නැමැති 15 හැවිරිදි සිසුවකු බව පොලිසිය කියයි.
විවාහ මංගල්‍යය දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් අද (25) එකම දිනක දී පවත්වා ඇති අතර මනාලිය මනාලයාගේ නිවසට ඇරල වීමෙන් අනතුරුව මනාලයාගේ පියා සහ මනාලියගේ සහෝදරයා සුබපැතුම්පත් සහ මංගල ඡායාරූප රැගෙන යතුරුපැදියෙන් කුරණ මාර්ගයේ පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කුරණ බෑවුම් ප්‍රදේශයේදී පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කානුවට වැටී ඉදිරියට ගොස් අනතුරුව කොන්ක්‍රීට් ලෑල්ලක ගැටී තවත් මීටර් පහළොවක් පමණ ඉදිරියට ඇදී ගොස් කොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කාණුවට වැටීමට පෙර අන්නාසි ගාලක ගැටී ඇති අතර එහි තිබූ අන්නාසි ගෙඩියක් මීටර් හැටක් පමණ දුරකට විසිවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් අය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් තිබූ අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් පි විතාරණ පොලිස් කොස්තාපල් 61586 චතුරංග මහත්වරු පරීක්ෂණ පවත්වති.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එකම සහෝදරියගේ විවාහය දා සහෝදරයා අවසන් ගමනේ
ගමේ එකාලා Thursday, 25 May 2023 08:55 PM
හරිම කණගාටුදායකයි. පුතේ ඔබට අමා මහ නිවන්සුව අත්වේවා..!!!
ලුම්බිණි Friday, 26 May 2023 06:31 AM
ලයිසන් ගන්න අවුරුදු 18 වෙනකම් ඉන්න කියන්නේ ඇයි කියලා තරුණ දරුවෝ තේරුම් ගත්තොත් හොඳයි. නිවන් අවබෝධ වේවා!
නීල් Friday, 26 May 2023 12:06 PM
ගිහින් තියෙන වේගය හිතාගන්න පුළුවන්... අන්නාසි ගෙඩිය ගිහින් තියෙන දුර ගැන හිතපුවාම. මාමණ්ඩිය වත් කීවේ නැද්ද හෙමින් පරෙස්සමින් යමන් පුතේ කියලා... ඔබට නිවන් සුව පතමු...