(සුජිත් හේවාජුලිගේ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම වැදගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
එවැනි කාරක සභාවක් පත් කිරීමෙන් සිද්ධියේ සුලමුල සියල්ල අනාවරණය කරගත හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙයට අමතරව නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ අතර එම අල්ලස් ගත්තැයි සඳහන් පුද්ගලයා පිළිබඳවත් ඔහුගේ ලිපිනය ගිණුම් අංකය ඇතුළු තොරතුරු පිළිබඳවත් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනිදා තොරතුරු අනාවරණය කළේය.
එසේම එක්ස්ප්‍රස් පර්ල් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි යොමු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් සභාවක්
ravin Saturday, 29 April 2023 10:13 AM
හොරාගේ අම්මගෙන් පේන ඇහුවොත් නරකද? නියම ප්‍රතිඵල
නිමේෂ් Saturday, 29 April 2023 11:16 AM
පිට අයට ඔය නඩුවට බලපෑම් කරන්න බැහැනේ, පගාව ගත්තු අය ඉන්න ඕනේ ඔය නඩුවට සම්බන්ධ නීතිපති දෙපාර්තුමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යංශයේ ඉහළ තනතුරක...
Surain Saturday, 29 April 2023 11:25 AM
හොරකම වහන්න ඕනෑවුණාම තමයි ඔහොම පිහිට වෙන්නේ... අපි ඒක පසුගිය අවුරුදු 20 තුළම දැක්කා...!
චන්දන Saturday, 29 April 2023 12:28 PM
බලං හිටපල්ලා අල්ලනකං. ඔය හදන්නේ තව දෙතුන් දෙනකුට ගත මනාවක් ගන්න.
කිරිපුතා Saturday, 29 April 2023 01:36 PM
මෙයාලා රෙදි අරගෙන, මහලා, ඇඳුම් ඇඳගෙන ලකලෑස්ති වෙනකොට ඒ හොරකම කරපු මනුස්සයා රටින් පණියි.
Pa_Daya Saturday, 29 April 2023 01:57 PM
මේ උතුම් හෙළදිවේ තරම් යුක්තිය ඉටුවන වෙනත් අපායක් නොමැත.
කලකිරිමා Saturday, 29 April 2023 02:22 PM
මේ අයගේ කමිටු, යකෝ ඕවා අහලා දැකලා අපිට එපාවෙලා...!
Gappi Saturday, 29 April 2023 03:12 PM
ඔය කාරක සභාවේ ඉන්න අපතයින්ට ඩොලර් 500 ගානේ දුන්නත් ඒ අය ඒක දිවෙන් ගනී...