(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නැවෙි ඇසිඩ් කාන්දුවක් වාර්තාවීමත් සමග නැව කටාර් දේශයේ හමාඩා වරාය වෙත යාමට උත්සාහ කොට ඇති නමුත් ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුල් වීමට කටාර් රාජ්‍ය අවසර දී නැතැයි ද එවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ යැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
" ඊට අවසරය ලැබුණේ කෙසේද?කාගෙන්ද? යන බරපතල ප්රශ්නය මේවනවිට පැන නැගී තිබේ.ජාතික ආරක්ෂාව පිළිබඳව පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?
අදාල ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලු රැසකි යනුවෙන් ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න‘‘
chandima Friday, 28 May 2021 08:06 AM
කොරෝනා හැදුණාම මොලයට ඔහොම අතුරු ආබාධ වෙනවලු... කියන ඒවා ගණන් ගන්න එපා.
මුණසිංහ Friday, 28 May 2021 12:49 PM
ඇත්ත. අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ... මේ දවස්වල මාතෘකාවක් නැතිව හිටියේ... ඔන්න වටපිටාව බලන්නේ නැතිව තවත් මෝඩ කතාවක් කිව්වා. අනෙක විපතට පත් එකාට උදවු කරන එක මනුස්සකම... ඒකෙන් හොඳ නරක දෙකම වෙන්න පුළුවන්...
RaveendraFriday, 28 May 2021 03:26 PM
සහතික ඇත්ත. නිකන්ද මිනිසුන් මෝඩ පුතානෝ කියන්නේ...?
කමල් Friday, 28 May 2021 08:14 AM
ඔය කියන දේ බොහොම ආත්මාර්ථකාමී බවයි මට හිතෙන්නේ. කෙනෙක් කරදරයකට පත්වුණාම මුලින්ම ප්‍රතික්ෂේප කිරීම යහපත් ක්‍රියාවක් නෙවෙයි. නැවේ අවදානම් බව පරික්ෂා කර බලා අවදානම අඩුනම් වරායට ගෙන පිළියම් යෙදීම හෝ අවදානම වැඩිනම් වරායට නොගෙන උදව් කිරීම සුදුසු ආකාරයක්. ඔය වගේ දෙයක් ලංකාවේ පිරිසකට පිට රට ප්‍රදේශයකදී වුණා නම් කොහොමද? අනුන්ට කරදරයක් වුණාම ඔවුන්ව ප්‍රතික්ෂේප කර තමන්ට කරදරයක් වුණාම අනුන්ගෙන් උදව් බලාපොරොත්තු වීම අගය කළ හැකි දෙයක් යෑ?
Sidath Friday, 28 May 2021 08:40 AM
මේක කොළඹ වරායෙ මෙහෙයුම් කට්යුතු කරන්න සැළසුම් වෙලා තිබුන නැවක්. අනික නැව ආවෙ ඔය කියන වරායන් දෙකටම ගිහින් ඒවයෙ භාණ්ඩ මෙහෙයුම් සිදු කිරීමෙන් පසුවයි.. නිකං බොරුවට දේශපාලන වාසි ගන්න කරුනු නොදැන කතා කරලා පච වෙන්න එපා. පැකනිල් බීප්න් කියපු එකේ, දෙක තමා එහෙම වුනොත්..
Wasudewa Friday, 28 May 2021 08:56 AM
අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාශයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා. නෞකාවේ තියෙන ටොන් 300කට අධික ඉන්ධන මුහුදට එකතු වුණොත් සියගාණක් මුහුදු තීරයේ වෙරළ කලාපයට දැඩි හානි සිදුවෙන්න පුළුවන්. රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුණා. ඒත් අපේ අය කරේ දැන් පාලනය කරා, උෂ්ණත්වය මැන්නා වගේ පුරුදු බයිලා ගහලා සිද්ධිය යටගහපු එක... ඒකෙන් අද වන්දි ගෙවන්නේ මේ මුලු රටම....
sidathFriday, 28 May 2021 09:20 AM
වාසුදේව, නොදන්න මගුල් ගැන පඬි ටෝක් දෙන්න ගිහින් නිකං පච වෙන්න එපා.. ප්‍රතික්ෂේප කළාලු, සියපාරක් හිතන්නත් තිබුණාලු.. හිනායනවා මේවා දකිනකොට..
pakeer Friday, 28 May 2021 11:42 AM
ප්‍රධානම දේ නම් බලධාරීන්ට මේ වගේ අවබෝධයක් නැති කම.. කීදෙනෙක් දන්නවද දන්නේ නැහැ නයිට්‍රික් කියන්නේ මොනවාද කියලාවත්.. අවබෝධයක් තිබුණත් වෙන්නේ දේශපාලන අතපෙවීම්.. විරුද්ධ පක්ෂයේ බොරදියේ මාලු බාන්නයි යන්නේ. ඒ අය හිටියත් මේ ටිකම තමයි... වෙනසක් නැහැ.