IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන්නයි නියෝගයක්

(අජන්ත කුමාරඅගලකඩ)

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගැඹුරු මුහුදට රැගෙන යාමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත.

ආපදාවට ලක් වූ මෙම නෞකාව මුහුදුබත් විමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයන් එම සාකච්ඡාවේ දී පෙන්වා දි ඇති අතර  එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට මෙම නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම  පියවර බව ඔවුන් යෝජනා කර ඇත.

ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින්  නීතිපතිවරයාගේ උපදෙස්මත, සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව එම නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන්නැයි ජනපතිවරයා උපදෙස් දුන්නේය.


 



අදහස් (30)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන්නයි නියෝගයක්

වැඩබැරිදාස Tuesday, 01 June 2021 02:48 PM

මහදැන මුත්තයි.. ගෝලයො රොත්තගෙයි අලුත්ම කතාව දැන් තිර ගත වේ.. 69 ලක්ෂයේ නිෂ්පාදනයක්.. කිරිබත් කා නැරඹීම වඩාත් සුදුසුයි...

:       22       149

ඩිම් Tuesday, 01 June 2021 03:07 PM

අද ගැලවීමේ කණ්ඩායම නැවට නැග්ගානේ... දැන් සර් කියන්න දෙයක් නෑ. ඒක අරන් යයි... අපිට හුළං සහ සහගහන අපරාදේ විතරයි...

:       0       0

Pradeep Tuesday, 01 June 2021 03:20 PM

එතකොට වන්දි ගන්නේ නැද්ද?

:       0       0

දොන් Tuesday, 01 June 2021 03:31 PM

සර් හැමදාම කලේ, අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහපු එක තමයි...

:       0       0

jagath Santha Arachchi kittuwa Tuesday, 01 June 2021 03:35 PM

ඉතින් ඊට පස්සේ තමයි ලාභ, පාඩු දැනගන්නේ... බලාගන්න, බෙදාගන්න ලැබෙන්නේ... අනේ සාදු, සාදු, සාදු..!!!

:       0       0

pakeer Tuesday, 01 June 2021 04:51 PM

ඔය දේ මම මුලින්ම කිව්වා. අනේ දෙයියනේ. අපිටවත් තියෙන මොලේ නැහැනේ. ඕක කරන්න තිබුණේ.. පළවෙනි ගිනිදැල්ල එනකොට... ඔබ හරියට හරි. මහදැන මුත්තයි.. ගෝලයෝ රොත්තගෙයි අලුත්ම කතාව දැන් තිරගත වේ.. 69 ලක්ෂයේ නිෂ්පාදනයක්.. කිරිබත් කා නැරඹීම වඩාත් සුදුසුයි.

:       0       0

mohomed Tuesday, 01 June 2021 04:55 PM

කෝච්චිය ගියාට පස්සේ අත දාලා වැඩක් නැහැ.

:       0       0

සෙනවි Tuesday, 01 June 2021 04:57 PM

මට නම් මේවා හීනයක් වගෙයි. මට විතරද එහෙම හිතෙන්නේ?

:       0       0

de silva Tuesday, 01 June 2021 05:12 PM

රට රකින විරුවනි ඔබ කොහේද

:       0       5

Ratne Tuesday, 01 June 2021 05:17 PM

වසංගත තත්ත්වයේ දී වගකිවයුත්තන්ගේ තීරණ ප්‍රමාද වී ගත්තා සේම, නියෝග ලබා දුන්නත් දැනටමත් අශ්වයා පැන ගිහින් වගේ පේන්නේ. කෙසේ හෝ විනාශ වී ඇති නැව මුහුදුබත් වීමට පෙර ගැඹුරු මුහුදට ගෙන යාමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

:       0       8

ජයන්ත Tuesday, 01 June 2021 05:33 PM

තෙල් කාන්දු වෙයි කියල කරන වැඩක් නෙමේ. නැව බේරා ගැනීමේ අයිතිය වෙන කම්පැණියකට දීල සම්තින් එකක් ඉල්ල ගන්ඩ හදන්නේ. මතකනෙ කලින් නැවටත් කල දේ. පරීක්ෂකයෝ කියනවා නැව හිල් කරල තමයි තෙල් කාන්දු කරන්ඩ වෙන්නේ කියලා. කිමී 500 ක් ඈතට ගියත් තෙල් කාන්දු උනොත් ලංකාවටම තමයි ඒන්නේ.

:       0       5

Ranjan Kumara Tuesday, 01 June 2021 05:40 PM

රජයක් කළ යුත්තේ වැරදි වැඩවලට පිළියම් කිරිමට ඩවා වැරදි සිදු වීම අඩු කරගැනිමයි

:       0       6

janahitha Tuesday, 01 June 2021 06:43 PM

මේ නැව ගොඩබිමට අරන්ගිහින් යකඩ කපනන් පුලුවන්

:       0       3

appuva Tuesday, 01 June 2021 06:44 PM

මේකේ සීනි, පොල්තෙල් තිබුණේ නැතෙයි..

:       0       6

abaran Wednesday, 02 June 2021 12:09 AM

කොච්චර දියුණු, සල්ලි තියෙන රටවල් වුණාට "ස" එක්ක ලේසි වෙන්නේ නෑ..

:       1       16

C.K.Lankaputhra. Wednesday, 02 June 2021 01:22 AM

ශාහ්! මාර මොලයක්නේ. එකෙකුට තේරුනේ නැහැනෙ ඔය ටික. සියලු ප්‍රශ්න විසඳෙන වැඩක්නේ...

:       1       17

Praja Wednesday, 02 June 2021 01:24 AM

පළාතම ඉවරයිනේ ආයුබෝවං... දැන් ඉතිං අමුඩේ තදකරලා වැඩක් වෙයිද...?

:       2       19

indika Wednesday, 02 June 2021 02:21 AM

දැන් අරන් ගිහින් මොනවා කරන්නද ලංකාවට වුණ දේ

:       0       4

Chris Berenger Wednesday, 02 June 2021 02:34 AM

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් තවම පරීක්ෂණ අවසන් නැත. එහෙයින් නෞකාවේ ගින්න තවම අභිරහසකි. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මෙබඳු අභිරහස් තිබිය නොහැක. එහෙයින් මේ සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. විශේෂයෙන්ම සිදුව ඇති විනාශය දෙස බැලීමේදී කිසිවකුගේ හෝ අත්වැරැද්දකින් මෙය සිදු වී තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

:       0       5

kamal Wednesday, 02 June 2021 03:07 AM

අශ්වයා ඉස්තාලයෙන් පැන්නාට පස්සේ නැව ගැඹුරු මුහුදට ගෙන යන්න හදනවා. මාර විද්වතුන් සමූහයක් තමයි. අපේ ආචාරය සර්...

:       1       20

Vithana Wednesday, 02 June 2021 04:18 AM

ඒකත් කාගෙන් හරි අහගත්තු උපදෙසක්ද දන්නේ නෑ. ගිනි අරන් ඉවර වෙලා පරිසරයට වෙන්න තියෙන විනාශය වුණාට පසුව තමයි මොලේ පෑදිලා තියෙන්නේ. අනේ මෙහෙම ෆේල් වුණු නායකයෙන් නේද අපේ රට පාලනය කරන්නේ කියලා හිතෙන කොට පුදුම දුකක් දැනෙන්නේ. 69 ලක්ෂය මේ විනාශයට වගකිව යුතුයි...

:       3       23

ase Wednesday, 02 June 2021 04:19 AM

"ගැඹුරු මුහුදට රැගෙන යන්නයි නියෝගයක්" එතකොට ඉවතට එන තෙල් යට යනවාද? මහා විනාශයක මුල පිරීමක් නේද? ඉවත්වන තෙල් මුලු ආසියාකරයටම බෙදාහැරීම නේද මෙයින් කරන්නේ...!!!

:       2       22

Chris Berenger Wednesday, 02 June 2021 04:36 AM

ගින්නට අසුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් ඇට විශේෂයක් නිසා මෙම මුහුදු තීරය වසර ගණනාවක් යන තුරු ‘අමු සොහොනක’ තත්ත්වයට පත්වන බව පරිසර විශේෂඥයන් පෙන්වා දී ඇත. ගල්මල් හා කොරල්පර දියවීම, යළි ඒවා ​නොසෑදීම, මාළුන් බෝවීම වැළකීම හා මෙම ක්ෂුද්‍ර අමුද්‍රව්‍ය මුහුදු ජලයට දියවීම මත මසුන් ආහාරයට ගැනීමේදී පිළිකා, ශ්වසන රෝග හා චර්ම රෝග ඇතිවීම සිදුවන බව ද ඔවුන් පෙන්වා දී ඇත.

:       0       6

ලුම්බිණි Wednesday, 02 June 2021 05:00 AM

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම ඉතාම වැරදි තීරණයක්. මේක හරියට අපට ගානක් ලැබුණා... දැන් ඕන දෙයක් වුණාට කමක් නැහැ වගේ දෙයක්...

:       2       8

sugathWednesday, 02 June 2021 10:31 AM

එහෙනම් රට ඇතුළට ඇදගෙන එන්නද කියන්නේ?

:       0       2

kamani Wednesday, 02 June 2021 05:25 AM

නැවේ තෙල් ධම්මික වෙද මහත්තයාගේ තෙල තරම් හොඳ නැහැ..!!!

:       0       4

duminda Wednesday, 02 June 2021 05:28 AM

අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ... සර් වැඩේට බැහැලා..

:       1       8

Rata Perata Wednesday, 02 June 2021 06:18 AM

තවත් පිස්සු නියෝගයක්...

:       0       13

රොහාන් Wednesday, 02 June 2021 06:35 AM

කොහොමත් එජාපයට පක්ෂවනෙ ප්‍රතිචාර දාන්නේ...

:       13       1

fairoos Wednesday, 02 June 2021 07:15 AM

අයියෝ නන්දසේන... මිස්ටර් බීන් 2වැනි කොටස...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 10 0

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 271 3

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 472 4

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 733 11

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 677 2

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 20 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 15 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1049 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site