IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


එක්ස්ප්‍රස් පර්ල් වන්දියට ’’බකට්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීම සඳහා  නැව අසලට යෑමට නොහැකිවීම හේතුවෙන් එම පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි ගැනීමට පවරා ඇති නඩුවේදී   ශ්‍රී ලංකාවට අවාසිදායක  තත්වයක් ඇති වනු ඇතැයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45ක කාලයක් පමණක් බවත් නඩු පැවරීම නෞකාව අයත් සිංගප්පූරුවේ  කිරීම අවාසි සහගත බවත් පරිසරවේදීහු සහ නීතිඥවරු පිරිසක් එම කාරක සභාව හමුවේ  පැවසූහ.

නැව අසලට  යෑම අනතුරුදායක බව පැවසීම නිසා නැව තුළ මෙන්ම නැව අසල පරිසර හානිය තක්සේරු කිරීමට බාධා මතුව ඇතැයි හානිපූර්ණය ගණනය සඳහා පත් කෙරුණු විද්වත් කමිටු සාමාජිකයෝ  පෙන්වා දුන්හ.

මේ අනුව එම නෞකාවේ ඉතිරිව ඇති කොටස් ආසන්නයට ගොස් හානිපූර්ණය ගණනය කිරීම සඳහා සාම්පල  ගැනීමට විද්වත් කමිටු සාමාජිකයන්ට පහසුකම් සම්පාදනය කරදෙන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට(මීපා) සහ ජාතික ජලසම්පත් පර්යේෂණ  හා සංවර්ධන නියෝජිත ආයතනයට (නාරා) උපදෙස් දුන්නේය.

අනතුරට අදාළව ඇමරිකානු ඩොලර් කෝටි 600 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාල විද්වත් කමිටු වාර්තාව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින්  නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ  ඇති බවත්  නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ යුතු බවත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා  ප්‍රකාශ කළේය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ එම වාර්තාව පදනම් කරගෙන වන්දි මුදල් ලබා ගැනීමට නඩු පැවරීම කඩිනමින් කරන බවයි.

මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසරය  පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අප්‍රේල් 25 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

එක්ස්ප්‍රස් පර්ල්  නෞකාව මෙරට මුහුදු සීමාවේදී  2021 වසරේදී  අනතුරට පත්වීමෙන් විශාල සමුද්‍රීය පරිසර විනාශයක් සිදුවිය.



අදහස් (2)

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට ’’බකට්’’ එකක්

Nimal Friday, 07 April 2023 04:59 PM

මොන දෙයක්වත් හරියට කරගන්න බැහැ මේ අයට... හොරා කන එකයි, බදු ගහන එකයි ඇර...

:       0       19

පැරකුම්Friday, 07 April 2023 10:17 PM

වැරැද්ද එතැන නෙවෙයි. අකාර්යක්ෂම නිලධාරීන්ට නිසිකළට නිසි දඬුවම් නොදීමයි වරද...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ
2025 අප්‍රේල් මස 15 111 0

ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


කොළඹ එන්න ඇති පදම් බස්
2025 අප්‍රේල් මස 15 301 0

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය.


ගමේ ගිය අයට කොළඹ එන්න අතිරේක බස්
2025 අප්‍රේල් මස 15 115 0

අවුරුදුට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද (15) සිට ලබන 21 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංගම නියෝ


දුම්රිය ධාවනය හෙට සිට යථාතත්වයට
2025 අප්‍රේල් මස 15 96 0

අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.


උප ජනපති පාපන්දු කුසලානය කඩලා
2025 අප්‍රේල් මස 15 1032 0

ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ


ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි
2025 අප්‍රේල් මස 15 282 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 123 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 890 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site