IMG-LOGO

2025 මාර්තු මස 30 වන ඉරිදා


එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාව පසුගිය වසර තුනේ මුහුණ දුන් දැවැන්ත අභියෝග වන පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදයෙන් පසු වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගී වන නිල සමුළුව ද මෙම ආසියා පැසිෆික් සමුළුවයි.

දින හතරක් තිස්සේ පැවැත්වෙන මෙම සමුළුවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව, කෘෂි සංචාරක වැඩ පිළිවෙළක් සැකසීම, අත්දැකීම් හා තාක්ෂණික හුවමාරු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හා කලාපීය වශයෙන් පැන නැගී ඇති ගැටළු සාමුහිකව විසඳා ගැනීම යන කරුණුවලට අදාලව සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසක් ද පැවැත්වේ.

ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.



අදහස් (1)

එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට

ලිං මැඩියා Sunday, 10 December 2023 12:06 PM

"එක්සත් ජාතින්ගේ ලෝක සමුළුවක සත්කාරකත්වය ලංකාවට" ආසියා - පැසිපික් කලාපයේ මෙම අවස්ථා සෑම සාමාජික රටකටම භ්‍රමණය වීම (rotation) අදාල කාල ෙඡ්දනය අනුව සිදුවන සාමාන්‍ය සංසිද්ධියකි. එහි ලොකු/පොඩිත් නැත. අපේ ළිංමැඩි මානසිකත්වය පමණි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාවේ හැදූ සැමන් ප්‍රථම වරට රට යවයි
2025 මාර්තු මස 29 1019 0

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සැමන් තොගය විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය අද (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ්


මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක්
2025 මාර්තු මස 29 268 0

රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ක


මැකෝගෙන් අපේක්ෂකයන්ට පණිවිඩයක්
2025 මාර්තු මස 29 86 0

පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.


’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’
2025 මාර්තු මස 29 605 1

දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය.


දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප
2025 මාර්තු මස 29 2983 3

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා


දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර?
2025 මාර්තු මස 29 2507 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 561 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 715 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1430 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site