(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා එංගලන්ත ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් නතරව සිටින ගාල්ල දඩල්ලේ සුපිරි සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද (18) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙසේ ආසාදිත වි ඇති දෙදෙනා ගාල්ල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි හෝටලයේ මුළුතැන්ගෙයි හා ලොන්ඩ්‍රියේ සේවය කරන දෙදෙනෙකි.
ඉකුත් 14 වන දින මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසුව පෙරේදා හෝටලයේ සේවකයින් 98 ක් සඳහා පී.සි.ආර්.පරික්ෂණ සිදුකර ඇති අතර එහිදි මෙම දෙදෙනාද ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා මේ වනවිට රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබේ.
මේ අතර හෝටලයේ කළමනාකාරිත්වය පවසන්නේ මෙම සේවකයින් දෙදෙනා සෘජුවම එංගලන්ත ක්‍රිඩකයින් සමඟ සම්බන්ධ වි නැති බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් පැවසුවේ මෙම සේවකයින්ට වයිරසය වැළඳුන ආකාරය සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනිම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරමින් සිටින බවයි.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා