IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එංගලන්ත තරුණියගේ බෑගය හමුවෙයි: අයෙක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

එංගලන්ත ජාතික තරුණියකගේ  ඩොලර් 20000ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය  පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගත්  පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගත් බව  පිටකොටුව පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත්  හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන ඇත .

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක  විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් තිබිණි .

බස් රථයේ  සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප  තොරතුරු කරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබා ගත් තොරතුරු කලකට පෙර බස් රථවල  ස්ටිකර් අලවිකල පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .

 සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ  ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප් ටොෆ් පරිගණකය  රහස් අංකය විනාශ කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී  තිබියදීත් සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබියදී සොයාගැනීමට හැකිවූ බව පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා පැවසීය.

"අන්ඩර් ද සේම් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන  ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින  මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි  

 

 

 



අදහස් (18)

එංගලන්ත තරුණියගේ බෑගය හමුවෙයි: අයෙක් අත්අඩංගුවට

රංබොඩ Friday, 31 May 2024 09:55 AM

මේ කාලකන්නියා රටේ නමනෙ විනාශ කළේ. දැන් ඒ තරුණිය ඒගැන ලෝකෙටම කියයි.

:       2       122

ප්‍රදීප් කුමාර Friday, 31 May 2024 10:31 AM

ශ්‍රී ලංකාව කියන නම කෑවා... දෙන්න ඕනෑ උපරිම දඬුවම් ආයෙත් තවත් කෙනෙකුට පාඩමක් ඉගෙන ගන්න එක්කම.

:       0       64

ිටොය Friday, 31 May 2024 10:43 AM

දැන් මේ විස්තර youtube යයි. වරදකරුට දැඩි දඩුවම් දෙන්න. අනෙක් අයටත් ඒ දේ නොකරන්න. සංචාරකය්න්ට සලකන්න ගරු කරන්න මිනිස්සුන්ට කියාදෙන්න...

:       0       47

Nimal Friday, 31 May 2024 10:43 AM

දේශපාලනය ගෑවුණු කේස් එකක් හැර, අනිත් ඕනෑම අපරාධයක් අපේ පොලිසියට හොයන්න පුළුවන්.

:       2       71

අනුරුද්ධ Friday, 31 May 2024 10:46 AM

ශ්‍රි ලංකා පොලිසියට රටේ උත්තමාචාරය විශේෂයෙන් පිටකොටුව පොලිසියට සහ මෙම හොරකම අල්ලා ගැනීමට සහාය වූ සියලු නිළධාරි න් වෙත ප්‍රණාමය පුදකර සිටිමි.

:       0       76

පිටිගල මිලානෝ Friday, 31 May 2024 11:05 AM

රටේ ඉහළම තැනින් පුරුදු කරපු හොරකම, ජඩකම පහළම තැනින් අපූරුවට ඉටුවෙනවා. රට්ටු අප්පච්චි කියපු එකා තමයි ලොකුම හොරා. මේ පිළිබඳව ලියවුනේ යූටියුබයේ නොවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙයි…

:       18       46

Akila Friday, 31 May 2024 11:15 AM

මෙම සංචාරක වෙළෙන්ඳන්ට බස් රථවල ඇතුළට නගින එක තහනම් කරන්න.. වැඩිහරියක් ම ඉන්නේ හොරු.

:       0       59

Kumara Friday, 31 May 2024 11:22 AM

දේශපාලකයින් සම්බන්ධ නැතිනම් ඕනෑම සොරකමක් ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීමට අපේ රටේ පොලිසිය දක්‍ෂයි...

:       2       49

Dharmatileke Friday, 31 May 2024 11:45 AM

මේ වගේ දේවල් මුලු ලෝකේ හැම රටකම වෙනවා නමුත් නැවත හමුවීම අපේ රටේ ඉක්මණින් හමුවෙනවා....

:       2       43

Gayash Friday, 31 May 2024 12:24 PM

මෙම තත්වය ඕනෑම රටක දකින්ට ලැබෙනවා. නමුත් නැතිවන දේවල් ඉතා අඩු කාල සීමාවකින් අපේ රටේ ලැබෙනවා අනිත් රටවලට සාපේක්ෂව. ඉතාම අගය කරනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය

:       0       13

Lalla Friday, 31 May 2024 12:27 PM

අහවල් අවයව තලල දාන්න...දෙන්න වෙන දඬුවමක් නෑ...

:       1       9

Josep Friday, 31 May 2024 01:30 PM

අපේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ලෝකේ ඉහළින්ම ඉන්නවා. ලංකාවේ මිනිස්සු බුද්ධිය අතින් ඉහළ මට්ටමක ඉන්නවා ඒ ගැන කථා දෙකක් නෑ. වෙනත් රටවල්වල මිනිස්සුත් එක්ක වැඩකරලා තියෙන අද්දැකීමෙන් කියන්නේ... දැන් අර කාන්තාව පොලිසියෙන් දක්ෂකම ගැන යූ ටියුබ් නාලිකාවේ කියයිද, හොරු ගැන කියයිද? පොලිසියේ මහත්තුරුන්ට අපගේ ගෞරවය...!

:       1       18

Asuramuni Eric Bernard Perera Friday, 31 May 2024 01:44 PM

පොලිසියට අපේ ගෞරව ප්‍රණාමය... නියමයි..!

:       0       18

sunil Friday, 31 May 2024 02:14 PM

"හොරුන්ගෙන් ප්‍රවේශම් වනු" යන නාම පුවරුව ගුවන් තොටුපලේ සවි කිරීමට කාලය පැමිණ ඇත...

:       0       10

Sarath Friday, 31 May 2024 02:41 PM

මෙයා රටේ නම කෑවානේ... මොන අපතයෙක්ද?

:       0       13

SUJEEVA MILANO Friday, 31 May 2024 03:46 PM

PITIGALA MILANO කියන්නෙ හරියට ඉතාලියෙ හොරු නැතිව වගේනෙ..අනෙක. කොටින්ට බයේ නට්ට පස්ස පැත්තෙ ගහගෙන ඇදන් යට රින්ගපු ගොරකයො තමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව කතා කරන්නෙ. එතුමාට පින්සිදු වෙන්න අද බයක් සැකක් නැතුව ජීවත් වෙනව. කුහක නොවී ඒකටවත් ගරු කරන්න ඉගෙන ගන්න. එතුමාට බුදු සරණයි

:       16       12

පිටිගල මිලානෝ Friday, 31 May 2024 05:22 PM

ගුඩ්මෝනිං ලොක්කා… මෙච්චර කල් බුදියගෙන ඉදලා අදද ඇහැරියේ…? ඉතාලියට ඇවිල්ලත් හැදිලා නැති ඔබ වැනි අය ගැන කවර කතාද..? අර ඉතාලියේ ඉන්න පච්චයාත් දැන් හැදිලා. ඌ අප්පච්චි කියන එකාගේ පච්චේ මකාගන්න දහ අතේ ඇවිදිනවාලු…

:       9       8

SUJEEVA MILANO Friday, 31 May 2024 06:54 PM

මනුස්සයෙක්ට ගරුත්වයක් දීලා කතා කරන්නවත් හැදියාවක් නැතිකම ගැන මම කණගාටු වෙමි... ඉතාලි නෙමෙයි ලෝකයේ කොහේ ගියත්... ඉස්මතු වෙන්නේ තමන්ගේ සහජ ගතිගුණ බව ඔබගෙන් මනාව පැහැදිලි වේ..

:       4       8

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 6 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1811 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2210 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2918 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1287 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site