IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එජාපය 77 උපන්දිනේට ඩිජිටල්කරණය වෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ හෙට  (6) 77 වැනි සංවත්සරය සමරයි.

77 වන සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කිරීම ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හෙට සිදුකිරීමට නියමිතය.

පක්ෂය ඩිජිටල් කිරීමේ මූලික පියවර ලෙස අන්තර්ජාලය ඔස්සේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට පාක්ෂිකයාට අවස්ථාව හිමිවන බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

77 වන සංවත්සරය සමරමින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට පෙරවරු 7.30 ට සර්ව ආගමික වතාවත් පැවැත්වේ.

අනතුරුව පක්ෂයේ දිවංගත නායකයින්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර හා මල් දම් පැළදවීමට ද නියමිතය. 

එම අවස්ථාවට එක්සත් ජාතික මහලේකම් පාලිත රංගේබණ්ඩාර, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක,උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සිරිකොත  විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරු ද සහභාගී වෙති.



අදහස් (5)

එජාපය 77 උපන්දිනේට ඩිජිටල්කරණය වෙයි

Perera Wednesday, 06 September 2023 01:12 AM

ඕවා මොනවා කළත් වැඩක් තියෙනවද? මොලේ තියෙන කෙනෙක් ඔය බංකොළොත් පක්ෂයට ඡන්දෙ දෙනවද?

:       1       5

බී අමරසිංහ Wednesday, 06 September 2023 03:17 AM

මුළු රටේම පාක්ෂිකයෝ කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ

:       1       5

ranjith Wednesday, 06 September 2023 06:45 AM

ඕක ඩිජිටල් කරගෙන තියාගන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්නේ

:       1       4

ආමර් වීදියේ යකා Wednesday, 06 September 2023 08:32 AM

ඔය පක්ෂේ කොහෙද බං දිවංගත නායකයෝ . ගිහින් අවීචියේ බලපන්

:       1       7

ලුම්බිණි Wednesday, 06 September 2023 01:36 PM

සමරන්න පක්ෂයක් තියෙනවාද? රනිල්ට පින් සිද්ද වෙන්න එක්සත් ජාතික පක්ෂය නැති වුණානේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 125 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 327 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2407 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1761 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3383 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1710 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site