IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


එජා මානව හිමිකම් කවුන්සිලයේ දී චීනයේ සහය ශ්‍රී ලංකාවට

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව ලබා දෙන බව චීන රජය සඳහන් කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ,චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය ලූවෝ ජාවෝහුයි මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ජිනීවා හි එක්සත්  ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී  ශ්‍රී ලංකාවට චීනයේ සහය ලබා දෙන බවද  උප අමාත්‍ය ලුවෝ මහතා මෙහිදී සහතික වී තිබේ.

දෙපාර්ශවය අතර පැවති මෙම දීර්ඝ සාකච්ඡාවට ජාත්‍යන්තර සංසදවල දී සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහය, කොවිඩ්-19 වසංගතයෙන් පසු ප්‍රකෘතිමත් වීම හා සම්බන්ධ ආර්ථික කරුණු, කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත ඉහළ මට්ටමේ සංචාර පිළිබදව ද  සාකච්ඡාව බඳුන් වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීම සඳහා සහ රජය සතු ව්‍යවසාය ඇතුළුව වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කරවීම සඳහා දරන ප්‍රයත්නවලට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කාර්යශීලී ලෙස සහය දක්වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

චීනයේ ආධාර ලද මෙම ව්‍යාපෘති දෙක බිම් මට්ටමෙන් ඉහළ නැංවීම සඳහා සුදුසු කාලය එළඹ ඇති බව ලුවෝ මහතා පිළිගත්තේය. දෙරට අතර ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමට කඩිනමින් එළඹීමේ අරමුණින් යුතුව ඒ පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බවට දෙපාර්ශ්වයම එකඟ විය. 

මෙහිදී ආචාර්ය කොහොන මහතා, ශ්‍රී ලංකාවේ ස්වාභාවික, කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන රැසකට චීනයේ ලාභදායී වෙළඳපොළ වෙත පිවිසීම සඳහා බාධා පමුණුවන තීරුබදු නොවන බාධක පිළිබඳ ගැටළුව ද මතු කළේය.

 



අදහස් (8)

එජා මානව හිමිකම් කවුන්සිලයේ දී චීනයේ සහය ශ්‍රී ලංකාවට

upali Wednesday, 10 March 2021 07:43 AM

දැන් ඉන්දියාව බෑ කියයි වගේ ...

:       2       9

ravi Wednesday, 10 March 2021 07:54 AM

අපි චීනයත් සමග ආසියාවේ ශක්තිමත්, බලවත් රටක් විය යුතුයි.

:       14       12

mal Wednesday, 10 March 2021 09:20 AM

නැතුව නැතුව. බටහිර රටවල් එකක්වත් නැති වුණාට ඇබිසීනියාව වගේ රටවල්වල සහයෝගයත් අපටමනේ. ඉතින් අපි කාටද බය..? අපිට කවුද බය..?

:       4       14

Rata Perata Wednesday, 10 March 2021 09:20 AM

මේවා බයියන්ට නම් නියම සතුටු පුවත්.. චීනෙටත් සතුටු ඇති. මොකද ගිනි පොළියට චීනෙන් ණය ගන්න ඉන්න මෝඩ රටක් නේ... අනිත් එක තව ටික කාලෙකින් චීන කොළණියක්නේ. ඉතින් සහයෝගය දෙන්නම වෙනවා.

:       6       14

Lanka Wednesday, 10 March 2021 09:29 AM

නැතුව, නැතුව ... එයාලගේ ඉඩම් බේරගන්න ඕනෑ තමයි.

:       1       6

බද්රානි Wednesday, 10 March 2021 10:20 AM

ඉතින් චීන්නු තමන්ගේ යටත් විජිත කොළනියකට පක්ෂව ඡන්දෙ නොදුන්නා නම්නේ අපි පුදුම වෙන්න ඕනෑ. අනික, අර අපිව උල තියන්න බලාගෙන ඉන්න බටහිර රටවල් වලිනුත් අපිව ගලවා ගත්තා. මම නම් කෝකටත් කියලා දැම්මම චීන භාෂාව ඉගෙන ගනිමිනුයි ඉන්නේ. අපේ රටට ආදරය, සෙනෙහස, කරුණාව මෛත්‍රිය දක්වමින් ඉතාම සාධාරණ පොලියකට ණය ලබා දෙන අතිගරු, චීන අගමැතිතුමාට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය..!!

:       3       5

සිරිබිරි Wednesday, 10 March 2021 11:47 AM

එහෙම නොකර පුළුවන්ද? දීලා තියන ණය කන්දරාව දිහා බලපුවාම...

:       2       0

rocky Wednesday, 10 March 2021 12:44 PM

ශ්‍රී ලංකාවේ බලවත්ම සතුරා වන්නේ චීනය බව අනාගතයේදී තහවුරු වනු ඇත...

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි
2024 දෙසැම්බර් මස 16 4 0

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි
2024 දෙසැම්බර් මස 16 201 0

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 100 0

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.


මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 315 0

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4


ජනපති ඉන්දියාවේ ලොකු ව්‍යාපාරිකයෝ හමුවෙති
2024 දෙසැම්බර් මස 16 375 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්


ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 415 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 208 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 210 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site