IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’එතුමා’’ මහ උසාවියෙන් වැරදිකාරයා වුණොත් එකට ඉඳගන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් "එතුමා" සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  අද (8) පැවසීය.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් "විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උසාවියකින් බරපතළ ලෙස චෝදනා ලැබ අපකීර්තිමත් වූ පුද්ගලයෙක් යැයිද "මිස්ටර් ක්ලීන් "ට මේ වගේ කුණු ගෑවුණු සංවිධායකවරයෙක් එක්ක ඉන්න පුලුවන්දැයි ඇසූ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.

"එතුමාට විරුද්ධව මහාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවරක් යන්නට එතුමාට අයිතියක් තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  වැරදිකාරයා යයි  කිව හොත් එවිට එතුමා සමග මා ඉඳගන්නේ නැහැ.ඒ වගේම එහෙම වුනොත් එතුමාට මෙතන වාඩිවෙන්නත්  බැහැ.නමුත් එවැනි තීන්දුවක් ලැබෙන තුරු මා මෙතන ඉන්නවා.ඔය ගොල්ලො කීප දෙනෙකුටත් නඩු දමා වැරදිකාරයා කරන තුරු මහ උසාවි යනකං අප හිටියා".යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (8)

’’එතුමා’’ මහ උසාවියෙන් වැරදිකාරයා වුණොත් එකට ඉඳගන්නේ නෑ‘‘

Kanthi Wednesday, 08 June 2022 05:04 PM

අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවැරදිකරු කියා නිදොස් කොට නිදහස් කරාවි.ඒක ඉර හඳ වගේ ස්ථිරයි..

:       0       0

යෝගා Wednesday, 08 June 2022 05:11 PM

තුෂාර ඉඳුනිල්ලා මන්ත්‍රීල උනාට නීතිය තියා ව්‍යවස්ථාවවත් නොදන්න අත දරුවො. වාචාල කතා කියල නිකම් සවුත්තු වෙනවා

:       0       0

බද්රානි Wednesday, 08 June 2022 08:11 PM

ඒක මහා තක්කඩි ප්‍රකාශයක්නේ. ඒ කියන්නේ යම්කිසි මහාධිකරණ තීන්දුවක් ජනතාවත් පිලි නොගත යුතුයි කියන එකද? එහෙම නැත්නම් ඒ තීන්දුව වැරදියි කියන එකද? අගමැති වරයා මහාධිකරණයටත් අපහාස කරලා තියෙන්නේ. කොහොමත් මොහු කප්පන් ගත්තු බවට මහාධිකරනයෙදී ඔප්පු උන වැරදි කරුවෙක්. "කන්න ඕනා උනාම කබරගොයත් තලගොයා කර ගන්න" තක්කඩි එය පිලි නොගත්තට, අපි පිලිගන්නවා ඒ තීන්දුව. අභියාචනා අධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් දඬුවම ලිහිල් කර ගැනීමේ වරදක් නැහැ. කෙසේ උවත් කප්පන් ගන්නා මර දේශපාලුවන්ව මේ රටේ දේශපාලනයෙන් තුරන් කල යුතුයි.

:       0       0

WCA Wednesday, 08 June 2022 11:09 PM

දැන් මේක උසාවියකින් නෙවෙයිද දීල තියෙන්නේ පොනිලෝ.එහෙනම් හැමෝටම දැන් මේ අදිකරනවලින් දෙන තීන්දු මහා එකෙන් කියනකල් දඩුවමුත් දෙන එක නවත්වන්න ඕනේ

:       0       0

wahaldeepe Thursday, 09 June 2022 01:14 AM

දැන් එතකොට ඔබතුමා කියන්නේ ... එතුමා නිවැරදි කරු කරන්න කියලද .. ? සැකය් එකය් ඇහුවේ ..

:       0       0

Lalith M Thursday, 09 June 2022 06:42 AM

නඩුවලට වියදම දඩ වන්දි කෝටි ගනන් ගෙවන්න මේ අය කොච්චර මහජන මුදල් කොල්ලකෑම කරල තියනවද.නමට පොදුජන. ක්‍රියාකලාපය පොදුජන පීඩක පෙරමුණ.......

:       0       0

සුනිල් රණවීර Thursday, 09 June 2022 06:43 AM

එතුමා කවුද

:       0       0

සුමතිපාල Thursday, 09 June 2022 08:03 AM

ඔය කියන මහ උසාවිය පමණක් තියාගෙන වැඩක් නැති පොඩි උසාවි වහලා දැම්මා නම් ජනතාවගෙ බදු මුදල් ඉතිරි වෙනවා නේද අගමැති තුමෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 326 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 5 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 420 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 753 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1359 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 77 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21276 28


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1818 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site