IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘එදා යුතුකම් අමතක කර යළි ඡන්දය ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද‘‘

(ඩයනා උදයංගනී)

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත් ඡන්දය ඉල්ලන්නේත්, පක්ෂයක නායකත්වය දරන්නේත් රෙදි ඇඳගෙනදැයි තමා ප්‍රශ්න කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (4) පවසති.

එදා යුතුකම් අමතක කර ජනතාවගේ මරණවලට ඉඩ තැබූ අය යළිත් වගකීම් ඉල්ලා ඡන්දය ඉල්ලන්නට සැරසීම ලැජ්ජායට කරුණක් බව ද අගරදගුරු‍තුමෝ සඳහන් කරති.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින්ද හිටපු ජනාධිපතිවරයා වරදකරුවෙක් ලෙස නම් කර ඇති නිසා එතුමාට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද කළ යුතු නැතැයි ද කාදිනල්තුමෝ කියති.

එම වාර්තා‍වේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මාස ගණන් වසර ගණන් බලා සිටින්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව කී කාදිනල්තුමෝසෙප්පඩවිජ්ජාවන් නොකර කඩිනමින් එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම එදා සහරාන්ලා සමඟ ගණුදෙනු කළ මැති ඇමතිවරු තවමත් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටීම ලැජ්ජාවට කරුණක් බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

කාදිනල්තුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදිනය නිමිත්තෙන් දේවස්ථාන කිහිපයක සංචාරයේ යෙදුණු අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.



අදහස් (10)

‘‘එදා යුතුකම් අමතක කර යළි ඡන්දය ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද‘‘

pradeepa Sunday, 04 April 2021 07:40 AM

පාස්කු නිසා ගොඩගිය කට්ටියක් ඉන්නවා. එයාලා ගැනත් නුවණින් සලකා බැලිය යුතුයි.

:       55       111

විපරමා Sunday, 04 April 2021 09:30 AM

දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි දේශපාලුවන්ට කොහෙද ලැජ්ජාවක් තියෙන්නේ? ඒ අයගේ ලැජ්ජා නහරවල් කපලා...

:       1       127

rathgama Sunday, 04 April 2021 09:44 AM

බූවල්ලද, මඩුවලිගයද? නැතිනම් අර ඉන්දියාවෙන් ගෙන්වපු වදක ලණුවක්ද?

:       1       58

ජයන්ත මිලානො Sunday, 04 April 2021 10:02 AM

කාදිනල්තුමනි, ඔබ කියන්න තියෙනදේ කෙලින්ම කියන්න බයවෙන්න එපා. කාටවත් කඩේ යන්න එපා. මේ පාස්කු ප්‍රහාරයෙන් වාසිගත්තු පාර්ලිමේන්තුවේ ඉන්න අය ගැනත් කෙලින්ම කියන්න. කතෝලික අයටත් මේ පාර ඒ අයටම ඡන්දෙ දෙන්න කියන්න. අර රතු කට්ටියට ඡන්දෙ දීලා පත්කර ගත්තා නම් ඒ අය මොනවා හරි කරලා දැනටමත්..

:       87       75

Seneka ඉතාලි Sunday, 04 April 2021 02:42 PM

ඔයා නොකියා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ හරි කියලද? මේ අය තමයි පක්ෂ දෙකටම කඬේ ගිය වහල්ලු. මමත් මුලදී විශ්වාසයක් තිබ්බ පක්ෂයක් තමයි. හැබැයි ඒ චන්ද්‍රිකාගේ පාලන කාලය තුළදී. දැන් නම් මේ අය අවස්ථාවාදීන්...

:       41       77

Aba Sunday, 04 April 2021 10:13 AM

ඒ අය ඡන්දය ඉල්ලනවට වඩා ප්‍රශ්නේ මේ මෝඩ මිනිස්සු ඒ අයටම ඡන්දය දෙන එකයි.

:       1       90

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 04 April 2021 11:22 AM

කාදිනල් හිමිපාණන්ගේ අදහස හරි. ඔය මනුෂ්‍යයාට ලැජ්ජාවක් කියන දේ ඇඟේ ගෑවිලාවත් නැහැ. ඒ වගේම පොළොන්නරු පැත්තේ ඉන්න සමහර මිනිසුන්ගේ හැටිත් එහෙමයි. ලජ්ජාව නැති මිනිසුන්ව ඡන්දෙ දීලා දිනවනවා.

:       11       80

duminda Sunday, 04 April 2021 12:29 PM

අපරාධකාරයින්ව ලංකරගෙන ආණ්ඩු හැදුවේ රෙදි ඇඳගෙනද අහන්න...?

:       1       52

කුසල්‍යා Sunday, 04 April 2021 02:22 PM

ආරක්ෂාවට වග කියනවා,පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා, යුක්තිය ඉෂ්ට කරනවා, ඔය වගේ දහසකුත් පොරොන්දු දීලා බලයට ආවේ. අන්තිමට ජනතාව රැවටුණු එකයි සිද්ධ වුණේ.

:       0       16

fairoos Sunday, 04 April 2021 02:48 PM

ඡන්දෙ කාලේ ළංවෙනකොට තමයි පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ... හිටපු ජනාධිපති දැන් ආණ්ඩු පක්ෂයේ සම සභාපති. ඒකත් කාදිනල්තුමාට මතක නම් හරි..

:       1       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site