(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (11) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත්කරණ කටයුතු සිදුකෙරුණු අතර එන්නත් ලබාගැනීම සඳහා ජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබිණි.
එන්නත් ලබාදෙන ස්ථානවල දිගු පෝලිම්වල ජනතාව එන්නත් ලබාගැනීමට බලා සිටිනු දක්නට තිබිණි.
කොටිකාවත්ත එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)
කඩුවෙල එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)
මාලිගාවත්ත එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)
රිජ්වේ ළමා රෝහලේ දී එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)
මාලිගාවත් පොලිසිය ඉදිරිපිට (ශාන්ත රත්නායක)
බණ්ඩාරගම කිදෙල්පිටිය ශ්‍රී සාරාලංකාර ප්‍රාථමික විද්‍යාල එන්නත් කරණය කරන අයුරු (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෑල්ලවත්ත සිතුමින ප්‍රජා ශාලාවේදි එන්නත් කරනය සිදු කරන අයුරු . (ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)
දෙහිවල ජයසින්හ ශාලාවේදි එන්නත් කරනය සිදු කරන අයුරු . (ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)
නුගේගොඩ විජේරාම ජයවර්දනපුර විශ්ව විදාලය ආසන්නයේ පිහිටි පොල්වත්ත විහාරයේදි එන්නත් කරනය සිදු කරන අයුරු .(ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නතට දැඩි උනන්දුවක්:නීතිත් අමතක වෙයි
බද්රානි Tuesday, 11 May 2021 07:14 AM
මොකක්ද ඔය එන්නත් කරන ක්‍රමවේදය? එකත් පොරකාලා ඇඟේ පතේ හයිය පෙන්වලා කරගන්න ඕනා දෙයක්ද? එන්නත් කරනවා කියලා රටට පම්පෝරි ගහන ක්‍රමයක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ. සමහරවිට මේ පොරකමින් පෝලිම් වල ඉන්න මෝඩයින් දන්නේ නැතිව ඇති එන්නත් දෙකම ලබා ගත්තත් කොරෝනා රෝගය වැළඳීමේ ප්රවනතාවයක් ඇති බව. අඥාන හිඟන ජාතිය ලෝකෙටම විහිළුවක්?
Dr KapilaTuesday, 11 May 2021 09:21 AM
ඔබ මානසික රෝගයකින් හා සමාජීය වෛරසයකින් පෙලෙන බව පෙනෙනවා. මානසික සුවතා ඒකකයට සතියේ දින පැමිනෙන්න. සුව කල හැකියි.
KayTuesday, 11 May 2021 09:49 AM
කුහකකමට සහ ඊර්ෂ්‍යාවට බෙහෙත් නැත .
සුධීර Tuesday, 11 May 2021 10:42 PM
ඔබතුමා හරි. ඒ ඉහත කාන්තාව හැමදාම දාන්නේ වෛරී ප්‍රතිචාර.
කල්ප Tuesday, 11 May 2021 10:00 PM
ඇත්තටම ඔය බද්රානි කියන කාන්තාව මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනේ. මම කියන්නද ඔය කාන්තාව අවිවාහකයි. නැත්නම් දික්කසාදයි. සමාජය එක්ක බද්ධ වෛරයකින් ඉන්නේ. මුල් ළමා විය සංවර්ධනය වෙලා නැහැ. මම අවුරුදු 5ක විතර ඉඳලා එයාගේ අදහස් දකිනවා.
wedage Tuesday, 11 May 2021 10:25 AM
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැ නේද
පොඩි මල්ලිWednesday, 12 May 2021 01:57 AM
දැන්ද මතක් වුනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැති? මෙච්චර කාලයක් වස පොල්තෙල්, වස කෑම බීම, පොහොර පාවිච්චි කලේ උන්නාන්සේලා එපා නොකියපු නිසාද? ඕක ගහපු මිනිස්සු මැරුණාද ගොඩක්? අනික දැනට ලෝකේ තියන එන්නත් ඔක්කොම හරියටම හරි කියන්න කාටවත් බෑ... මොකද හරියට ටෙස්ට් කරලා එකක් එළියට එන්න අවුරුදු 5ක් වත් යනවා..
nm Tuesday, 11 May 2021 09:33 PM
මේ වනවිට රට වැසීම කළයුතු බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කලත් එය කළයුතුව තිබුනේ මාර්තු අග හෝ අප්‍රේල් මුල් සති දෙක තුළ වේ. මේ වනවිට කොරෝනා වෛරසය රට පුරා පාලනයකින් තොරව පැතිරී ගොස් ඇත. ආසියාවේ ප්‍රධානව ඉන්දියාවේ කොරෝනා වෛරසය පැතිරයාම නිවැරදිම සිදුවන රටකි. ඉන්දියාවේ ජනගහනය සහ ජීවන රටාව ඉතාම කණගාටුදායක තත්වයක පවතින නිසා වෛරස් පැතිර යාම ඉතාම ඉක්මණින් සිදුවේ. මේ පිළිබඳව ලංකාවේ බලධාරීන් නිසි අවධානය යොමු කර තිබ්බේනම් ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ ගුවන් ගමන් නවතා දැමීම පළමුව කළයුතුව තිබිණි. දෙවනුව, පළමු සහ දෙවන වෛරස රැල්ල වේගයෙන් පැතිරුණු අවදානම් ප්‍රදේශ දැඩි සංචරණ සිමා පනවා එම ප්‍රදේශවල සිටින්නා වූ 40 සියලු දෙනාහට එන්නත් ලබාදීම වේ. මේ වනවිට මාස 18ක සිට පැතිර යන්නා වූ කොරෝනා වෛරසය සඳහා චීනයෙන් හෝ බටහිර රටකින් පළමු එන්නත ලබාගැනීමට කටයුතු කළයුතුව තිබිණි. මේ සඳහා ජපානය හෝ දකුණු කොරියාව වැනි යුරෝපීය මිතුරු රටක් මැදිහත්කරුවකු වශයෙන් යොදා ගත්තේනම් අඩුම වශයෙන් පළමු එන්නත මිලියන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට අවස්ථාව තිබිණි...
nm Tuesday, 11 May 2021 09:34 PM
එමෙන්ම ලංකාව තුළ එම එන්නත් නිපදවීම පිළිබඳව සොයා බැලීමට බොහෝ කල් තිබිණි. බොහෝ වැදගත් සහ අත්‍යාවශ්‍යයෙන් කළයුතු සියල්ල පසෙක දමා දේශපාලකයන් සහ බටහිර වෛද්‍යවරුන් පැණිය ඉදිරියට ගෙන ආවේය. ලංකාවේ " team sri lanka " හැඟීමක් කිසිවකුට නැත. ලෝකයේ කිසිම රටක දක්නට නොමැති ඉතාම ඛේදනීය සහ නින්දිත ආකාරයට රජයේ වෛද්‍ය සංගමය සහ අනෙක් සමහර සෞඛ්‍ය බලධාරීන් අර්බුදයට විසඳුම් වෙනුවට ඔවුනොවුනට චෝදනා කර ගනිමින් සිටියි. රට තුළ ඉදිරියේදී මතුවීමට තිබෙන්නා වූ ඛේදනීය තත්වයට මුලිකවම වගකිව යුතු වන්නේ මිලියන 22ක ජනතාවක් වෙනුවෙන් තීන්දු ගන්න අතළොස්සක් වන රජයේ ප්‍රධානීන් සහ සෞඛ්‍ය බලධාරීන් වේ. මෙම තීන්දු ගන්න පුද්ගලයින් මේ වනවිට එන්නත් ලබාගෙන ඇත. කෙසේ වෙතත් පෙනෙන සතුරා යුද්ධයකින් විනාශ කළ හැකි වුවත් නොපෙනෙන" airborne diseases " පරාජය කළහැකි වන්නේ සෞඛ්‍ය උපදෙස් මත පමණක් බව බලධාරීන් විශ්වාස නොකරන්නට ඇත. රජයේ නොහැකියාව, නොදැනුවත්කම සහ රජය සෞඛ්‍ය උපදේශකයින්ගේ උපදෙස් පිළිනොපැදීම මෙයට මූලික හේතුව වේ. සියල්ල දේශපාලනීකරණය /මිලිටරිකරණය වූ රටක මෙයට වඩා යමක් සිදුවේය කියා රටේ ජනතාවට බලාපොරොත්තු තැබිය නොහැකියි.
මරතේනිස් අයියා Wednesday, 12 May 2021 01:15 AM
අපේ රටේ මිනිස්සුන්ටත් ඉන්දියාවේ වගේ පොඩි ලෙඩක් තියෙනවා මේ වගේ අවස්තාවකදී තමන් ඉන්නේ කොහෙද කියන එක අමතක වීම තමන්ගේ ඉස්සරහ සහ පිටිපස්සේ ඉන්න දෙන්නා කොරෝනා ආසාධිතයන් විය හැකියි කියලා මත් වෙන්නේ නෑ. මීටරය අමතක වෙලා පෝලිමේ තෙරපෙනවා. බැංකුවකට ගියත් එහෙමයි. බස් පෝලිමේ හිටියත් එහෙමයි pcr කරන්න ගියත් එහෙමයි. කොටින්ම කිව්වොත් චැනල් එකක් දාලා දෙස්තර කෙනෙකුට පෙන්නන්න ගියත් අංක 1,2,3, වගේ මුල අංක කතාකරනකල් වාඩිවෙලා ඉන්නවා ඊට පිටුපස අංක දොර ළඟට ඇවිත් හිටගෙන ඉන්නවා. මේක අපේ මිනිස්සුන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. මේව කවුරුවත් හදන එක නෙමේ කරන්න ඕනෑ.. තමන්ම හදාගන්න ඕනෑ ලැජ්ජා වියයුතු පුරුදු...
de silva Wednesday, 12 May 2021 02:04 AM
නියමිත දුරස්ථ භාවය පවත්වාගන්න මේ බලධාරීන් අසමත් බව පෙනේ. ගුවන් තොටුපළේ, බස් නැවතුම් පළේද තත්වය මෙයයි. අපට අවශ්‍ය නිලධාරීන් සහ සම්පත් අවශ්‍ය පමණට ඇත. නමුත් මේවා ක්‍රියාත්මක කරන්න බලධාරින්ට අවශ්‍ය නැත.