(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පවත්වාගෙන යන කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (2) පස්වරුවේ එහි පැමිණියේය.
ජනාධිපතිවරයා එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය සඳහා මෙලෙස පැමිණියේ පළමු වතාවටය.
ජනපතිවරයා එහිදී එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් හමුදා ප්‍රධානීන්ට ලබා දුන්නේය.
මේ අවස්ථාවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරෙන්නකි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එන්නත් කරන හැටි බලන්න ජනපති විහාර මහා දේවි උද්‍යානයට
විජේ Tuesday, 03 August 2021 11:09 AM
ජනාධිපතිතුමා ඉස්සරාම මැද ඇඟිල්ල පෙන්නන්න පුලුවන් කොල්ලෙක් තමයි අපේ හමුදාපතිතුමා...
දාස Tuesday, 03 August 2021 11:40 AM
කිසිම ප්‍රශ්නයක් නැහැ .රටවැසියාගේ දුක සැප බලන්න ඇවිල්ලා මහ රජ්ජුරුවෝ .
ase Tuesday, 03 August 2021 12:24 PM
මොකද මෙ හමුදාවේ දෑ පමණක් අගයන්නේ ? අපේ ගම්වල පී.එච්අ.යි මහත්වරුන් සහ කාර්‍ය මණ්ඩලය උදේ සිට කාලයක් නොබලා කරන එන්නත්කරණය ඇතුලු අනික් දේ අගයයන් නැද්ද ?
Anura Tuesday, 03 August 2021 01:04 PM
ජනාධිපති තුමත් මෙම එන්නත්මයි ගත්තේ .හැබැයි දෙවෙනි මාත්‍රාව ගන්නවා දැක්කේ නැහැ
dambane apiTuesday, 03 August 2021 03:06 PM
දෙවැනි මාත්‍රාව
VithanaTuesday, 03 August 2021 03:48 PM
ඒ ගත්තේ දෙවෙනි එක.
Perera Tuesday, 03 August 2021 02:50 PM
කොරෝනා එක්ක කිසි කෙනෙකුට හැප්පෙන්න බැ වගේ සේරම පරාදයි
janahitha Tuesday, 03 August 2021 03:09 PM
අනෙක් අය කරන කැපකිරිම්ද පළකිරීම මාධ්‍යවල වගකීමක්
Vithana Tuesday, 03 August 2021 03:51 PM
හමුදා පාලනය සාධාරනීකරණය කරන්න කරන වැඩක්. මේ වගේම හෙමින් හෙමින් රටේ අනිකුත් කටයුතුත් හමුදාවටම දෙන්න. ඉස්කෝලවල ඉගැන්වීම, ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් දීම, විශ්ව විද්‍යාලවල ඉගැන්වීම. නැත්නම් ඒ රැකියා කරන අයව හමුදාවට බන්දගෙන, ආයුධ පුහුණුව දීලා යුනිෆෝම් අන්දවන්න.
ජයරත්න Tuesday, 03 August 2021 05:24 PM
ජනාධිපතිතුමනි, පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉන්නවා එකම මාත්‍රාවක්වත් නොලැබුණු අය. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමුවේවා..!!!
don keyTuesday, 03 August 2021 06:37 PM
පුත්තලමේ බූරුවන්ට කොරෝනා හැදෙන්නේ නෑ.. ඔක්සිජන් ඔනෙත් නෑ... විහිලුවක් කරේ හොඳේ... තරහ ගන්න එපා... එවයි එවයි ළඟදීම බඩු එවයි.. ඕඩර් කරලා තියෙන්නේ..
විජිත් Wednesday, 04 August 2021 06:06 PM
"වැඩ බැරි ටාසන් .." වසර දෙකකට ආසන්න කාලයක් පුරා, වාර්තා පිට වාර්තා තබමින්, ගැසට් ගසමින්, උදේ ගහපු ගැසට් හැන්දෑවට කැන්සල් කරමින්, අහිංසක දුප්පත් ගොවියන් නොමරා මරමින්, මිනීමරු කුඩ්ඩන් හිරෙන් නිදහස් කරමින්, කැළෑ කපමින්... ගුරුවරුන්ට නින්දා කරමින්... කොරෝනා වපුරමින්, චීනාට, ඉන්දියාවට, ඇමෙරිකාවට...බයේ ගුලි වෙමින් ..රටම මහා ගිනි ගොඩක් කරමින් පිස්සු නටන, මැදමුලන කෙනෙක් පිළිබඳ හාස්‍යයෙන් පිරුණු චිත්‍රපටිය තවමත් මහජන අපහාස, උපහාස , ශාප... මැද දියවන්නාවේ රඟ දැක්වේ. ඔබත් නොවරදවාම නරඹන්න. ප්‍රවේශමෙන්...!!! චිත්‍රපටිය නරඹන අතරතුර ඔබගේ මුදල් පසුම්බිය, වටිනා ආභරණ ගැන විමසිලිමත් වන්න. පික්පොකට් කාරයින් ඔබ පසුපස සිටියි.