IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


එන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම්

(සුජිත් හේවාජුලිගේ )

පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින්  සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස  මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (23)

එන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම්

ජගත් ලියනගේ Saturday, 05 February 2022 11:42 AM

ඔය ගැසට් ගහනවාට වැඩිය රිවස් කරන නිසා අපි ඕක තඹදොයිතුවකට ගණන් ගන්නේ නැහැ.

:       17       97

Nuwa Saturday, 05 February 2022 11:51 AM

ඕක රිවර්ස් නොකළොත් තමයි පුදුමේ...!

:       9       87

යෝගා Saturday, 05 February 2022 12:12 PM

බලෙන් එන්නත් ගහන්න ජනතාව බල්ලො, හරක් කියලා හිතුවාද දන්නේ නෑ...

:       32       88

Prabha Saturday, 05 February 2022 02:26 PM

එන්නත ගන්න බැරිනම් ගෙදර ඉන්න. යන්න බැරි පොදු තැන්වලට... ලෝකයේ කොහෙත් දැන් ඔය නීතිය තියෙනවා.

:       71       42

IndikaSaturday, 05 February 2022 06:33 PM

එන්නත් තුනම අරන් බෝ කරන අයගෙන් දඩ ගහනවානම් මේ ගැසට් එකට එකඟයි...

:       12       50

NuwanSunday, 06 February 2022 10:06 AM

ලෝකයේ හැම රටකම මෙහෙම නැහැ. බොරු කියන්න එපා. අපිත් රට තමයි යන්නේ.. හිතළු කියන්න එපා. ලෝකයේ හැම රටක්ම ලංකාවේ ආණ්ඩුව වගේ අපතයින් නෙවෙයි පාලනය කරන්නේ...

:       2       32

මහසෙන් Saturday, 05 February 2022 12:24 PM

ඔය ගැසට් එක රෝල් කරලා ගහගත්තා නම් හරි... දැන් තව බොරුවක් ගහනවා බූස්ටර් නොගහපු අය මැරෙනවා කියලා. එතකොට බූස්ටර් ගහන්න පෙරත් නැතිවුණු ජීවිතවලට වගකියන්නේ කවුද?

:       20       64

Don Saturday, 05 February 2022 01:22 PM

මේ රජයට තමයි මුළු ලෝකෙන්ම කොරෝනා වසංගතය වාසනාවක් හා ධන උල්පතක් වුණේ.. දැන් ඕනෑම දෙයක් කොරෝනාව පිට දාලා බේරෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ව ඉතාම පහසුවෙන් පාලනය කරන්න, මර්දනය කරන්න, හසුරුවන්න පුළුවන්.. උද්ඝෝෂණ නවත්වන්න පුළුවන්.. හිතේ හැටියට මුදල් හොයන්න පුළුවන්. නිකන් හරි කොරෝනා වසංගතය මේ ලෝකෙට සහ අපේ රටට ආවේ නැතිනම් ආණ්ඩුවට දෙන්න උත්තරයක් නෑ...

:       15       58

Raveendra Saturday, 05 February 2022 02:04 PM

ජනාධිපති, අගමැති ඇතුළු සියළුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ලබාගත් එන්නත් මාත්‍රා සහ අදාල කාඩ්පත් ප්‍රසිද්ධ මාධ්‍යයකින් ප්‍රසිද්ධ කළයුතුයි. කිසිම හේතුවක් නිසා එන්නතක් බල කිරීමකට ලබාදීමට නොහැකියි්‍. මෙයට විරුද්ධව සියළුම පුරවැසියන් එකමුතුව නැගී සිටිය යුතුයි...

:       7       82

සරිත්Sunday, 06 February 2022 12:52 PM

එන්නත ගහන්න බලකිරීමක් නෙවෙයි රවීන්ද්‍ර මේ කියන්නේ. එන්නත් නැතුව පොදු ස්ථාන වලට යෑමයි. වෙනදාට අනුන්ට අම්බරුවන් සහ ගව පට්ටි කතා කියලා අපහාස කරාට ඔබත් දේවල් හරියට කියවලා තේරුම් නොගෙන 225න් එකෙක් වීමට සුදුසු කෙනෙක් වගෙයි.

:       19       3

කුණු කෙහෙල් Saturday, 05 February 2022 02:05 PM

සැප්තැම්බරයේ ඇමරිකන් අධිකරණය ෆයිසර් රහස් වාර්තාව එළියට දැම්මාම මෙහෙ බලෙන් එන්නත් දෙන්න කඩේ යන ඇමතිටයි, දොස්තරලාටයි නඩු වැටෙන්න ගත්තාම තමයි නියම...!

:       6       48

gamaathi Saturday, 05 February 2022 03:42 PM

විදෙස් සංචාරකයින්ටත් මෙම නීතිය බලපානවද? එහෙම නැත්නම් මෙම නීතිය ශ්‍රී ලාංකිකයින්ට පමණක්ද...?

:       2       46

ganegodaSunday, 06 February 2022 08:08 PM

සංචාරකයෝ එන්නේ ‘‘අල්ලපු හෙරොයින්‘‘ අරගෙන යන්නනේ...! ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..

:       0       4

Kapila wasantha Saturday, 05 February 2022 06:14 PM

උපරිමාධිකරණයේදි තීන්දුවක් දුන්නා. කිසිම පුද්ගලයෙකුට බලෙන් එන්නත් කරණය කරන්න බෑ කියලා. එතකොට මේක බලහත්කාරයෙන් කරන්න වක්‍රව අනුබල දීමක් නේද?

:       8       46

Kap Saturday, 05 February 2022 07:36 PM

ගුවන් තොටුපලේ වැඩ කරන අය 500 දෙනෙක් කිසිම එන්නතක් ගහල නෑ කියලා පත්තරේක දැක්කා. ගුවන් තොටුපල පොදු ස්ථානයක් නෙමෙයිද..?

:       0       29

de silva Saturday, 05 February 2022 07:41 PM

අප්‍රේල් 30 වෙනකොට වෙන්න තිබෙන සියලු දේ වෙලා හමාරයි. මුලින්ම අද සිට එන්නත් 1 ගානේ හොයලා බලන්න... ඉන්පසු පෙබරවාරි 28 වෙනකොට එන්නත් 2 ගැනීම අනිවාර්ය කරන්න. ඉන්පසු පුළුවන් එන්නත් 3 ගැන කතා කරන්න.

:       16       12

gunarathna Saturday, 05 February 2022 08:56 PM

ඔය එන්නතට විරුද්ධව කතාකරන අයට යම් විදිහකින් කොරෝනා හැදිලා ඉස්පිරිතාලයකට ගියාම එන්නත් කාඩ් එක පෙන්නලා බලපුවාම, එන්නත් ලබාගෙන නැතිනම් දෙවියන්ගේ පිහිට තමයි. හදිසියේ මැරුණොත් දොස්තරලා කියයි... මෙයා අන්නත අරන් නැහැ.. ඒක නිසා බේරාගන්නට බැරිවුණා කියලා... මොකද නඩු දාන්නද?

:       5       7

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 February 2022 11:14 PM

ෆයිසර් දෙකම ගත් අයට ෆයිසර් එන්නත බූස්ටර් එන්නත වශයෙන් දිය යුතුයි කියනා මතයක් ගැන ආරංචි පැතිර ගියා. අපේ රටේ ගැහුවේ ප්‍රතිශක්තිය අතින් බාලම එන්නත් වන චීන එන්නත්... ඉස්සර ගණන් උස්සපු ෆයිසර් ගහන්න දැන් තියෙන්නේ පුදුම හදිස්සියක්... එයට හේතුව චීන එන්නත් ප්‍රතිශක්තිය අතින් බාලම ඒවා බව දැන්දැන් දන්නා නිසයි. හපොයි දෙවියනේ... මේ රටේ ජනතාවට සිදුවූ දෙයක්...!!!

:       2       12

kuma Sunday, 06 February 2022 12:31 AM

මේ කට්ටියට කොරෝනා හැදිලාම යන්න ඕනෑ.

:       1       7

චතුර Sunday, 06 February 2022 11:19 AM

එන්නත් ගත්තු කට්ටිය ඕනේ නම් පොදු ස්ථාන වලට නෑවිත් ඉන්න. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ ගැසට් ගහලා. පොදු ස්ථාන මෝඩ ඇමතිගේ අම්මගේ, අප්පගේ දේපළ නෙවෙයි,... ඇමැතිට ඕනේ ඕනේ විදියට තහනම් කරන්න. ගහෙන් ගෙඩි එනවා වගේ එක පාර ඇවිල්ලා... සැරින් සැරේ තහනම් වෙන එන්නත් බලෙන් ගහන්න බෑ. එක එකාට සල්ලි ගරාගන්න කොමිස් කන්න ඕනේකමට අපි එන්නත් ගහගන්නේ නෑ...

:       1       18

fairoos Sunday, 06 February 2022 12:30 PM

ඇමැතිතුමා නාන්න සබන් ඕනෙද?

:       0       15

sharm warn Monday, 07 February 2022 09:48 AM

ලෝකයේ කිසිම රටක කියන තාලෙට එන්නත් ගහලා නෑ. තමන් කැමැති නම් 3 වැනි බැරිනම් 10කින් හරි ගහගන්න. මේ එන්නත්වල පසු බලපෑම්... එන්නත විෂ වීමෙන් මිය ගිය ගණන, සංකූලතා මතුවුණු ගණන... මේ කිසිම දත්තයක් ජනතාවට කියන්නේ නැහැ. සෞඛ්‍ය බලධාරීන් මේ කරන්නේ අනියම් මිනීමැරුමක් නෙමෙයිද? ඔක්කොටම කළින් කියන්න බලන්න මොනවද ඔය පොදු ස්ථාන කියලා... පාර්ලිමේන්තුව, කලම්බු සිටි සෙන්ටර්... ඒවද?

:       0       6

විරාජ් සංජීව දිසානායාක Wednesday, 09 February 2022 08:52 AM

මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ දේශීය වෛද්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. පුළුවන් නම්, බොරු නීතී හදලා දාලා බලන්නකෝ..! ජූලි ෆයිසර් එන්නත් ටික කල් පනිනවා ඒකයි මේ දැඟලිල්ල!. බටහිර මාෆියාවට හසුවී දේශීය ඖෂධ වලට තැනක් නොදෙන්නේ කාගේ බලපෑමකටද? දේශපාලකයින් හා සෞඛ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් කොමිස් කුට්ටි වලට මුවා වී මේ කරන අපරාදේට ශාපවේවා!...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1532 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 298 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 551 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 793 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 560 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site