සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත.
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ මෙලෙස මෙරට ක්‍රියාත්මක සියලුම රාජ්‍ය නොවන සංවිධාන ඒ සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක වීමට අදහස් කරන සියලුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ පමණි.
මහලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනයට අනුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ දැනටමත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානවලටද නැවත වතාවක් රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට සිදුවේ.
ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින
විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් ව
මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අනතුරට පත්කොට පලා ගිය මෝටර
වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන් පුත්තල
සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
එන්.ජි.ඕ ලියාපදිංචිය අනිවාර්ය කරයි
රම්බොඩ Sunday, 15 December 2024 06:31 PM
හොඳ තීරණයක්.... ඒවා නියාමනය කරන්නත් ඕනෑ. නැත්නම් N.G.O. නම් දාගෙන රට ඇතුළෙ මොන මොන න්‍යායයන් ක්‍රියාත්මක කරනවාද දන්නේ නෑ.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 15 December 2024 07:03 PM
ඒ සමගම වාර්ෂික විගණන වාර්තා (පිළිගත් විගණන ආයතනයකින්) ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුයි. ලෝකයේ කිසිම රටක නොමැති විදිහටයි තමයි ලංකාවේ රාජ්‍ය නොවන (විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ ) සංවිධාන ක්‍රියා කරන්නේ...!
සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 15 December 2024 07:12 PM
ඒ සමගම වාර්ෂික විගණන වාර්තා (පිළිගත් විගණන ආයතනයකින්)ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුයි. ලෝකයේ කිසිම රටක නොමැති විදිහට තමයි ලංකාවේ රාජ්‍ය නොවන (විශේෂයෙන් විදේශීය) සංවිධාන ක්‍රියා කරන්නේ...