IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි  නැමැත්තා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරිය සැකකාර මන්ත්‍රීවරයා සමග දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක රුපියල් 20000/= ක මුදලකට රාත්‍රියක් ගත කළ බවත් ,ඇය සරාගී තැනැත්තියක් බව සඳහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කරමින් සංසරණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි

සෙනෙවිරත්න Friday, 03 January 2025 12:23 PM

මොවුන් අම්මලා සහෝදර සහෝදරියන් නැති අය, මොවුන්ගේ හිටපු මහ එකා සම්මත කළ පනතින්ම උපරිම දඬුවම් දෙන්න. අනිත් අයටත් ආදර්ශයක් ගන්න..

:       7       57

අරවින්ද මොනරවිල Friday, 03 January 2025 12:40 PM

ඔය පෝලීම බොහොම දිග වෙයි ඉස්සරහට, තමන්ගේ ආණ්ඩුවක් නැති සොවින් අනුන්ට මඩ ගහන කට්ට්ය පරිස්සමින් !

:       9       48

පිටරටවැසියා Friday, 03 January 2025 12:55 PM

දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්- දේපළ අයථා පරිහරණය/අවභාවිතාව" සම්බන්ධ වැරැදි වලට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ..

:       5       39

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපි ත්‍රිපෝෂ සමාගම රකිනවා’’
2025 ජනවාරි මස 05 62 0

ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය


ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය
2025 ජනවාරි මස 05 124 0

මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක්


දුමින්ද සිල්වාට විශේෂ සැලකීමක් කර නෑ
2025 ජනවාරි මස 05 297 0

දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව


රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක්
2025 ජනවාරි මස 05 622 5

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව


පොකුණ සුද්ධ කරන්න ගිහින් විදුලිය වැදිලා
2025 ජනවාරි මස 05 165 0

වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අ‍ැතැයි වවුනියාව පොලිසිය කියයි.


උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා
2025 ජනවාරි මස 05 708 1

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණිය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 421 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 206 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site