IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


එප්පාවල ගොවීන්ට දුන් උපකරණ වසර ගණනක් තිස්සේ ගබඩාවල

(තිසර සමල්)

රජයේ ආධාර යටතේ එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට ලබාදුන් නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් වසර ගණනක් තිස්සේ දිරාපත්වන්නට ඉඩ හැර තිබියදී සොයාගත් බව නව නිලධාරී මණ්ඩලය කියයි.

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් වීමෙන් පසු පැවැත් වූ ශ්‍රමදානයක දී එහි ගබඩාවක දමා අගුළු දමා තිබියදී නව නිළධාරීන් විසින් සොයා ගනු ලැබීය.

101 ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) දවස පුරා පැවැත්විණි. ‘‘සහයෝගයෙන් ගොඩනගමු‘‘ යන තේමාව යටතේ පැවති එම ශ්‍රමදානයට එම සමූපකාර සමිතියේ නිළධාරීහු හා සේවකයෝ මෙන්ම, සමූපකාරයේ සාමාජිකයෝ ද ඊට සහභාගී වූහ.

පසුගිය දිනක පැවති එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිළවරනයෙන් නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එස්.එම් දිල්ෂාන් ප්‍රසන්න කුමාර මහතා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සියලු සාමාජිකයන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වෙමින් එප්පාවල විවිධ සේවා සමූපකාරයේ 100% ක බලය ජාතික ජන බලවේගය හිමිකර ගත්හ.

ඉන් අනතුරුව එම නව නිළධාරී මණ්ඩලය විසින් ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය ලෙස එම කාර්යාල‌ භූමිය ශුද්ධ පවිත්‍ර කර , ගොඩනැගිලි තීන්ත ආලේප කර එප්පාවල විවිධ සේවා සමූපකාරය නවීකරණය කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) පැවැත්වූහ.

එහිදී එම කාර්යාල භූමියේ තිබූ ගබඩා දෙකක් විවෘත කිරීම සිදු වූ අතර, එක් ගබඩාවක් තුළ වටිනා වානේ ලිපි ගොනු අල්මාරී 10 කට වැඩි සංඛ්‍යාවක්, මහණ මැෂින් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩ තබා ඇති අයුරු දැක ගත හැකි විය.

තවත් ගබඩාවක් විවෘත කර බැලීමේදී එහි පසුගිය කන්නයේ නිෂ්පාදනය කළ බිත්තර වී බුසල් 560ක්, රජයේ ආධාර ලෙස ලැබී භාවිතයට නොගෙන පැත්තකට දමා තිබූ නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයකුත් දැක ගත හැකි විය.



අදහස් (1)

එප්පාවල ගොවීන්ට දුන් උපකරණ වසර ගණනක් තිස්සේ ගබඩාවල

Bunny Preena Monday, 24 July 2023 11:45 AM

පරණ නිලධාරී මඩුල්ලේ හෝ වගකිව යුතු අංශයේ ඉඳලා තියෙන්නේ කුහකයෝ ටිකක් .ඔවුන්ට විරුද්ධව නඩු පවරා අලාභය අය කර ගන්න කටයුතු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 774 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 887 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 170 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 649 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 772 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1362 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site