IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


එරොෆ්ලොට් ගුවන් යානයට රුසියාවට යන්න අවසර

(මනෝප්‍රිය ගුණසේකර)

රුසියානු ”ඒරෝෆ්ලොට්” ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියම කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය සත්‍ය වසන් කොට අධිකරණය නොමග යවමින් මෙම වාරණ නියෝගය ලබා ගෙන ඇතැයි සඳහන් කරමින් මෝෂමක් මාර්ගයෙන් නීතීපතිවරයා වෙනුවෙන් දීර්ඝ වශයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ කරුනු සළකා බැලීමෙන් අනතුරුව ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය අත්හිටුවීමට එලෙස නියම කළේය.

අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් සමාගම ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 02 වැනිදා  කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් කටුනායක සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ”ඒරෝෆ්ලොට්” ගුවන් සමාගමට අයත් ගුවන් යානය මෙරටින් පිට වීම අත්හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම” කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගුවන්ගමන් පාලකවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත.

වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමඟ තමන්ගේ බේරුම්කරණ නඩුවක් ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සමාගම මේ තත්වය තුළ වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන්  පිටත්වම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණ.

එම පැමිනිල්ල විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගමට ලබන 16 වන දක්වා බලපැවැත්වෙන පරිදි ගුවන් ගමන් වාරණ නියෝගය නිකුත් කර තිබිණ.

එසේ තිබියදී නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝෂමකට අනුව මෙම පෙත්සම කැඳවන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය අමතමින් සත්‍ය වසන් කොට අධිකරණය නොමග යවමින් පෙත්සම්කාර පාර්ශ්වය විසින් ලබා ගෙන ඇති මෙම වාරණ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා සිටියේය.

මෙම නඩුව පසුගිය සිකුරාදා කැදවු අවස්ථාවේදී රජයට හෝ කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත වාරණ නියෝගයක් නිකුත් කර නොමැති බව විනිසුරු වරයා විසින් ප්‍රකාශ කර තිබුණත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ද සිල්වා මහතා අධිකරණයේ පිස්කල් නිලධාරියා සමග කටුනායක, අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් රුසියානු ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව දැනුම් දුන්නේ කෙසේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රශ්න කළේය.

තම සේවාදායක ගුවන් ගමන් පාලකවරයා වෙත අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවක නීතිඥවරයෙකු හා පිස්කල් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කලේ කෙසේදැයි ප්‍රශ්න කරමින් මේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පිස්කල් නිලධාරියා සහ නීතිඥවරයා ගුවන් ගමන් පාලක මැදිරිය වෙත පැමිණි ආකාරය තහවුරු කිරීම සඳහා ජායාරූප 14 ක් අඩංගු සංයුක්ත තැටියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසන කරුණු සත්‍යයක් නම් මෙම ක්‍රියාව හරහා තම අධිකරණයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි පැවසු විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙත සිය බලවත් අප්‍රසාදය පළ කළේය.

නීතිඥවරයා කර ඇත්තේ බරපතල වරදක් බවත් මෙම කරුණ බැහැර කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් පැවසු විනිසුරුවරයා නීතිඥවරයෙකුට මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්දන මහතා වැඩිදුරටත් කරුණු දැක්වමින් අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය හරහා සිවිල් ගුවන් සේවා පනතේ 37 වගන්තිය උල්ලංඝනය වන බවත් එම වගන්තිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගුවන් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් පවරා දී ඇති බලතල උල්ලංඝනය වන්නේ යැයි පැවසීය.

මෙම වාරණ නියෝගය හරහා රාජ්‍ය  ප්‍රතිපත්ති උල්ලංගනය වීමක් සිදු වන බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එබැවින් අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය වහා අත් හිටුවන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිලිකාර අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව වාරණ නියෝගය අත්හිටුවීමට විනිසුරුවරයා නියම කළේය.



අදහස් (16)

එරොෆ්ලොට් ගුවන් යානයට රුසියාවට යන්න අවසර

පැරකුම් Monday, 06 June 2022 02:47 PM

වැඩක් නෑ... වෙන්න ඕනෑ හානිය වෙලා ඉවරයි..!

:       2       150

sujeewaMonday, 06 June 2022 05:30 PM

සාමාන්‍ය මිනිසුන්ට නොකරන උදව් කරපු රැසියාවට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වූවා යැයි කියන ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර එය අසාමාන්‍ය තත්වයක් නම් ඔවුන්ගෙන් අලාභය අයකර ගැනීමටත්, ඔවුන්ට දඬුවම් කිරීමටත් කටයුතු කළ යුතුයි. මම කියන්නේ ඊට අදාලව ක්‍රියාකළ යුතු අංශ දැන්වත් නින්දෙන් ඇහැරිය යුතුයි.

:       1       134

Nandalal DE SILVA - France Monday, 06 June 2022 02:47 PM

දේශපාලන, ආර්ථික සහ දෙරට අතර ඇති සම්බන්ධකම් තවදුරටත් ඉදිරියේදී පවත්වාගෙන රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා දෙනලද තීන්දුව අගය කළ යුතු වෙනවා. එහෙත් ඒ සඳහා රජයෙන් කිසිඳු බලපෑම් ඇති වුණාද කියා සැකයකුත් තිබෙනවා.

:       18       26

මහසෙන් Monday, 06 June 2022 02:49 PM

කිව්වේ උසාවි තීන්දුවක් නොදුන්නා කියලා. නොදුන්නා නම් නොදීපු තීන්දුවක් අයින් කරන්නේ කොහොමද? ඒකෙන්ම පේනවා රටේ වැඩවෙන හැටියි, නීතිය ක්‍රියාත්මක වෙන හැටියි. වෙන්න ඕනෑ දේවල් වුණාට පස්සේ තීන්දු රිවස්...!

:       8       53

JANAHITHAMonday, 06 June 2022 05:42 PM

මෝසමක් මගින් කළ කරුණු දැක්වීමට... තේරුම් ගත යුතුය.. නීතිය සැමටම එකක්... රටවල්වල හිතවත් කමට තීන්දු ගත නොහැක. එය රක්ෂණ සමාගමක් කළ පැමිණිල්ලක් විනිශ්චය කිරීමට ජාත්‍යන්තරව අපි බැඳී සිටිනවා.

:       71       3

CHANDA Monday, 06 June 2022 02:56 PM

රටේ බොහෝ තින්දු තීරණ ගන්නා අනෙක් මර්මස්ථාන සේම නීති අංශයේත් අරක්ගත් නැවත උපදින 'බොර්න් එගේයින්' කල්ලි මව්බිමට සීරුවට 'කට්ට' අනිමින් ඉන්නවා. හැමඅතින්ම, ගොන්නු තප්පුලමින් සිරි නරඹමින් සිටිති. කොච්චර කිව්වත් නොතේරෙන නුඹලාට කෙලවෙලාම යන්න ඕනෑ..!!!

:       2       98

ma-tin Monday, 06 June 2022 03:00 PM

සමාජ ජාලවල පැතිරෙන කතාවලට අනුව උන්නාන්සේට හොඳ කුට්ටියක් ලැබුණලු... මේ වගේ අමන වැඩක් කරන්න.

:       12       38

saman Monday, 06 June 2022 03:06 PM

දැන් මේ වැඩේට දඟලපු කළු කෝට් කාරයෝ සංචාරක හෝටල්වල වැසිකිළි පිරිසිදු කිරීම සඳහා යෙදවිය යුතුයි.

:       2       78

යෝගා Monday, 06 June 2022 03:07 PM

රුසියාව තරහා කරන්න ප්ලෑන් කළා. කුමන්ත්‍රණය එළිවුණාට පස්සේ නිදහස් කළා...

:       2       124

බද්රානි Monday, 06 June 2022 03:20 PM

බලු ජාතියේ ස්වභාවය තමයි කොහෙවත් ඉන්න අයට නිකරුනේ බුරලා, ඒ අය ආපසු හැරිලා බලනකොට, නැට්ට වනන එක. අර තමිල්නාඩු වැසියන් පිනට දෙන හාල් කාපුවම වත් ඔය උද්දච්ජ බලු ගතිය නැතිවෙයිද මන්දා? රුසියාවේ පුටින් මහත්තයා නම් දන්නවා බල්ලන්ට සලකන්න ඕනෑ විදිහ..!

:       54       29

Kule Monday, 06 June 2022 04:05 PM

නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේ නම් ගනුදෙණුවත් ඒ රටවල් දෙකනම් එයාලාටම බේරගන්න කියලා ගුවන්යානය ආපසු යැව්වා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ...

:       1       45

කිරි පුතා Monday, 06 June 2022 04:17 PM

රුසියාව කියන අපගේ හොඳම මිතුරා අමනාප කරගැනීම සඳහා ගුවන්යානය නවත්වා ගැනීමට තීරණය දුන් කල්ලිය සොයා නීතිය තදිින් ක්‍රියාත්මක විය යුතුයි කියලා මට නිකමට ලියවුණා. පස්සෙ මතක් වුණේ නීතිය දන්න අය බේ⁣රේ වැවේ නානව කියලා.

:       6       23

sujeewaMonday, 06 June 2022 05:26 PM

සැබවින්ම අප වගේ රටකට රුසියාව වටිනා මිත්‍රයෙකි. එහෙත් එම මිත්‍රත්වය අනතුරේ හෙලන සහ එම මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ගැනීම වළක්වන්නන් සොයා දඬුවම් කර අලාභය අය කරවා ගත යුතුයි. රටට ප්‍රයෝජනයක් නැති නීතියකින් ඵලක් නැත. ගෑස්, ඉන්ධන, ධාන්‍ය හා සංචාරකයින් මේ අවස්ථාවේදී වැදගත්ම සාධකයන්ය...!

:       0       46

අනුර සේනානායක Monday, 06 June 2022 05:13 PM

බොහෝ හොඳ දෙයක්... ඇයි මේ දේවල් බිළිඳුන් වගේ කරන්නේ? ඔය කාලකන්නි වැඩ අහිංසක මිනිස්සුන්ට අහිංසක රටකට වුණානම් මැණියන් ගේ පිහිටයි කියලා හිතෙනවා

:       1       25

ganegoda Tuesday, 07 June 2022 11:08 AM

කෝ අපේ බමුණුආරච්චි මහදැන මුත්තා ?

:       0       0

chanda Wednesday, 08 June 2022 06:59 AM

කලු කෝට් කාරයාගේ පිස්කලයාගේ නමි ගම් කියන්න කාර්යශීලීව මුං ඔක්කොම පස්ස ගහනවා ලස්සනට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 483 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 698 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2089 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 239 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1430 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 17 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 677 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site