ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම සිය නියාමන ප්රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්, රුපියල් බිලියනයකින් තම ද්විතීක ප්රාග්ධනය ඉහළ නංවා ගැනීමට සමත්වී සිටී.
වසර 5ක කාල සීමාවකට යටත්ව මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගම (CAL) මගින් ලබාගත් උපකාරක ණය ව්‍යූහගත කිරීමක් මගින් මෙම ප්රාග්ධනය රැස්කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය කටයුතු කර ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එලායන්ස් ෆිනෑන්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති/ කළමනාකාර අධ්යක්ෂ රොමානි ද සිල්වා මහතා මෙසේ පැවසීය. “අපගේ තිරසාර ව්‍යාපාරික දර්ශනය කෙරෙහි ආයෝජකයන් තුළ ඇති විශ්වාසය මෙම ජයග්රහණයෙන් ඉතා හොඳින් පිළිබිඹු කරනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ රටේ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි ලෙස අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ නිසා ඔවුන්ට වෙන කවරදාටත් වඩා වැඩි සහයෝගයක් ලබා දිය යුතු බව අපි අවබෝධ කරගත්තා. උපකාරක ණය ක්‍රමවේදයක් මගින් අපගේ ද්විතීක ප්රාග්ධනය රුපියල් බිලියනයකින් ඉහළ නංවාගැනීම නිසා, අපටම ආවේණික ව්‍යාපාරික ආකෘති භාවිතා කරමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමේ හැකියාව අපට තිබෙන බව පැවසීමට කැමතියි. ඒ වගේම අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් කැපිටල් එලායන්ස් ආයතනයට මගේ අවංක ස්තුතිය පුදකර සිටිනවා. 2019 වසරේ දී ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශයේ තාක්ෂණික සහයෝගය ඇතිව, අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්කිරීමෙන් පසුව, මේ රටේ මූල්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් සියයට 1.6ක ණය වත්කම් වර්ධනයක්, සියයට 169ක ලාභයේ වර්ධනයක් සහ අක්‍රිය ණය අනුපාතය (NPL) හි සියයට 23 ක අඩුවීමක් 2020/21 මුල්‍ය වර්ෂය තුළ දී වාර්තා කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනයට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වගේම, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ණය ලබා දෙන ආයතනයෙක් විදියට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සියලුම ජනතාවගේ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බව පැවසිය යුතුම කරුණක්.”
එලායන්ස් ෆිනෑන්ස් ආයතනය මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමෙන් ඔබ්බට යමින්, සාමාජීය හා පාරිසරික තිරසාරභාවය කෙරෙහි ද සුවිශේෂී අවධානයක් යොමු කරයි. 2012 වසරේ දී ත්‍රිත්ව ලාභදායිත්ව සංකල්පය අනුගමනය කරමින් එහි ආරම්භක වටිනාකම් ආයතනගත කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය පියවර ගෙන ඇති අතර, එය ආයතනයේ අද පවතින ආයතනික තිරසාර ප්‍රගතිය සඳහා හේතු පාදක වී ඇත. එමෙන්ම 2020 වසරේ දී, එලායන්ස් ෆිනෑන්ස් ආයතනය, පුරෝගාමී තිරසාර ප්‍රමිති සහ සහතිකකරණ වැඩසටහන (SSCI) යටතේ පරිපූර්ණ තිරසාරභාවය පිළිබඳ සහතික ලැබූ ප්‍රථම දකුණු ආසියානු මූල්‍ය ආයතනය බවට පත්විය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එලායන්ස් ෆිනෑන්ස් රු. බිලියනයකින් ද්විතීක ප්රාග්ධනය ඉහළ නංවා ගනී