IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාරලට ගෝඨාත් එයි

(නිමල කොඩිතුවක්කු සහ ලහිරු හර්ෂණ)

ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයැයි මහාචාර්ය  ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කොළඹ දී 24) පැවසූහ.

ජාතික උරුමයන් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවා එය කාර්යක්ෂම කළ යුතු බවත් ආණ්ඩුවට ඒ සඳහා මුදල් නොමැති නම් ආණ්ඩුවෙන් නොවන පිරිසක් හෝ එක්ව එය සිදුකළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාර දැක්වීම සහ ග්‍රන්ථ එළිදැක්වීම එළි දැක්වීමේ උත්සවයකට කොළඹදී එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එල්ලාවල මේධානන්ද හිමියන් වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ සමරු කවරයක් ද මෙහි දී මෙහිදී එළි දැක්විණ.

එල්ලාවල මේධානන්ද හිමියන්ගේ මෙහෙවර අගයන සමරු තිළිණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උන්වහන්සේට එළිදක්වනු ලැබීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ. පුරාවස්තු රැකගැනීම වෙනුවෙන් ආයතනයක් බිහි විය යුතුයි. ආණ්ඩුවට ඒක කරන්න අමාරු නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයි. මෙන්ම ජාතික උරුමයන් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුයි. ඒ සඳහා ආණ්ඩුවට වියදම් නැත්නම් ආණ්ඩුවෙන් නොවන පිරිසක් හෝ එක්ව මෙය සිදුකල යුතුයි.

ලංකාවේ භික්ෂූන් වහන්සේට සංස්කෘතික නම් හෝ වෙනත් නම් නැහැ. ලංකාවේ හාමුදුරුවන්ට තියෙන්නේ බුදුපියාණන් වහන්සේගේ ත්‍රිපිටකයෙන් ගත් වචනයක් නමක් ලෙසට අර ගැනීම පමණයි. අපි හැම හැමදෙනාටම පෙලපත් නාමයක් තිබුණා. කෙස්ස කපන තත්පරයට අපි ගත්තෙ මේ රටේ ගමක නමක්" යැයි ද උන්වහන්සේ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන්. "මම බලාපොරොත්තු වෙන්නේ මට උපහාර දැක්වීමට වඩා විනාශයට ලක්වන අපේ ජාතික උරුමය න් රැක ගැනීමට දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. අපේ රටේ තිබෙන පුරාවස්තු සියයට 99.9 ක් බුදු දහම හා සමඟ බැඳී පවතිනවා.මෙම පුරාවස්තු ආරක්ෂා කිරීමට අපි හැමදෙනාම කැපවිය යුතුයි" ඇයි ද උන්වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (9)

එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාරලට ගෝඨාත් එයි

කිරිපුතා Monday, 25 September 2023 08:00 PM

මේ කර්තව්‍යය සඳහා අපට සෘජු සිංහල නායකයෙක් අවශ්‍යයි. එහෙම කෙනෙක් පේන්න නෑ...

:       21       31

ANURANGA Monday, 25 September 2023 09:08 PM

තමුන්ගෙ ජනාධිපතිකමවත් රැක ගන්න බැරි උන එකෙක් පුරාවස්තු රැකගන්න කතා කරනව , මේවට කොහෙන්ද හිනාවෙන්නෙ..

:       11       40

Bamunuarachchi Monday, 25 September 2023 10:31 PM

ජාතිය රැක්ක මිනිස්සු එකට එකතු වෙනවා. දැන් වෙනදේ පෙනෙනවා නේද? තහනම් කල යුතුයි නිර්දේශ කල හම්බ පාසල් උන්ටම දෙනවා. හඳුරුවෝ පන්සල් බුහුමියේ හින්දු කෝවිල් හදන්න ඉඩ දෙනවා. උතුරේ පන්සල් බිමේ බුද්ධ පුත්‍රයෙකුගේ දේහය අදාහාණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ආර්ථිකය වැටුනොත් එය ගොඩගන්න පුළුවන් රට අන්‍යජාතීන්ට ගියොත් එය ආපහු ගන්න බැහැ. ජෙප්පොත් ඔයටිකමයි කරන්නේ.

:       26       26

මැක්ස් Monday, 25 September 2023 10:46 PM

අවිචාරවත් සහ රෑකඩ නරැම රැලක් විසින් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අවසන් සිංහල බෞද්ධ නායකයා මෙසේ පොදු අවකාශයේ දක්නට ලැබීම සතුටට කරැණකි.

:       37       37

namal Tuesday, 26 September 2023 12:03 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       6       6

සරත් කුමාර Tuesday, 26 September 2023 01:08 PM

ඇත්තටම අරගලය වෙලාවෙ මෛත්‍රී හිටියත් කරන්නෙ ඕක දාල යන එක.. මහින්ද රාජපක්ෂ හිටියත් මම හිතන්නෙ නැහැ යයි කියල.. එහෙම උනා නම් මොකක් හරි ගේමක් ගහනව පුටුව රැකගන්ඩ.. දැන් ඉන්න උතුමත් වැඩ පෙන්වන හැටි හොඳට දන්නව අරගල කරන්ඩ ආවොත්.. අරගල කරන අයත් ඒක හොඳට දන්නව.. අරගලෙ ඇතුලෙ හිටිය ගේම් කාරයින්ට (මම මේ කියන්නෙ පීඩනය, ජීවන ප්‍රශ්න වැනි දේ නිසා අරගල බිමට ආපු අය නෙවෙයි ) ලොකු උවමනාවක් තිබ්බ උන්ඩ දෙකතුනකින් මිනිස්සු දෙතුන් දෙනෙක් මැරෙනව දකින්ඩ. තමන් අකමැති එකා පාලකය වුනාට අකමැත්තෙන් අරගල කරපු අය දිනුම්... තමන් කැමති කෙනා රජ කරවන්ඩ අරගල කරපු අයත් දිනුම්... තමන්ට වාසි විදියට වැඩ කරන්ඩ නොදෙන එකා එලවන්ඩ අරගල කරපු අයත් දිනුම්... පුද්ගලිග වෛර පිරිමහගන්ඩ අරගලයට ආපු අයත් දිනුම්... හැබැයි.. එදා මෙදාතුර හැමදාමත් අරගලයක නිරතවෙන ජන කොටසක් මේ රටේ ඉන්නව. ඒ මිනිස්සු අදටත් අරගලයක ඉන්නෙ. ඒ මිනිස්සුන්ගෙ නිහඬව ඒ අරගලය කරනව.. ඒ මිනිස්සු හරියට අවදි උනොත්, බොරුසද්ද දාන කොයි කෙනාටත් අවාසි වෙයි.. හැබැයි එහෙම වෙන එකක් නෑ.. ඒ මිනිස්සු එච්චරටම හෙම්බත් වෙලා, නිර්වින්දනය වෙලා ඉන්නෙ.. කණගාටුයි..

:       0       10

fairoos Tuesday, 26 September 2023 02:34 PM

ආයෙත් එලියට එනවා ජාතියයි ආගමයි බේරගන්න .රට කාපු කාලකන්නින්

:       1       4

ගමේ එකාලා Tuesday, 26 September 2023 02:51 PM

මෙයා නාගරික සංවර්ධන ඇමතියා වෙලා ඉන්න කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දෙයක් නැහැ.සමහරවිට බහිරවයා ගිලින්ඩ ඇති .

:       0       4

සනත් ප්‍රනාන්දු Thursday, 28 September 2023 05:23 AM

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ට උතුරු නැගෙනහිර හා මුලු දිවයිනට ම ,වෙහෙර ව්හාර පුරාණ නටඹුන් පන්සල් වැව් ,අමුණු ,පොකුණු සන්වර්දනය කර සන් රක්ෂණ ය කර සජීව් කිරීමට හැකියාවක් ඇත .එය කිරීමට බාර දෙන්න..එයට එල්ලා වල හාමුදුරුවෝ ගේ අත්‍යාවශ්‍ය යි..එල්ලා වල හාමුදුරුවෝ න් රාජකාරිය හා වග කීම තව එ සම්බන්ධ ව දැනිම ඇති සන්ඝයා වහන්සේලා 18 පුරුදු පුහුණු කළ යුතුය .පලාත් 9 ට ම.. පලාත් 9 වෙහෙර ව්හාර පුරාණ නටඹුන් පන්සල් සොයා ගෙන සන්වර්දනය කිරීමට ..එයට සහයෝගය ට පාඨලි හා ගම්මන්පිලව යොදා ගැනීමට පියවර ගන්න ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1503 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7533 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1363 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 395 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2204 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2215 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40067 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 246 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site