IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


’එහෙමයි-හොඳමයි’ පරපුරක් බිහිකරන්න යනවා


(නිමල කොඩිතුවක්කු)

වත්මන් ආණ්ඩුව මහජන නියෝජිතයන් සහ පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කර ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා කොළඹදී අද(20)පැවසීය. 'එහෙමයි, හොඳමයි' කියා නියෝග පිළිපැදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් රටේ තරුණ පිරිස හමුදා පුහුණුවකට යටත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීවේය.

"අද මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දාලා කටයුතු කරගෙන යනවා. පරිපාලන ක්ෂේත්‍රයේ දක්ෂයන් පැත්තකට දාලා විශ්‍රාමික හමුදා නිලධාරීන් එම තනතුරුවලට පත් කරලා තියෙනවා. මහජන නියෝජිතයන්, පාර්ලිමේන්තුව  අද රබර් මුද්‍රාවන් බවට පත් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේ  නැති අය කැබිනට් අමාත්‍යවරුන්ට ඉහළින් ඉදගෙන තීන්දු ගන්නවා. ආණ්ඩුවට හිතවත් කීපදෙනෙක් තමයි අද රට ගැන තීරණ ගන්නේ.

සාකච්ඡාවෙන් අද කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නියෝග විතරයි දෙන්නෙ. සියල්ලටම එහෙමයි, හොඳමයි කියලා නියෝග පිළිපදින්න පුළුවන් පිරිසක් තමයි අද අමාත්‍යංශ ප්‍රධානීන් විදිහට පත් කරන්න යන්නේ. මේ රජය කොහාටද මේ රට ගෙනියන්න කියලා අපේ පුරවැසියන් හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
වයස අවුරුදු 18 ට වැඩි සෑම තරුණයකුට හමුදා පුහුණුව ලබා දීමට එක් ඇමතිවරයෙක් යෝජනා කරලා තියෙනවා.

මාර්ග අනතුරු වැඩි  වෙලා තියෙනවලු. පාරේ ගමන් කිරීමේදී විනයක් නැති බවත් ඒ විනය හැදීමට තරුණයන්ට හමුදා පුහුණුව ලබා දිය යුතු බවත් දැන් ඇමතිවරයෙක් කියනවා. කිසි පදනමක් නැති ප්‍රකාශ තමයි මේ ඇමතිවරු කරන්නේ.පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට ව්‍යාපාරය, සහ තවත් සංගම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. මේවයින් තියෙන ක්‍රියාකාරීත්වය පැත්තකට දාලා වහල් මානසිකත්වයක් ඇති තරුණ පිරිසක් බිහි කරන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ.තාර්කික බුද්ධියක් ඇති විචාරශීලී තරුණ පරපුරක් වෙනුවට යස් සර් කියලා නියෝග පිලිපදින පිරිසක් බිහි කිරීම ඔවුන්ගේ අරමුණයි.

තරුණ කැරැලි කිහිපයකට අපේ රට මුහුණ දුන්නා. සමාජ අසාධාරණකම් ඉවසන්න බැරි නිසා තමයි එවැනි කැරලිවලට ඒ පිරිස් ගියේ. අපේ මේ තරුණ ගැටළු වල රෝග නිධානයන් අමතන්නේ නැතුව තමන්ගේ න්‍යාය පත්‍ර වලට  යස් සර් කියන අවනත වෙච්ච මහල් මානසිකත්වයක් තියෙන තරුණ සමාජයක් ඇති කිරීම ආණ්ඩුවේ උත්සාහය අපි තරයේ හෙළා දකිනවා.

ඉදිරි මැතිවරණ වලදී  නාමයෝජනා ලැයිස්තු වලින්  25% ක් තරුණ පරපුරට ලබා දෙන්න  සමගි ජන බලවේගය සැලසුම් කරලා තියෙනවා. අපි තීන්දු ගන්න තැන් වල තරුණයන් සිටිය යුතුයි.මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට මුල ඉඳලම කිසිදු විද්‍යාත්මක පදනමක් තිබුණේ නැහැ. ඉදිරි දැක්මක් නැහැ.  තරඟ විභාග තුළින් ඉහළට පැමිණි රාජ්‍ය සේවකයාට අද අත් වන ඉරණම පිළිබඳව අපි කණගාටු වෙනවා.වන්දිබට්ටකම් කරන තරුණ පරපුරක් ඉදිරියේදී අපට හිමිවෙන්න පුළුවන්. මෙයට විරුද්ධව අපි සිට ගත යුතුයි.



අදහස් (15)

’එහෙමයි-හොඳමයි’ පරපුරක් බිහිකරන්න යනවා

Senarath Wednesday, 20 January 2021 10:35 AM

එහෙම පරපුරක් 2015දී හදලා නෙමෙයිද මහ බැංකුවට වැඩේ දුන්නේ? මොන නිලධාරියාද කට ඇරියේ? මහ බැංකුව තිබුණු අමාත්‍යාංශයෙනුත් ඉවත් කරගෙන නූලටම වැඩේ දුන්නා. එයට මාස කිහිපයකට පස්සේ ඒ වගේ කීප ගුණයකින් වැඩිකරලා හොරකම් කළා..

:       41       159

සෙනෙවිරත්න Wednesday, 20 January 2021 03:19 PM

දැන් තත්ත්වය වෙනස්ද? වසර 70ක් කළේ ඕක තමයි, යුග වකවානු මොකටද? අනෙක මහ බැංකුව කැඩුව කැඩුවා කියනවා මිසක් කඩපු එකෙක් නැහැනේ... එහෙම කැඩුවා නම් එකෙක් හරි ඇතුලට දමන්න එපායෑ.. මේ හමුදාවේ විනය සහිත වර්තමාන පාලක පැලැන්තිය... ඒක වෙන්නේ නැති බව අවබෝධ නොවන තාක් ඔබ කාගේ හෝ වහලෙක්...

:       1       1

දිමුත්Thursday, 21 January 2021 05:58 AM

ඉතින් දැන් ඒ හොරු ඇල්ලුවාද? තාම නැහැනේ?

:       1       2

මුණසිංහ Wednesday, 20 January 2021 10:37 AM

2015න් පස්සේ මෙයාලා කොහොමද හිටියේ? වරාය විකීණීමේ ගිවිසුම අත්සන් කරන කොට හිටියේ අන්ධයින් බීරන් වෙලාද? දැන් නින්දෙන් නැගිටලා වගේ... අපි හැමදාම ඇහැරිලා හිටියේ ඉන්නෙත් හරිද? එදාට වඩා අද තවමත් හොඳයි.

:       38       135

senaWednesday, 20 January 2021 02:30 PM

එයාලා විකිණුවේ නැව් එන්නේ නැති වරායනේ... මෙයාලා කොළඹ වරාය විකුණන්න යන්නේ..

:       0       1

Bamunuarachchi Wednesday, 20 January 2021 10:50 AM

ඔබලා එහෙමයි හොඳමයි කියා පිළිගන්න ආගමික කට්ටියක් නේද? ඔබලා ප්‍රශ්න කරනවද?

:       35       82

kamalWednesday, 20 January 2021 12:49 PM

අනේ බමුණෝ... දන්න දෙයක් කතා කරන්න. වරාය විකුණනවා. කැලේ කපනවා.

:       0       1

BamunuarachchiThursday, 21 January 2021 11:13 AM

මම උත්තර දුන්නේ මේ ගොයියා හොඳමයි, එහෙමයි කියන එක අනික් මිනිසුන්ට සමච්චල් කියලා කීවාට මොවුන් ඉපදුණු දා සිට කරන්නේ හොඳමයි, එහෙමයි කියලා තමයි. ඔබත් එහෙමයි කියා මට සිතෙනවා. නැතිනම් ආදාහනයට කැමති වෙන්න එපායැ. නේද? මේ ආණ්ඩුව නොවෙයි වරාය විකුණන්න පිටපට ගැසුවේ ඔහෙලගේ ආණ්ඩුව. එතකොට මීක් නැහැ. අර ගොයියා මුළු විල්පත්තුවම කැපුවා... එතකොට මීක් නැහැ.

:       1       0

සෙනෙවිරත්න Wednesday, 20 January 2021 03:23 PM

මෙන්න හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද හොයන 69 ලක්ෂයේ මහත්මයෙක්.., මෙතුමන් හමුදා විනය රකින කට්ටියකට රැවටුණු බව තවමත් දන්නේ නැහැ.

:       0       1

BamunuarachchiThursday, 21 January 2021 11:17 AM

ඇයි හලෝ මාසේ පෝයදාට හඳ පෙන්නන්න ලැහැස්ති වුණාම අැඟිල්ල දිහා බලන්නේ...?

:       1       0

BamunuarachchiFriday, 22 January 2021 12:17 PM

ඇයි හලෝ මාසේ පෝයදාට හඳ පෙන්නන්න ලැහැස්ති වුණාම අැඟිල්ල දිහා බලන්නේ නැතුව මුහුණ බලන්නයැ? විකාර දොඩවනවා

:       0       0

වීරවිජේ Wednesday, 20 January 2021 10:57 AM

නැතුව ඔයාලගේ යුද්දෙට ළමයි බෝකරනවා වගේ... ඩෝං ගාන පරපුරක් බිහිකරන්නද කියන්නේ...?

:       2       1

Raveendra Wednesday, 20 January 2021 11:43 AM

මල්ලියේ ඔහේගේ වැඩිහිටියන් කළ දේශපාලනෙයි, ඔහෙයි බැලුවාම වෙනස කතාවෙන්ම තේරෙනවා... ඉතින් ප්‍රේම්ගේ කාලේ ඔහේ හිටියේ කොහෙද කියලා මතක්කර ගන්නකෝ...

:       1       1

යෙසිත් බිම්සර Wednesday, 20 January 2021 12:07 PM

කතාවත් හරියට ගව ඝාතනය තහනම් කරා වගේ. මොකද ප්‍රේමලාල්ගේ කතාව යටගහන්න ඒක ගෙතුවා. මේ කතාව ගෙතුවා වරාය කේස් එක යටගහන්න...

:       0       1

සෙනෙවිරත්න Wednesday, 20 January 2021 03:26 PM

හමුදාවේ විනය තියෙනවා ලොක්කා ඉන්න වෙලාවට.., කඳවුරේදී, රටේ මංකොල්ලකෑම් වැඩිහරියකට හිටපු සෙබලුන් සම්බන්ධයි. එහෙම එකේ අනිත් කට්ටියටත් ආයුධ පුහුණුව දුන්නාම ඉතිරි ටිකත් හරි...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 26 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 488 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 685 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 273 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 267 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 683 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1412 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site