IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


එළිමහන් සතුන් වත්තක් හදන්න යන ලොකුගේට විරෝධයක්

(සුජිත් හේවාජුලිගේ )

දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ  භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට  විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දරන්නේ යැයි කියන උත්සාහයකට  සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ  දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවෙයි.

මේ අනුව මෙම ප්‍රශ්නය  දුරදිග ගියහොත් රජයට යළිත් වෘත්තීය සමිති උද්ඝෝෂණයකට හෝ  ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි  වනජීවී රාජ්‍ය අමාත්‍ය  විමලවීර දිසානායක මහතා  අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පෙන්වාදී  ඇත.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් (13 )වැනිදා  පවත්වා තිබූ අතර  එය විසඳුමකින් තොරව අවසන්වී ඇතැයි  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

එළිමහන් සත්වෝද්‍යානයක් අනිවාර්යෙන්ම එහි ඉදිකළ යුතුව බව  ලොකුගේ මහතා  එම රැස්වීමේදී අවධාරණය  කර ඇත.

ලොකුගේ මහතා  දරන්නේ යැයි කියන මෙම උත්සාහයට විරෝධය පළ කරමින් සත්වෝද්‍යාන සේවකයන්  පෝස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම පිළියන්දල  ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හිමිවූවකි. මෙහි දෙහිවල සත්වෝද්‍යානයේ  සතුන් සඳහා රෝහලක් සහ  සතුන්ට ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට  කාලයක සිට යෝජනාවී තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය නුදුරු ස්ථානයක පවතිද්දී එළිමහන් සත්වෝද්‍යානයක් මෙලෙස ඉදිකිරීම අනවශ්‍ය මෙන්ම  නිශ්ඵල ක්‍රියාවක් බවයි. 



අදහස් (18)

එළිමහන් සතුන් වත්තක් හදන්න යන ලොකුගේට විරෝධයක්

සුරලොව ඇල්මන් Saturday, 16 October 2021 11:42 AM

අක්කර 72 ක අපනයන සඳහා කර්මාන්ත පුරයක් ඇතිකිරීමෙන් රටට විදේශ විනිමය සමග රැකියා දහස් ගණනක් ඇතිකළ හැකියි. එසේ නොකර සත්තු වත්තක් හදන්නේ 69 ලක්ෂයේ සතුන්ගේ නිවාස අවශ්‍යතාව සදහාද?... කියලා හිතෙනවා

:       3       36

sisilSaturday, 16 October 2021 07:37 PM

එළිමහන් සත්තු වත්තක් හදන්න යන ලොකුගේට විරෝධයක් දක්වන්නට අවශ්‍ය තත්වයක් නොමැත. මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සිටින රජයේ සහ විපක්ෂයේ බහුතරයක් ඔවුනොවුන් හඳුන්වා ගනු ලබන්නේ සතුන්ගේ නම් වලිනි. එමනිසා ඉදිරි මැතිවරණයෙන් පසු ඔවුන් කිසිවකු පාර්ලිමේන්තුවේදී දැකිය නොහැකි වුවත් ඔවුන්ව එළිමහන් සත්වෝද්‍යානයක් තුළදී දැකිය හැකිවන ආකාරයට එය ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දරන්නේ යැයි කියන උත්සාහයකට අපේ පූර්ණ සහයෝගය දෙන්නෙමු.

:       13       15

WCA Saturday, 16 October 2021 11:58 AM

දෙහිවල සත්තු හිරවෙලා ඉන්නේ මොකා කෙරුවත් හොද වැඩක් .මේ කෑ ගහන අයට එතකොට අලින්ගේ වලිගෙ කෙදි ,කොටින්ගේ දත්, ගලවල ඒ බිස්නස් එක කරන්න බැරි වෙනවනේ.ඔය කෑ ගහන උන්ව දවසක් දෙකක් කුඩුවට දැම්මනම් හොදයි කියල මට හිතෙන්නේ .

:       7       60

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 October 2021 12:13 PM

දඩබ්බර නූගත් දේශපාලකයන් පුණරුත්තාපනය කරන්නත් එළිමහන් සත්තු වත්තේ ඉඩ ටිකක් වෙන් කරන්න පුළුවන් උනොත් හොඳයි.ලොකුගේ කියන්නේ කවදත් දඩබ්බර වැඩ කරපු දේශපාලකයෙක්.

:       42       18

චන්දන Saturday, 16 October 2021 12:30 PM

අදාල අංශය පිළිබඳව දැනුමක් ඇති අයගේ අදහස් පිළිනොගෙන මෙලෝ හසරක් නොදන්නා දේශපාලකයින් කරන වැඩ නිසා රටත් විනාශ මුඛයට යනවා...

:       39       22

mp Saturday, 16 October 2021 12:48 PM

මෙහෙමත් හරක් මොළ තියෙන අය තමයි මේ රට බාරගෙන තියෙන්නේ.. මිනිසුන්ගේ තත්ත්වය සත්තුන්ගේ තත්ත්වයට දාලා...

:       36       23

විජේ Saturday, 16 October 2021 01:33 PM

දියවන්නා සත්වෝද්‍යානය තියෙද්දි තව එකක් මොකටද කියලා හිතුනා.

:       29       26

RaveendraSaturday, 16 October 2021 04:41 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. දියවන්නාව පට්ටියේ නානාවිධ සතුන් 226ම ඉන්න එකේ මොන අටමගලක් කරන්න යනවද මන්දා...?

:       14       13

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 October 2021 01:50 PM

රටේ අභයභූමි තියෙද්දී එළිමහන් සතුන් වත්තක් කුමටද ?

:       24       14

Asanga Saturday, 16 October 2021 02:01 PM

රටට අවශ්‍ය වැඩක් කරන්න... මහජන මුදල් මෙහෙම නාස්ති නොකර...

:       4       30

Kumara Saturday, 16 October 2021 03:15 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අය දාන්න වෙන්න ඇති...

:       15       10

Lalith M Saturday, 16 October 2021 03:20 PM

ඔක්කොටම වැරදිලා. තව ටික දවසකින් ඇමැතිකමින් පන්නපුවාම ගෙදරිනුත් පන්නලා දමයි. එතකොට මෑන්ස්ට ඉන්න තැනක් තමයි ඔය හදාගන්න හදන්නේ. සප් එකක් දෙන්න ඔක්කෝමලා...

:       21       16

Nihal Saturday, 16 October 2021 04:48 PM

මෙයා කූඩුවකට දාලා එළිමහනේ තියන්නේ...

:       15       5

සුරලොව ඇල්මන් Saturday, 16 October 2021 04:54 PM

අභයභූමි ටිකත් බහුජාතික සමාගම්වලට 99 අවුරුදු බදු පදනමක් යටතේ බදු දෙන්න හදනවද?

:       21       7

ගමේ එකාලා Saturday, 16 October 2021 07:24 PM

දියවන්නාවේ ඉන්න සත්තු ටික ගාල් කරන්න නම් හොඳයි. තණකොළ වවලා, පුන්නක්කු හදන්නත් තැනක් තිබුණොත් වැඩිය හොඳයි.

:       19       6

saman Saturday, 16 October 2021 07:48 PM

ඔය සත්තු වත්තට එම්.ඕ.එච් සත්තු වත්ත කියලා නම දාමු. එහි ප්‍රධාන කුටියක් එම්.ඕ.එච් ලොක්කාගේ නිවහන ලෙස ලෑස්ති කරමු. එතකොට ඒ සත්තු වත්ත බලන්න එන ළමයි ඒක බලලා කියාවි අන්න පිළියන්දල එකම සත්තු වත්තක් කරපු සහ කෝවිඩ් පාලනය කරන හැටි සෞඛ්‍ය බලධාරින්ට කියා දීපු පරන පොර කියලා. කාටද එතකොට ආඩම්බර..?

:       13       5

Demuni Uduwara Sunday, 17 October 2021 01:40 AM

රටේ සිදුවන්නේ කුමක්ද; පාලනය කිරීමට පාලකයෙක් නැද්ද?

:       0       0

විකී Sunday, 17 October 2021 08:15 AM

අහිංසක සත්තුන්ට නිදැල්ලේ සිටිය හැකි ඒවගේ අදහසක් ඉතාම කාලෝචිතයි . ලෝකයේ බොහෝ රටවල එහෙමයි. Zoo එකේ සේවකයන්ගේ, සතුන් සම්බන්ධව තියෙන හැගීම ගැන කණගාටුයි. සතුන් කූඩුවල සිරකර නොතැබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 858 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 213 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1752 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 200 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 491 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2416 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site