IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති

(දයාරත්න ඇඹෝගම)

ඉතිහාසයේ කිසිදා නොවු විරු  අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි.

ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි.

එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ.

වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවත් මේ සම්බන්ධයෙන් අද දින සිදුකළ විමසුමේදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසිය.

බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.

“ වෙනත් දිනවල උඩරට එළවළු කිලෝ ලක්ෂයක් එක හමරක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙනවා.ඒ වුනාට අද(15) ලැබුනේ එළවළු කිලෝ හත්දහසක් වැනි ප්‍රමාණයක”.මාස තුන හතරක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වරැෂාව නිසා එළවළු වගාවන් විනාශවිම මෙම තත්වයට හේතුවි ඇතැයිද සෙනෙවිරත්න මහතා පැවසිය.

 



අදහස් (18)

එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති

කමල් Monday, 15 January 2024 10:34 PM

පුතේ එංගලන්තෙන් කැරට් කිලෝ එක 50p ඒ කියන්නේ රුපියල් 200 ක් විතර

:       16       67

සිසිර Tuesday, 16 January 2024 01:23 AM

එංගලන්තෙ ගොවියොමයි පොලේ විකුණන්නෙ. මෙහෙ අතරමැදි වෙළෙන්දෝ 900% මිල වැඩි කරනවා. අපේ ඇමති හොරු බුදි.

:       0       1

Don perea Tuesday, 16 January 2024 01:28 AM

ලොක්කා ස්විස් වල

:       0       0

අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 16 January 2024 01:32 AM

සිරි ලක දේ සිරි සැප දේ

:       0       0

Bamunuarachchi Tuesday, 16 January 2024 01:54 AM

කමල් පුතේ, ලංකාවේ එක කාලයක රාත්තල් වලින් එළවලු ගත්තේ සත ගණන් වලට. කැනඩාවේ පෝල් ගෙඩියක් CAD 4 යි රුපියල් 860 යි හරක් මස් කිලෝව CAD 30 රුපියල් 7200 යි පාන් ග්‍රෑම් 540 CAD 5 රුපියල් 1200 යි. කොන්ඩේ කපන්න CAD 30 රුපියල් 7200 පුතේ. Federal TAX 20% PROVINCIAL TAX 15% පුතේ. ඇති නේද?

:       0       1

Asa Tuesday, 16 January 2024 02:22 AM

ඒ උනාට රෙන්ට් එක පුතේ £ 1800 ක් .නිදන කාමර 2 ෆ්ලැට් එකට (මනුස්සයෙක් ගේ පඩියක් )

:       0       0

Perera Tuesday, 16 January 2024 04:45 AM

පොහොට්ටුවටයි ,ජරාපක්ෂලාටයි චන්දෙ දීපු එවුන් දැන් හොඳට සැප ගන්නවා වගේ .ගෙවපල්ලා දැන් ජරාපක්ෂලා මාටියා ගහපුවට

:       0       0

Chandima Tuesday, 16 January 2024 05:09 AM

දැම්මම දුවලා පුරුදු වෙන එක හොඳයි .චන්ද කාලෙට මන්ත්‍රීලා පස්සෙන් දුවන්නත් තියන නිසා

:       0       0

සත්‍යපාල Tuesday, 16 January 2024 07:21 AM

ලංකාවේත් ඔතරම් මිල ඉහළ යන්නේ පාරිභෝගිකයින් සූරාගෙන කන වෙළෙන්දෝ නිසා තමයි තොග වෙළෙන්ඳා අතට දාහකට ලැබුණොත් සිල්ලර වෙළෙන්දා ගන්නේ 1500 කට විතර වෙලා සිල්ලර වෙළෙන්දා තවත් 500 එකතුකර විකුණනවා... ඒක තමයි ප්‍රශ්නය අන්තිමට තැළුණු පොඩිවුණු ටික මුලින්ම විකුණා අන්තිමේ හොඳටික කුණුවෙලා විසිකර දමනවා... සාමාන්‍යයෙන් අතිවිශාල ලාභයක් ගන්න යාම හා එක් ප්‍ර්‍රදේශයක් එක මිල නිසා නගරයේ මිල වැඩිවෙනවා. සාමාන්‍යයෙන් ගමේකඩේ ටිකක් අඩුවෙන් දෙනවා කවුරු හරි කෙනෙක් එළවළු ගෙනැවිත් තමන්ට ලාභයක් තියාගෙන විකුණන්න ගත්තොත් අලුතින් පැමිණි කෙනාට නොයෙක් තර්ජන කරනවා.. මේ අතර සතිපොළ ක්‍රමය නැතුව සෑම තැනකම එළවළු විකිණීමද මෙහෙම මිල යන්න ප්‍රබල හේතුවක් වෙනවා මෙන්ම පළාත් පාලන ආයතනවල ආදායම් අඩුවීමට හේතුවක්ද වෙනවා...

:       0       3

Sumith Tuesday, 16 January 2024 08:15 AM

බොරු කියන්න එපා. සජබෙට හා සජිත්ට කඩේ ගියාට කමක් නැහැ..

:       7       0

Nimal Tuesday, 16 January 2024 09:20 AM

කැරට් ම කන්න කියලා එකක් නැහැ නේ .වෙන එළවලු කෑවම හරිනේ

:       5       6

අරවින්ද මොනරවිල Tuesday, 16 January 2024 10:53 AM

පිනා හොදටම කොරලා, රටට වෙච්ච දෙයක්.තව රතු මුහුදට නැව් යවනවා.

:       7       8

sujeewa kamburugamuwa Tuesday, 16 January 2024 01:21 PM

කටාර් වලත් උපරිම QR 3.00ක් විතර වෙන්නේ .ලංකා මුදලින් 270.00 ක් වගේ

:       0       9

fairoos Tuesday, 16 January 2024 02:03 PM

ලූනු කෑවද ,දැන් බයියන්ට සැප ද ?

:       2       13

බද්රානි Tuesday, 16 January 2024 02:27 PM

කමල් මහත්තයෝ, ඒ කියන්නේ එංගලන්තේ මිනිස්සුන්ට කාලා බීලා ඉන්න පින තියනවා.. ඒ රටේ වැටුපෙ හැටියට ආහාරවල මිල ගණන් මිනිස්සුන්ට දැනෙන්නේවත් නැහැ... සුද්දෝ උදේ ආහාරයට හැම්, බේකන් බටර් කෑල්ලක් බිත්තරයක් එක්ක කිරි වීදුරුවක් බොද්දී, මෙහෙ එවුන්ට කැඳ උගුරක් බීගන්න නැතිව කන්න නැතත්, ඉන්න රටක් හොයනවා...සුද්දෝ මස් මාළු පෙති පිටින් කද්දී, මස් ඇලජික් අපේ එවුන්, කිරිහොද්දක් සමග පාන් කෑල්ලක් ලෙව කනවා...කන්න තියන කාලේ අර දොස්චෝරාලගේ කීම් අහලා දේශීය අල වර්ග හා කැඳ වර්ග වර්ණනා කල එවුන්ට දැන් එළවලු සුප් එකක් වත් බොන්න බැරුව ලත වෙනවා...ඔහොම වෙලා මදි මෝඩ තොපිට!!!!!

:       6       17

Amara Tuesday, 16 January 2024 02:27 PM

ඒ උනාට මේවා කාබනික කැරට්

:       1       9

නොදන්නා බැවින් අසමි Tuesday, 16 January 2024 05:26 PM

එක අකැමැත්තක් ප්‍රකාශ කළ විට ඒ සමගම කැමැත්ත දක්වන ලකුණු තුනක් තිරයේ දිස්වන්නේ නූතන තාක්ෂණයේ විස්කමක් නිසාද?

:       1       1

නාමල් පුතා Tuesday, 16 January 2024 07:09 PM

මේ කියන විදියට සැපයුම අඩුවෙලා නං එලවලු මිල වැඩි උනේ ගොවියා මේ දවස් වල මාර පෝසත් වෙන්න ඕනේ විකාරනේ, මිල වැඩිවෙද්දී ඒකට බොරු ආර්ථික විද්‍යා න්‍යායක් සම්බන්ධ කරලා... ඒක නිසයි මේක වුනේ කියලා අතරමැදියා බොරු බයිලා ගහනවා තියෙන සැපයුමත් විකුණා ගන්න බැරි වුණාම කුණුවෙච්චි එළවලු විසික් කරනවා අතරමැදියාට මොකක් විසිකරත් පොරට පාඩුවක් නැහැ ඇයිද කියනවා නං පොර ගොවියාගෙන් අර එලවලු ගත්තේ අච්චර මුදලකට නොවෙන හින්දා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 321 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 236 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2908 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 818 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 258 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 642 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site