IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


එළවළු මිල දිනෙන් දින ඉහළට

(යොහාන් භාසුර)

එළවළු, කුළුබඩු, කරවල, මාළු සහ පළතුරු ඇතුළු සියලුම එදිනෙදා පාරිභෝජන භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

කරවිල කිලෝවක් රුපියල් 400 ක්, වැටකොළු, ලීක්ස්, කැරට්, පතෝල සහ බෝංචි කිලෝවක් රුපියල් 320 ක්, එළබටු කිලෝවක් රුපියල් 280 ක්, ගෝවා කිලෝවක් රුපියල් 240 ක් සහ බීට් කිලෝවක් රුපියල් 200 ක් වන ලෙස එළවළු මිල ඉහළ ගොස් තිබේ.

දෙහි කිලෝවක් රුපියල් 800 ක් දක්වා ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 500 ක් දක්වා ද, තක්කාලි කිලෝවක් රුපියල් 650 ත් 700 ත් දක්වා ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 600 ක් දක්වා ද, මිල ඉහළ ගොස් ඇත.

සිල්ලර වෙළඳුන් පවසන්නේ දෙහි කිලෝවක තොග මිල රුපියල් 700 ක් පමණ වන බවත් මිල ඉහළ යෑම නිසා ජනතාව දෙහි මිලදී නොගැනීම හේතුවෙන් ඔවුන්ට පාඩු ලැබීමට සිදු වී ඇති බවත්ය.

මීට සති දෙකකට පමණ පෙර කිලෝවක් රුපියල් 200 ක් පමණ වූ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 600 ට ආසන්න වී ඇති බවත් එම මිලට හෝ තොග වෙළඳුන් සතුව තක්කාලි මිලදී ගැනීමට නොමැති බවත් සිල්ලර වෙළෙන්දෝ වැඩිදුරටත් පවසති.

මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 102 ක් ද, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 220 ක් ද, තුනපහ කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 105 ක් ද, දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුළ වඩාත් බහුලව ආහාරයට ගන්නා හාල්මැස්සන් කරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ද සිල්ලර වෙළෙන්දෝ පවසති.

ලංකා සුපිරි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1500 ත් 1600 ත් අතර මිලක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් දෙවැනි ශේණියේ ලංකා හාල් මැස්සන් කිලෝවක් රුපියල් 1200 ත් 1300 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සිල්ලර වෙළෙන්දෝ පවසති.

කීරමින් කරවල කිලෝවක් රුපියල් 1000 ක් දක්වා ද,කට්ටා කරවල කිලෝවක් රුපියල් 1500 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවෙන් ආනයනය කරන හාල්මැස්සන් කරවල ඇතුළු කරවල වර්ග තොග නොලැබීම දේශීය කරවල මිල ඉහළ යාමට හේතු වී ඇති බව තොග වෙළෙන්දෝ කියති.

කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 240 කට, ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 100 කට සහ සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 120 කට අළෙවි වන බවත් ඇපල් ලොකු ගෙඩියක් රුපියල් 90 දක්වා ද, මිදි ග්‍රැම් 100 ක් රුපියල් 120 ක් දක්වා ද, ගස්ලබු කිලෝවක් රුපියල් 120 ක් දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බව පළතුරු වෙළෙන්දෝ පවසති.

 



අදහස් (4)

එළවළු මිල දිනෙන් දින ඉහළට

බද්රානි Thursday, 11 November 2021 10:46 PM

දේශප්‍රේමියෝ වන අපට දේශීය ආහාරවල මිල කොතරම් වැඩි වුවත් කමක් නැහැ. අනික ඉතින් දැන් අපි කාබනික ආහාරමනේ කන්නේ. ඒ නිසා මේ භාණ්ඩ වල මිල ගණන් තව වැඩි වුණාට කමක් නැහැ. ඕනෑවට වඩා කෑවාම අැඟවල් වල තෙල් දාලා දඟලනවත් වැඩියි. මොනවා වුණත් අපේ පාලකයින් සහ පූජකයින් ස්වයංපෝෂිතව ජීවත් වෙනවා දකිනවා තරම් සතුටක් කොයින්ද? අනේ අපි නම් කුහක නැහැ... හරිම හොඳයි? මෝඩ නැහැ පොඩ්ඩක්වත්...

:       0       1

Soma dubayi Friday, 12 November 2021 07:22 AM

එළවළු මිල ඔය කියන තරම් වැඩිවෙලා නෑ... වහිනකොට කොහොමත් මිල ටිකක් වැඩියි.

:       1       0

Sunil Friday, 12 November 2021 10:59 AM

අපේ රාජ්‍ය ඇමැතිතුමා කියන නිසා තව සති දෙක තුනක් ඉවසන්න... එවිට එළවලු මිල සීඝ්‍ර ලෙස පහත බසීවි.. ඒ ගොල්ලෝ කියන දේ කරනවා...

:       0       2

ප්‍රේමසිරි Friday, 12 November 2021 12:36 PM

අපි පාසල් යන කාලයේ පන්තියේ සිටි සමහර යාලුවෝ සමගි පෙරමුණු රජයේ පෙළපාලි වලට ගියා. පාසලට පැමිණි පසුව ඔවුන් මෙහෙම කිව්වේ සීනි නැතුව තේ බොන්නම්, හාල් නැතුව බත් කන්නම්... මැතිණි අපිට කියනවා නම් පිදුරු වුවත් අපි කන්නම් කියමින් පෙළපාලි ගියා කියලා පොහොර නැහැ.. වැස්ස ඉවරයක් නැහැ ඉතින් වියත්මගේ පාලනය යටතේ කන්න පිදුරුත් නැතිවෙන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1320 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2122 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4641 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 799 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1792 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23995 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site