IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


එළොව ගිහින් මෙලොව ආ ලෝරන්

(විමුක්ති එස් රුද්‍රිගු)

මියගොස් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ කාන්තාවක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගියදා වාර්තා විය.

හදවත ස්පන්දනය වීම නතර වීම හේතුවෙන් ලෝරන් කැනාඩේ නම් මෙම කාන්තාව සායනිකව මියගොස් ඇත.

විනාඩි 30 කට ආසන්න කාලයක් හදවත ස්පන්දනය වීම නතර වීම හේතුවෙන් සිහිසුන්ව සිටි තමන් හදිසි ප්‍රතිකාර ලබාදෙන නිලධාරීන්ගේ බලවත් උත්සාහයෙන් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ බව ලෝරන් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.

නමුත් තමන්ට එම සතියේ සිදුවූ කිසිම දෙයක් පිළිබඳ මතකයක් සිහිය ලැබෙන විට නොතිබූ බවද ලෝරන් ප්‍රකාශ කළාය.
පසුගිය පෙබරවාරි මාසයේදී නිවසේ සිටියේදී හදිසි හෘදයාබාධයක් ඇති වූ බවත් එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ සැමියා හදවත නතර වූ විට ලබා දෙන ප්‍රථමාධාර තමාට ලබා දීම ආරම්භ කළ බවත් වහාම ඔහු හදිසි ප්‍රතිකාර සේවයට ඇමතුමක් ලබා දී ඇති බවත් ලෝරන් පැවැසුවාය.තම හදවත නැවත පණ ගැන්වීමට හදිසි ප්‍රතිකාර ලබා දෙන නිලධාරීන්ට විනාඩි 24 ක කාලයක් ගත වූ බවත් නැවත ජීවිතය ලැබීමෙන් පසු දින නවයක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් ලෝරන් ප්‍රකාශ කළාය.
නැවත ජීවිතය ලැබෙන විට මොළයට කිසිඳු හානියක් සිදු වී නොතිබූ බවත් ජීවිතය ලැබීමෙන් පසු විනාඩි 30 කාලයක් අපස්මාරය වැළදී තමන් පීඩා විඳි බවත් ලෝරන් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.හෘදයාබාධය ඇතිවන විට තමන්ට කොවිඩ් රෝගය වැළඳී තිබූ බවත් ඉන් ඇතිවූ සංකූලතා හේතුවෙන් හෘදයාබාධය ඇති වී ඇති බව හදිසි ප්‍රතිකාර නිලධාරීන් තමාට දැනුම්දුන් බවත් ලෝරන් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

තමන් මරණාසන්න අත්දැකීමක් අත් නොවිඳි බවත් තමන් විනාඩි 24 කාලයක් මියගොස් සිටි බවත් ලෝරන් පෙන්වා දුන්නාය.



අදහස් (1)

එළොව ගිහින් මෙලොව ආ ලෝරන්

විද්‍යාව - ප්‍රඥාව - ආලෝකය Sunday, 17 December 2023 05:51 PM

පළමු ශරීරයට සහ ජීවිතයට ඇති තදබල උපාදානය හෙවත් දැඩි තණ්හාව හේතුවෙන් විඤ්ඤාණය දෙවැනි අමනුෂ්‍ය ශරීරයෙන් (දෙවැනි භවයේ) මිදී (එම ආත්මයෙන් මරණයට පත්ව) පළමුව විඤ්ඤාණය බැසගෙන තිබූ මනුෂ්‍ය ශරීරයට නැවත ඇතුළු වූ වගයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නෙළුම් කුලුණෙන් වැටී කතක් මරුට
2024 ඔක්තෝබර් මස 07 12 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 135 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 86 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 700 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 388 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1965 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site