(මුදිතා දයානන්ද)
මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර මහතා ආණ්ඩුවට එකතු වී ඇමති දූරයක් භාර ගත්තේ යැයි ද එය පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
අමරවීර මහතා ඉවත් කර හිස්වු ලේකම් දූරයට තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබීය.
මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
මෙම ප්‍රශ්නය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කිසිදු කටයුත්තක් පවත්වාගෙන යා නොහැකි ගැටලුවක් මතුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ ගණනාවක් සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරීමට යෝජනා වී තිබුණද මෙම ලේකම් ධූරයේ ගැටලුව ඊට හරස් විය. අමරවීර හා සුමතිපාල මහත්වරුන් දෙදනෙටම එම තනතුරුවලින් ඉවත් වන ලෙස දැනුම් දෙනු ලැබුවේ එම බාධාව ඉවත් කරගැනීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එ.ජ.නි.ස මහලේකම්වරු ඉවත්ව යති
B Amarasinghe Friday, 02 February 2024 03:28 AM
ඔය පක්ෂයත්, ඒ දෙදෙනත් මොනවා කරගත්තත් රටට වැඩක් නෑ