(විමුක්ති එස් රුද්‍රිගු )
ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි
තමන් අසාවත් නොමැති සමාගම් දෙකක ගණුදෙණුවක් සම්බන්ධයෙන් තම පවුලට චෝදනා එල්ල කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
යහපාලන රජය විසින් එල්ල කළ චෝදනා වලට තමන් තවමත් උසාවි යන බව ඔහු ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඒ බී සී අනාවරණයට මම ඇතුලු පවුලේ කිසිවකුත් සම්බන්ධ නෑ‘
Honda lamaya Tuesday, 03 May 2022 01:53 PM
කොච්චර අහිංසකයෙක්ද බලන්නකො
මහජනතාව Tuesday, 03 May 2022 01:54 PM
කෙහෙල් කැන කලින්ම වැට පැන්නා
Chris Tuesday, 03 May 2022 02:06 PM
යන්නේ කොහෙද ඇසුවාම මල්ලේ පොල්....
mahinda Tuesday, 03 May 2022 02:08 PM
හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කැන වැට පැනලා වගෙයි.
මහී Tuesday, 03 May 2022 02:20 PM
අපි කියන්නෙ නෑ ඔබතුමා වැරදිකරු කියල. තමන්ගේ වරදක් නැත්නම් නඩු දාල මිලියන ගානක් වන්දි ගන්න පුලුවන්නෙ
විපරමා Tuesday, 03 May 2022 02:34 PM
මෙයාලා හරිම සුද්දවන්තයෝ ? ලෝකෙම දන්නවා කරලා තියෙන දූෂණ වල තරම.
Ajith Tuesday, 03 May 2022 02:49 PM
එහෙම නම් ඕක අපිට කිය කිය ඉන්නෙ නැතුව ලොකු වන්දියක් ඉල්ලල ඵ් බී සී ඵකට විරුද්ධව ඕස්ට්‍රේලියා අධිකරණයේ නඩුවක් දාන්න.
පිටිගල මිලානෝ Tuesday, 03 May 2022 03:20 PM
පව් අහින්සකයෝ..... ඔස්ට්‍රේලියාවේ මඩ ප්‍රචාරයක් ඉරිසියාවට....
සත්‍යපාල Tuesday, 03 May 2022 03:40 PM
බබා.... තවමත් මොනවත් තේරෙන්නේ නැති බබා. පැම්පර් දාල සූප්පුව කටේ ගහල ලලබායි කියල තොටිල්ලේ නිදිකරන්න තොත්ත බබා.
මහේශ් Tuesday, 03 May 2022 03:46 PM
අනේ පව්. තොත්ත බබානේ. ඔහොම යං.
හෙණ හත Tuesday, 03 May 2022 04:06 PM
ඔයාලා කියන ඒවාවිස්වාස කරන්න අපි කොන්ඩෙ බැදලා කියලා හිතුවද?
Ranjit Tuesday, 03 May 2022 04:30 PM
ඒක නේන්නං. මේ මාධ්‍ය ආයතනය බොරු චෝදනා එල්ල කර ඇත්නම් ඒ ගොල්ලන්ට විරුද්ධව නඩුවක් දාල ඔබ තුමන්ලාගේ නිර්දෝෂී බව ලෝකයටම ඔප්පු කර පෙන්වන්නයි තියෙන්නේ. නැතුව "අදයි ඇහුවේ. අපි ඕව ගැන දන්නේ නෑ" කීවට කවුරුවත් විශ්වාස කරන එකක් නම් නැහැ. මොකද, ජනාධිපති, අගමැති හරි ඇමති පඩියකින් කරගන්න අපහසු දේවල් බොහොමයක් ඔබතුමන්ලා මේ කාලය තුල සපුරා ගෙන ඇති බව බැලූ බැල්මටම පෙනෙනවා. අඳින ඇඳුන්, බඳින ඔරලෝසු, දාන සපත්තු, ඉන්න ගෙදර දොර, යාන වාහන ගැන නොදන්නා කෙනෙක් නෑ. ඒකයි කීවේ.
Buddika Tuesday, 03 May 2022 05:03 PM
හොරාට කළින් කෙහෙල් කැන වැට පැනලා වගේ... පුහුල් හොරා කරෙන් දැනේ කියලත් කතාවක් ඇත.
Lalla Tuesday, 03 May 2022 05:23 PM
මොනවා කරලද...තියෙන වත්කම් ඉපැවූයේ කියලා රටට පැහැදිලිව පෙනෙන විදිහට කියන්න... ඔය පවුලේ කාටවත් බෑ බෑමයි.
Nuwan Tuesday, 03 May 2022 05:31 PM
ඔහේට සල්ලි දුන්නා කියල බොරු කියපු අයට විරුද්ධව උසාවි නොගියේ ඇය්? අල්ලපු වත්තේ තියාගෙන ඉන්න කෙනා ආණ්ඩුවට ගෙදර යන්න කියලා සමාජ මාද්යවල කියනකොට තාප්පෙන් එහා පැත්තට ඔලුව දාලා දෙකක් කිව්වේ නැත්තේ ඇයි? අපි නම් ඉවසන්නේ නෑ හංගන්න දෙයක් නැත්නම්...!
Nalinda Tuesday, 03 May 2022 05:35 PM
අනාවරණය වූ ගණුදෙනු ගැන දන්නේ නෑ.. නමුත් ඒවා දූෂිතයි කියලා දන්නවා..!
Niran Penfold Tuesday, 03 May 2022 07:16 PM
මම නම් මේ ගැන කලකිරීමකට පත් වුණා.
මෝ Tuesday, 03 May 2022 07:20 PM
හොරුන් කවද්ද හොරකම් කළා කියලා පිළිගත්තේ?
de silva Tuesday, 03 May 2022 08:53 PM
අනේ බබා...!
ඇන්ඩෲ ද මැල් Tuesday, 03 May 2022 09:54 PM
අනේ පව් දෙයියනේ...! ගේ පිළිකන්නේ හොරකම් කරනකොට මේ අයට නින්ද ගිහින් ඉඳලා තියෙන්නේ...
රවි Tuesday, 03 May 2022 10:01 PM
එයාලා ඔව්වට සම්බන්ධද, නැද්ද යන වග මේ රටේ මිනිස්සුන්ට කොහොමද පේන්නේ? මිනිස්සු හිටියේ මහ එකාගේ ගෝලයින් මවපු ජාතිවාදී වැඩවලට රැවටිලා අන්ධ වෙලා. සමහරුන්ට කවදාවත්ම ඕව්ව පෙනෙන එකක් නැහැ.. උපන්ගෙයි හරක්. මේ ඔක්කොම යුද්දෙ දිනපු එක තමයි මාර්කට් කරේ. තව අවුරුදු ගණනාවක් ප්‍රභාකරන්ගෙ ගේ බලන්න නන්දිකඩාල් බලන්න අපේ අය ට්‍රිප් යන කොට මෙයාලගේ පවුලේ වැඩ සොයන්න වෙලාවක් තියෙනවද අනේ?
Athula Wednesday, 04 May 2022 12:49 AM
අනේ ඔව්, දැන් සම්බන්ධකම් කියාවි ඔන්න කියලා... මේවා හෙළි කලේ 200% ක් සනාථ කරලා ...
[email protected] Wednesday, 04 May 2022 06:33 AM
හොරෙක් කවදාවත් චෝදනාවක් එල්ල කළ පමණින් "මං හොරකම් කරා" කියනවද? බිත්තියටම හේත්තු වුණොත් වෙන කරන්නම දෙයක් නැති වුණත් කියන්නේ නැතිකොට...!
Udith Wednesday, 04 May 2022 08:32 AM
මේ පොඩි බබෙක්, මොනවත්ම දන්නේ නෑ. හොරා කනවා ඇරෙන්න.
නාමල් බංඩාර Wednesday, 04 May 2022 09:38 AM
අරගල කරන කොටළුවන් විසින් නිසි පරිදි චෝදනා එල්ලකර නොමැති අතර ඔප්පු කිරීමටද හැකියාවක් නොමැති බවයි පෙනීමට ඇත්තේ. එසේම එම කොටළු පැටව් විසින් මෙතෙක්කල් විකල්පයක්ද ඉදිරිපත් කර නොමැත.
sharm warnFriday, 06 May 2022 12:45 PM
දැන් මෙතැන නඩුවක් ගොනුකෙරිලා නෑ. ඔප්පු කරගන්න බැරි පුළුවන්කම බලන්න. නම නාමල් නිසා කඩේ යනවද? නැතිනම් අනිත් කෙනා වගේම හොරට නීති උපාධිය ගත්ත ගොඩ පෙරකදෝරුවෙක්ද?
Sarath perera Wednesday, 04 May 2022 09:48 AM
තමුන්ම නේද මටත් වඩා හොරෙක් කියලා කිව්වේ... නයාගේ පැටව් නයි පැටව්ම තමයි... ලැජ්ජයි...!
sharm warn Wednesday, 04 May 2022 09:48 AM
අනේ පව් බේබි.. ඉතින් මෙතන අඳෝනා කියන්නේ නැතිව නඩුවක් දාන්නකෝ. අපහාස කළා කියලා.
Ajantha Wednesday, 04 May 2022 12:26 PM
හොරකම් කරපු කෙනෙක් කවද්ද ‘‘මම හොරකම් කළා‘‘ කියලා කියල තියෙන්නේ?
ඒ ටි අබේවර්ධන Wednesday, 04 May 2022 02:57 PM
හොරා කවදාද හොරා කියලා පිළිගත්තේ? ඇටෙන්, පොත්තෙන් තේරෙන කොටම පටන් ගත්තේ හොරකම්... දේශපාලන වශයෙන් සදහටම රජකරන්න තිබුණු පවුලක්. වංචනික හිත නිසා ලැබුණු අවස්ථාවෙන් ඵලක් ගත්තේ නෑ. වැරැදි මග තෝරා ගත්තා.. නැතිවෙලාම ගියා...
ශිරන්ති Wednesday, 04 May 2022 03:18 PM
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ! !
ප්‍රසාදිනී ලක්මාලි Saturday, 07 May 2022 09:15 AM
අනේ... ඔයාලා තමයි හොඳටම කළේ. තව කාටවත් කරන්න ඉතුරු කරලා නෑ. මොකද පමා? නඩු දාන්නකෝ...! හොරුන්ගේත් හොරු කම්බ හොරු. කරපු පාප ගෙවන්නම වෙනවා. මේ රටටම කරපු අපරාදෙට හෙනම ගහනවා. දරුවන් බඩගින්නේ... මහා එවුන් පෝලිමේ වල... මිනිස්සුන්ට රස්සාවල් නෑ. මෙහෙම වෙන්න මේ මිනිස්සු ණයටද ආණ්ඩුවෙන් කෑවේ...? නුගත් මෝඩයින් රට පාලනය කරන්න පත්කරපු ජනතාවගේ වැරැද්ද. ඒ වැරැද්ද ජනතාවම හදනවාමයි.. බලාගෙන ඉන්න..