IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඔන්ලයින් පනතට කතානායක සහතිකය

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා අද (1) සිය සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත බලාත්මක වූයේ ඒ අනුවය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය  මස 23 සහ 24 දිනවල විවාදයට ගැනිණ. පනත් කෙටුම්පත සම්මත වූයේ 24 වැනිදාය.

ඒ අනුව එම  කෙටුම්පත 2024 අංක 9 දරන  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත ලෙස බලාත්මක වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කර  සංශෝධන සහිතව ජනවාරි 09 වැනිදා සම්මතවූ  ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පතටද ජනවාරි මස  10 වැනි දින  සම්මතවූ   අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පතටද  මෙහිදී  කතානායකවරයාගේ සහතිකය හිමිවිය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත්  2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත්වලට සහතිකය සටහන් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණ දිර මහත්මියද නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානයේ නීතිඥ චමින්ද කුලරත්න, සහකාර මාලේකම් නීතිඥ හංස අබේරත්න සහ  ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ  ජනකාන්ත ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (11)

ඔන්ලයින් පනතට කතානායක සහතිකය

wedage Thursday, 01 February 2024 11:43 AM

නහයට අහන්නේ නැති කෙනෙක්

:       42       18

SAMThursday, 01 February 2024 07:37 PM

ඇමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව Meta ( FB ) ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය සහ TikTok, Snap, X සහ Discord යන සමාගම්වල ප්‍රධානීන්ද මේ අවස්ථවට පැමිණ සිටියේය

:       0       0

මහසෙන් Thursday, 01 February 2024 11:44 AM

අපේ ආන්ඩුව ක් ආවම ඔය පනත අහෝසි කරනවා= වෙන්න ජනපති සජී බබා අපේ ආන්ඩුව යටතේ ඔය පනතට අත උස්සපු ඔක්කොම හිරේ යවනවා= (දැනටමත් ජනාධිපති වෙලා ඉන්න දිසානායක මහතා) අපි වැඩ කරනේ අපිට ඕන ලෙස.පුලුවන් දෙයක් කරපල්ලා= (ආන්ඩුව ) ඕක තමා රටේ තත්වේ.පෙන්වන්නේ නාට්‍ය..

:       7       43

රටවැසියා Thursday, 01 February 2024 11:50 AM

මේ ඊනියා පනත, වැරදි ගොඩක් ඇති ඉතාම බාල වර්ගයේ රාජ්‍ය ලේඛනයක්. අද රටේ තිබෙන පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයින් රැල සහ ජනාධිපති වරයා දස බලද්දි මේ වැනි පනතක් රටේ උත්තරිතර ආයකනයේ සම්මත වීම පුදුම කාරණයක් නොවේ!

:       53       31

Kumara Thursday, 01 February 2024 12:16 PM

මෙය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙනු ඇත​. 2/3 විශේෂ බහුතරයකින් සම්මත නොවූ නිසා නිතී විරෝධී බව ඔප්පු වනු ඇත​.

:       32       22

Asanga Thursday, 01 February 2024 12:30 PM

කතානයකතුමා අයෙත් ඡන්දෙ ඉල්ලයි ද මන්ද....​

:       29       17

Dharmatileke Thursday, 01 February 2024 12:33 PM

මෙම පනතට විරුද්ධ ඉස්කෝලේ ගිය අය

:       25       16

Bamunuarachchi Friday, 02 February 2024 09:29 AM

රටේ අධ්‍යාපනය දෙන ඉස්කෝලේ ගිය අයද ජේවීපී ඉස්කෝලේ ගිය අයද?

:       0       0

duminda Thursday, 01 February 2024 02:16 PM

පනතට පක්ෂ වුණු අටයත් ඒ සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ සැමටත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් නිවන් සැප ලැබේවා...!

:       0       0

Rohana Thursday, 01 February 2024 04:35 PM

ඔය පනතට ඔන්ලයින් සුරක්ෂිතතා පනත නොකියා ‘ මාධ්‍යවල කට වැසීමේ පනත’ වශයෙන් සදහන් කලානම් වඩා නිවැරදියි.

:       0       0

විජිත් Thursday, 01 February 2024 08:58 PM

කතානායකයා හෙවත් "..... ගමේ පොලි මුදලාලි " තම " ජිවිතන්තයටම සිරදඬුවම " අත්සන්කොට පිළිගත් ආකාරය.දැන් ඉතින් චන්දෙන් පැරදිලා,ගමේ මිනිස්සුන්ට ගිනි පොලියට සල්ලි දී දී ඉන්න වෙන්නේ නැහැ, චන්දෙන් පස්සේ කෙලින්ම හිරේ !!! දැන්ම ඉඳලා ජම්පර් කිහිපයක් මහලා තියාගත්තොත් හොඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 708 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 534 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1614 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 496 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1362 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site