IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’ඔබතුමා සැරට කතා කළාට කාලය දෙන්න බෑ..’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

"ඔබතුමා සැරට කතා කළාට  මට  කාලය දෙන්න නම්  කොහෙත්ම බැහැ" යැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට  පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය අනුව පැස්කුවල් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී  විපක්ෂනායකවරයා  ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම  අදහස් දැක්වීමට  උත්සාහ දැරූ අවස්ථාවේදීය.

මෙහිදී වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් අදහස් දැක්වූ අනූප පස්කුවල් මහතා පැවසුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සමාජිකයන්ගෙන් නොවිමසා  අත්තනෝමතික තීන්දු තීරණ ගන්නා බවයි.

එම තීරණ හේතුවෙන්  තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා
සිද්ධිය පිළිබඳව විශේෂ කාරක සභාවක් පත්කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද  කියා සිටියේය.

අනූප පැස්කුවල් මහතා:

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදියට හර්ෂද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව අපට බරපතළ  ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා අපේ  වරප්‍රසාද බරපතළ ලෙස කඩ  කර තිබෙනවා. සභාපතිවරයා මුදල් කාරක සභාවේ විෂය පථයට අදාළ නොවන කරුණු විභාග කරමින්  අත්තනෝමතිකව ක්‍රියාකර තිබෙනවා. ඒ වගේම සභාපතිවරයා  කමිටු සාමාජිකයන්ගේ අදහස් විසීමකින් තොරව ඇමැතිවරයාගේ ඉල්ලීම අනුව ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව විගණකාධිපතිවරයාගෙන්  වාර්තාවක් කැඳවා වැඩිදුර විමර්ශනයක් කරලා තියෙනවා. කමිටු සමාජිකයන්ගේ මත විමසීමකින් තොරව සමාජිකයන්ගේ නම් ඇතුළත් කරමින් සභාපතිවරයාට නොමැති බලයක් ආරූඪ කරගෙන ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයන්ට දඩුවම් පමුණුවලා තියෙනවා.  රාජ්‍ය නොවන සංවිධානවල උපකාර ලබන  පර්යේෂණ ආයතන කිහිපයක් වෝටර්ස්ඒජ් හෝටලයට කැඳවා කමිටු සමාජිකයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්මන්ත්‍රණ පවත්වලා තියෙනවා. පාර්ලිමේන්තු දේපළ  අවභාවිතා කරමින්   පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ සහිත කැඳවීම් ලිපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යොමුකරලා තියෙනවා. මන්ත්‍රීවරුන්  එම හෝටලයට ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදාගෙන තියෙනවා.

කතානායක;

අපි මේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.එතනදි ප්‍රශ්නය විසඳාගන්න.

හර්ෂ ද සිල්වා මහතා-

මම පැස්කුවල් රාජ්‍ය ඇමැතිවරයගේ කතාව ඇහුවා. එහෙත් මුළු කතාවම ඇහුණේ    නැහැ. මම කරුණු තුනකට පිළිතුරු දෙන්නම්.

කතානායකවරයා-

අප ඒ ප්‍රශ්නය  වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.එතැනදී  ඒක විවාද කරාවි. කමිටුව ඉදිරියේ පිළිතුරු දෙන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදියට එතුමාට අයිතිය තිබෙනවා මේ රට බංකොළොත් වුණ ආකාරය මේ රටේ සිදුවන දූෂණ අක්‍රමිකතා ගැන  පරික්ෂා කරන්න.

කතානායකවරයා-
ඒ වුණාට දැන් ඒ ගැන කතා කරන්න  දෙන්න බැහැ. එය වරප්‍රසාද ප්‍රශ්නයක්.

මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා:

මුදල් කාරක සභාවේ සමාජිකයන් හැටියට සභාපතිවරයා සහ සාමජිකයන් මේ රටේ නීතිය, විනිවිදභාවය ආයතනවල කාර්යක්ෂමතාවය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන කොට ඒවාට සම්බන්ධ දූෂිතයන් ඒ කටයුතු වලක්වන්න, නවත්වන්න කටයුතු කරනවා.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා-

මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න කියලා ඇමැතිවරයා ලිඛිතව ඉල්ලා සිටියා. ඒ අනුව තමයි මම කතානායකවරයා හමුවෙලා ඒ පිළිබඳව උපදෙස් ලබා ගෙන කටයුතු කළේ. නැතුව මගේ හිතුමතේට, බලයක් ආරූඩ කරගෙන නෙවෙයි.  ඕනෑම පරික්ෂණයක් කරන්න. ඒකට  මම සූදානම්.

 



අදහස් (6)

’’ඔබතුමා සැරට කතා කළාට කාලය දෙන්න බෑ..’’

මරිසිපාල Friday, 07 October 2022 02:14 PM

පේනවා නේද පොහොට්ටුවෙ එවුන් විපක්ෂයට සභාපති තනතුරු දුන්නත් වැඩක් හරියට කරන්න දෙන්නෙ නැහැ කියලා හරි වැරැද්ද දකින්නට බැහැ ඉතින් ඒක තමා ඩන්බාරේ වගේ කෙනෙක් එක කමිටුවක වැඩි චන්දයෙන් සභාපති කලේ දැන් සිදුවීම් අනුව වහාම මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුවේ සිටින මැටිතුමාලා පලවාහැර රටට හිතැති පිරිසක් තෝරාගැනීමට කටයුතු කලයුතුය

:       7       24

DineshSaturday, 08 October 2022 06:50 AM

ඒත් නාමයෝජනා දෙන්නේ මේ ඉන්න කාලකණ්ණින්ටම තමයි. එතකොට අපිට වෙන්නේ හරි කෙනෙක්ව තෝරගන්න නෙවෙයි. වැරැදි අඩු කෙනෙක් තෝරගන්න. වැරැදි අඩු කෙනා පාර්ලිමේන්තු ගිහින් වැඩියෙන් වැරැදි කරනවා. කවදා හැදෙයිද අපේ රට...? 

:       0       0

Kuma Friday, 07 October 2022 02:28 PM

මුන් දෙන්නම පල් බූරුවෝ .රටේ අවාසනාව තමා

:       1       14

Bamunuarachchi Friday, 07 October 2022 04:43 PM

සැරට කතා කරන අම්මණ්ඩිලා, අයියලා මරියකඩේ කෙසෙල්වත්තේ ඉන්නවා. ඒ කතාවලට කවුද බිය...?

:       7       7

විපරමා Friday, 07 October 2022 05:20 PM

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් හොර දූෂිතයින් හරියට වැඩක් කරනවාට කැමති නැහැ. ඇත්ත තිත්තලු...

:       2       11

Nimal Friday, 07 October 2022 09:40 PM

වරප්‍රසාද කැඩුණු තොත්ත බබාලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 758 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1293 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 946 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 492 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1322 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22862 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site