(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මේ රටටත් ඇතුළුවීමට හැකියාවක් ඇති හෙයින් රටට එන සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
විදේශයන්හි සිට එන එන්නත ලබා ගත් අය පවා එසේ කොවිඩ් පරීක්ෂණවලට ලක් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් කරුණු පෙන්වාදී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එන්නත්කරණයට ලක්වූ අයටත් මෙම වයිරස ඇතුළවීමට හැකියාව තිබෙන්නේ යැයි වෛද්‍ය විශේෂඥයන් මත පළ කර ඇති බවත් මේ මොහොතේදී ජාන අනුක්‍රමණ පරීක්ෂණ සහ ආවේක්ෂණ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් දැක්වීම වැදගත් යැයි වෛද්‍ය අංශ කරුණු පෙන්වා දී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසුවේය.
වයස 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීම ගැන රජයට ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'ඔමික්‍රෝන් බරපතළයි: රටට එන සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරන්න'
මහසෙන් Monday, 29 November 2021 01:02 PM
මෙන්න මේ වෙන්න ජනාධිපති සියල්ල දත් මැතිතුමා කියන ලෙස වැඩ කරන්නකෝ...!
සලීම්Monday, 29 November 2021 01:46 PM
පිස්සු කතා කියන්න එපා...කොරෝනා මුලින්ම අපේ රටට ආපු දවසේ ඉදන් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ කියපු දේවල් අද වෙනකොට සත්‍ය වෙලා තියෙන්නේ... අපිට මතකයි ඒවාට බැනබැන ආණ්ඩුවේ ඇමතියන් පිස්සු කතා කියලා ඇනගත්ත හැටි. කිසිම හොරකමකට සම්බන්ධ නැති විපක්ෂ නායකතුමා ඊළඟ ඡන්දෙදී ඉතිහාසගත ජයක් ලබනවා ඒකාන්තයි...
HemaMonday, 29 November 2021 03:44 PM
දේශපාලනයෙන් පිට..., මේ ගැන විරුද්ධ පක්ෂයේ නායකයා නිතරම කියවනවා.
Sriland Monday, 29 November 2021 03:39 PM
බොරුව තේරුම් අරන්, හරිදේ කරපු, කියපු දවසට සජිත් මේ රටේ ජනාධිපති වෙයි.
SUNIL MILANO Monday, 29 November 2021 08:29 PM
සලීම් සහ පුතාණෝ තකට තක... මහාචාර්ය පුතාණෝ කියපු දේවල් කළානම් සලීම් දැන් එලොව...